2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අමතක වෙන රෝගයට කියාපු බේත පොල්තෙල්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 423

පොල්තෙල් ගැන අසන්නට ලැබෙන අලුත්ම ආරංචිය තමා පමණ දැන භාවිතයට ගන්නා පොල්තෙල් අමතක වෙන ලෙඩේ හෙවත් අල්ෂයිමර් ඇතුළු ඩිමෙන්ෂියා රෝග වැළැක්වීමට උපකාරීවන බව. ඔක්ස්ෆර්ඩ් සරසවියේ වාර්තාවකට අනුව පොල්තෙල් සතු සෞඛ්‍යයට හිතකර ගුණාංග රැසක් ගැනම එළිදරව් වී තිබෙනවා. මේ කියන හිතකර සෞඛ්‍ය තත්ත්ව හේතුවෙන් මොළයට අවශ්‍ය පෝෂණය ලැබී එයට අහිතකර ද්‍රව්‍ය ඉවත් වීමෙන් එහි සෛල දිරාපත් වී යාම පමාකර අල්ෂයිමර් ඇතුළු ඩිමෙන්ෂියා රෝගවලින්  වැළකී සිටීමට ආධාරයක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පොල්තෙල් හදවතට හිතැති ද්‍රව්‍යයකි. අහිතකර කොලෙස්ටරෝල් නොමැති වීමත්, ඉන්සියුලින් භාවිතය සක්‍රීය කිරීමත්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ඉහළ දමා ශක්තිය වර්ධනයත් මෙන්ම ප්‍රති ඔක්සිකාරක ද්‍රව්‍යයක් සහ ස්වභාවික ප්‍රතිජීවකයක් ලෙස කටයුතු කරමින් සුවදායි සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටත් උපකාර වෙයි.

මොළයට හිතැති ද්‍රව්‍යයක් වන මේදය බිඳවැටීමේදී ප්‍රතිඵල වන කීටෝන නමැති රසායනය පොල්තෙල් තුළ අඩංගුය. මේ කියන කීටෝන වර්ධනයට කටයුතු කරමින් මොළයේ සංජානන ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගැනීමට හැකි බව ඉහත පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙයි.

මොළයේ සෛල මෙන්ම ස්නායු වටා ඇති ආවරණද තැනී ඇත්තේ මේදයෙනි. එහෙයින්  යහපත් මේදය සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි. පොල්තෙල් තුළ යහපත් මේදය අඩංගුව ඇති නිසා එය මොළයට යහපත් ලෙස බලපාන ආහාරයකි. එහෙයින්ම එමගින් මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමකින් පවත්වා ගන්නටද ආධාරකාරී වෙයි. පරීක්ෂණ වාර්තාවට අනුව ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය මනාව සක්‍රිය කරවන හෙයින් දියවැඩියාව බඳු මොළයට හානිකර ලෙස බලපාන රෝගයන්ගෙන් එය ආරක්ෂා කිරීමටද පොල්තෙල් සමත්ය. පොල්තෙල් තුළ අඩංගු කීටෝන මගින් ග්ලූකෝස් රහිත විට ස්නායු සඳහා මනා ආරක්ෂාවක්ද සැලසෙයි. එහෙයින්ම ස්නායු සෛල මියයාම වැළැකෙන අතර ඒ හේතුවෙන් ඇතිවන අල්ෂයිමර් බඳු ඩිමෙන්ෂියා රෝගවලින් ආරක්ෂාවක්ද සැලැසේ. එහෙයින්ම පොල්තෙල් ගැන අලුතෙන් හිතන්නට දැන් කාලය එළැඹ තිබේ.

Web MD

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00