2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

හදවත බේරාගෙන බඩ පුරවා ගන්නේ මෙහෙමයි

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 961

හදවත් රෝග අද බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ කියන හෘදයාබාධ සහ රුධිර නාල ආශ්‍රිත රෝග සඳහා බලපාන ඉතාමත් වැදගත් සාධකයක් වන්නේ අප ගන්නා ආහාරයි. පමණ දැන සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගැනීමට හුරු වීමෙන් හෘදයාබාධ රුධිරවාහිනී ආශ්‍රිත රෝග පමණක් නොව අද බහුලවම පැතිර යන පිළිකා, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩන, දියවැඩියා, ආඝාතය ඇතුළු බෝ නොවන රෝග වසංගතයෙන් බේරෙන්නට හැකියි. ඒ සඳහා තෝරා බේරාගත් ආහාරගත යුත්තේ මෙහෙමයි.

රතු පැහැ මස්

රතු මස් ආහාරයට නොගැනීම තමයි වඩාත් හොඳ. රතු මස් හැටියට හරක්මස්, ඌරු මස්, එළු මස්  ආදිය හඳුන්වන්න පුළුවනි. කෑමට ගන්නවා නම් මේවායේ ඇති මේද සහිත කොටස් ඉවත්කර සතියකට එක්වරක් පමණක් ගැනීමයි වඩාත් ආරක්ෂිත.

කුකුළු මස්

කුකුළු මස් ආහාරයට ගත යුත්තේ සතියට තුන් වතාවක් වගේ තමා.

සොසේජස්, හැම්

මේ වගේ ආහාර ඉහළ ලුණු සහ මේද සංයුතියකින් යුතු නිසා ඉතාමත් කලාතුරකින් ආහාරයට ගත යුතුයි.

මාළු: ටූනා, හුරැල්ලා, සාලයා

සාමාන්‍යයෙන් මස්වලින් ලැබෙන සෞඛ්‍යමය වාසිය ලබාගත හැකි මේදය අඩු විකල්ප සෞඛ්‍ය සම්පන්න ආහාරය හැටියට මේ මාළු වර්ග හොඳයි. ඔමේගා 3 තෙල්ද මේවායේ අතුළත්.

ඉස්සා, දැල්ලෝ, කකුළුවෝ

මේවායේ ඉහළ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් පවතියි. මේ නිසා ඉඳහිට ආහාරයට ගැනීම තමා වඩාත් හොඳ.

බටර්

බටර් දිනපතා ආහාරයට ගැනීම නුසුදුසු බවයි පෝෂණවේදීන්ගේ මතය.

මාගරින්

මාගරින් බටර්වලට වඩා හොඳයි කියලයි හිතාන ඉන්නේ. නමුත් මේවායේ සංතෘප්ත මේද අම්ල ඇතුළු අහිතකර කොලෙස්ටරෝල් අන්තර්ගතයි. මේ නිසා දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැහැ.

බිත්තර

සතියකට බිත්තර කහමද 4කට වඩා ගැනීම නරකයි. පුඩිං කේක් ඇතුළු බේකරි ආහාර වර්ගවල මේවා යහමින් අන්තර්ගතයි. ඒ නිසා එබඳු ආහාරත් පාලනය කළ යුතුයි.

පොල්තෙල්

මේවායේ මේදය ඉහළයි. පස් දෙනකුට එක පොල්ගෙඩියක් දවසකට භාවිත කිරීම සෑහෙයි.

කලින් සකස් කරන ලද ආහාර

මේවායේ අධික ලුණු සහ මේද අඩංගුයි. සෞඛ්‍යයට අහිතකරයි.

බැදපු ආහාර

ඉතාමත් කලාතුරකින් භාවිතයට ගතයුතු ආහාරයන්ය.

පළතුරු, එළවළු

වැඩිපුරම ආහාරයට එක්කරගත යුතු ආහාර වර්ග තමා මේ. හදවතට හිතකර විටමින් A,C සහ E ඇතුළු බොහෝ පෝෂණ ද්‍රව්‍ය මේ සතුයි.

විටමින් E

අලිපේර, කොළ පැහැ පලා එළවළු, බිත්තර, බටර්, මාගරින්, කජු, රටකජු ආදියේ පවතියි.

හදවත රැකගන්නට නම් ලුණු කොලෙස්ටරෝල් මේදය අඩුවෙන් පවතින සහ කෙඳිති ද්‍රව්‍ය ඉහළ ආහාර ගත යුතුයි. ඒ අතර දුම්පානය, මත්පැන් අත්හල යුතුයි. දිනපතා නිසි ව්‍යායාමවල යෙදී ක්‍රියාකාරී දවසක් ගත කළ යුතුයි. ඒ වගේම මානසික ආතතිය පීඩනය නැතිව හිත සැහැල්ලුවෙන් තබාගන්න එක වැදගත්.

 MRI News

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00