2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ප්‍රෙෂර් එකට නියම බෙහෙත මැන්ගුස්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 674

අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පළතුර කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ. ඒක නිසා තමයි අපි අද මැන්ගුස් ගැන කතා කරන්න හිතුවේ. ඔබ නොදන්නවා වුණාට මැන්ගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙනවා.

මැන්ගුස්වල ඇති පෝෂණ ප්‍රමාණයන්

කැලරි 63
සෝඩියම්
කැල්සියම්
පොටෑසියම්
පොස්පරස්
සින්ක්
මැග්නීසියම්
ප්‍රෝටීන්
කාබෝහයිඩ්‍රේට්
ආහාර තන්තු
විටමින් C
විටමින් B
විටමින් E

මැන්ගුස්වලින් සුවය ලැබෙන ලෙඩරෝග

මැන්ගුස් රෝග රුසකට සුවය ගෙන දෙන පළතුරකි. මෙමගින් හෘද රෝග, අධික රැධිර පීඩනය පාලනය කරනවා. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි.

• පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කරයි.
• අසාත්මිකතා වළක්වයි.
• ප්‍රදාහ නාශකයක් ලෙස ක්‍රියා කරයි.
• විෂබීජ නාශකයකි.
• මානසික රෝග පාලනය කරයි.
• ක්ෂය රෝගයටත් හොඳයි.
• දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
• උදරයේ ඇතිවන රෝග සඳහා ඉතා හොඳයි.
• එපමණක් විතරක් නොවෙයි

මාසික ඔසප් වීම ඇතිවූ අවස්ථාවලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සඳහා මැන්ගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතීසාරය රෝගීන්ට සහ මුත්‍ර දැවිල්ල ඇති  රෝගීන්ට මැන්ගුස් පොතු සහ කොළ කසාය ලෙස හදලා බොන්නත් දෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැන්ගුස් ආහාරයට ගත්තාම අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන. දැන් ඉතින් ඔයාලා දන්නවානේ මොනවගේ දේවල්වලට මැන්ගුස් හොඳයිද කියලා. ඒක නිසා මැන්ගුස් කනකොට මැන්ගුස්වල තිබෙන ගුණත් දැනගෙනම කන්න. ඒ විතරක් නෙමෙයි, තවත් කෙනෙකුටත් ඔබ දන්නා දේ කියලා දෙන්න.