2017 ජුනි 24 වන සෙනසුරාදා

කොලෙස්ටරෝල් මර්දනයට නව එන්නතක්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

රුධිරයේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබේ. මේ වනවිට එය මිනිස් සිරුරට එන්නත් කර එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතී.

ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ. රුධිර නාල තුළ මේදය තැන්පත්වීම වළක්වාලන මෙම නව එන්නත නිපදවනු ලැබ ඇත්තේ හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්ෙය්ෂකයන් පිරිසකි.

හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිනපතා පෙති වර්ග භාවිතා කිරීම වෙනුවට වසරකට වරක් මෙම එන්නත ලබාදීමෙන් දිගුකාලීන ආරක්ෂාවක් ලබාගත හැකි බව විශ්වාසයයි. මෙම එන්නත මගින් සිදුකෙරෙන්නේ ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් වර්ගය නිපදවන PCSK9 නමැති ප්‍රෝටීනය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාදීමය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00