2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

නිදන්ගත වකුගඩු රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 558

ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගීන් වසරකට දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය ඇමැති කියයි. ඒ අනුව දැන් වකුගඩු රෝගයද වය්‍යසන තත්ත්වයට පත්ව ඇතැයි කීම වරදක් නොවේ. වකුගඩු රෝගී නොවී යහපත්ව පවත්වාගැනීමත් රෝග ලක්ෂණ පහළවන මුල්ම අවස්ථාවේ පරික්ෂාවකට ලක්ව අවැසි ප්‍රතිකාර ගැනීමත් මඟින් ඔබට සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව උදාවේ. අපට වකුගඩු කොතරම් වැදගත්ද, වකුගඩු රෝගවලට හේතු සහ එවායින් වකුගඩු ආරක්ෂාකරගන්න හැටි ගැනයි මේ.

වකුගඩුවල ප්‍රයෝජන

• ශරීරයේ ඇති අපද්‍රව්‍ය පෙරා මුත්‍රා ලෙස බවත් කර වස විසෙන් සිරුර බේරාගන්නේය.

• රුධිර - පීඩනය නිසිමට්ටමක පවත්වා ගනියි.

• රුධිරයේ සංයුතිය පාලනය කරයි.

• අස්ථිවල සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරයි.

වකුගඩු අකරණයට හේතුව කුමක්ද?

• වසවිස සහිත කෘෂි රසායන ද්‍රව්‍ය මුසුවූ ජලය සහ ආහාර පරිභෝජනය මූළික හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පිළිගෙන තිබේ. 

• දියවැඩියාව, අධි රුධිර පීඩනය සඳහා නිසි ප්‍රතිකාර ගෙන පාලනය නොකිරීම.

• මධ්‍යසාර සහ දුම්වැටි භාවිතය.

• දිනපතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩුවීම.

• සර්පයන් දෂ්ඨ කිරීම හෝ වසවිස පානය

• මී උණ රෝගය

• වේදනා නාශක ඖෂධ අසාමාන්‍ය ලෙස අධිකව භාවිතය. 

• වෛද්‍ය උපදේශයකින් තොරව ඖෂධ ගැනීම හා විශේෂයෙන්ම අරිෂ්ඨ වර්ග ආදිය හිතුමතේ භාවිතය.
වැළකීමට මඟ

• පිරිසිදු ජලය බීමට සහ ආහාර පිසීමට භාවිතය. අඩුතරමේ වැඩිහිටියකු වතුර ලීටර 3ක්වත් අවම වශයෙන් පිරිසුදු ජලය ලබාගත යුතුය.

• ආහාර පුරුදු වෙනස් කරන්න. වකුගඩු විනාශ කරන ලුණු, තෙල්, සිනී භාවිතය අඩු කරමු.

• දුම්වැටි සහ මධ්‍යසාර අත්හරින්න.

• වේදනා නාශක හෝ වෙනත් ඕනෑම ඖෂධයක් වෛද්‍ය උපදෙස් මත පමණක්ම ගත යුතුයි.

• ආහාර පිසීමට හැකි හැමවිටම මැටි බඳුන් භාවිතය

• දියවැඩියාව යන රුධිර පීඩනය නිසිලෙස ප්‍රතිකාරයෙන් පාලනය කරගැනීම

• සර්ප දෂ්ඨයකදී හෝ වසවිස පානය කළ විටකදී වහාම රෝහලක් වෙත ගෙනයාම. 

• කෘෂි රසායන භාවිතය අත් හරිමු. 

ඒ සඳහා මුලින්ම කෘෂි රසායන භාවිතය අඩුකර ගත යුතුය. ඒ අතර කෘෂි රසායන භාවිතයේදී පහත කරුණු ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය.

1. කෘෂි රසායන භාවිතය ක්‍රමයෙන් අඩු කරන්න.

2. ඒවා සකස් කිරීමේදී සහ ඉසිමේදී මුව වැසීම, දෙපා දෑත් ආවරණ සහිතව ආරක්ෂිත ඇඳුම්වලින් අනිවාර්යයෙන්ම සැරුසෙන්න.

3. සුළඟේ දිශාවට රසායනය ඉසින්න. තමන් වෙත එන සුළඟට එරෙහිව ඉහින්න එපා.

4. කෘෂි රසායන ඉසීමේ උපකරණ එම ඇල දොළ ගංඟා හා වක්කඩ වලින් සේදීමෙන් එම ජල මූලාශ්‍ර ද දූෂණය වෙයි. ඒ නිසා එයින් වළකින්න.

5. ඉවතලන කෘෂි රසායන බෝතල් ඇතුළු ඇසුරුම් වළලා දමන්න.

6. කෘෂි රසායන ඉසිමෙන් පසු ඔබ ඉතා හොඳින් පිරිසුදු වෙන්න.

සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00