2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ඔබ දැනටමත් පාර්කින්සන් ගොදුරක්ද?

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 531

ශ්‍රී ලංකාවේ ලක්ෂයකට 187ක් පමණ පර්කිසන් රෝගය වාර්තාවන බවටයි වෛද්‍ය මතය. ඉතින් ඔබටත් පාර්කින්සන් රෝගය වැළදීමේ අවදානම තිබෙනවද? නැතිනම් ඔබ දැනටමත් පාර්කින්සන් ගොදුරක් බවට පත්වෙමින් සිටිනවාද යන්න දැනගන්නට ඔබත් කැමති ඇති. බලන්න මේ පහත කියැවෙන අමුතු ලක්ෂණ ඔබටත් පහළ වෙලාද කියලා. මෙයින් එකක් හරි දක්නට ලැබෙනවා නම් වහාම ඔබ වෛද්‍යවරයකු හමුවී උපදෙස් පැතිය යුතුමයි.

වෙව්ලීම හෝ ගැස්ම

ඔබේ ඇඟිල්ලක්, විශේෂයෙන්ම මහපට ඇඟිල්ල, අත, කම්මුල හෝ තොල හදිසියේ වෙව්ලීමට ගැස්සීමකට ලක්වෙනවද? පාදවල ඇතිවන වෙව්ලීම, ගැස්සීම, පාර්කින්සන් වල මූලික ලක්ෂණයක්.

අත්අකුරු වෙනස් වීම

ඔබේ සුපුරුදු අත්අකුරු රටාව හදිසියේ වෙනස් වීමකට භාජනය වෙලාද? අත්අකුරු කුඩා වී වචන එකට ගොඩගැසී ඇති තත්ත්වයකට පත්වෙලාද? එහෙනම් එය පාර්කින්සන් ගැන තදබල අනතුරු ඇඟවීමක්. සාමාන්‍ය තත්ත්වයකදී ඇත්තටම ඔබ වයසට යනවිට අත්අකුරු වෙනස්වීම ස්වභාවිකයි. නමුත් පාර්කින්සන්වලදී මෙය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි අඩියේ සිදුවන වෙනසක්.

ගඳ සුවඳ නොදැනීම

සමහර ආහාර වර්ගවල සුවඳ දැනෙන් නෑ කියලා වැටහෙනවද? කෙසෙල් වැනි පළතුරක අච්චාරුවක් වගේ ආහාරයක ගඳ සුවඳ නොදැනේද? එසේනම් ඔබ වෛද්‍යවරයකු කරා යාම සුදුසුයි.

නින්ද අවුල්ද?

ඔබේ නින්ද අවුල්සහගතද? නින්දෙන් දඟලනවාද? අතපය ගසා දමනවද? තව කෙනෙකුට ඔබ සමඟ ඇදේ නිදාගන්න නොහැකි තරම් අතපය විසිකරනවාද? නැතිනම් බොහෝවිට නිදාගන්නේ ඇඳේ වුණාට උදේ නැගිටින විට බිමද? මේ කියන්නේ පාර්කින්සන් අවදානම ගැන තමා.

ඇවිදීම අත් පා චලනය අසීරුද?

අතපය ශරීරය තද දළ දඬු ස්වභාවයක් ඔබට දැනෙවද? නමුත් සමහර විට ඔබ ඇවිදින විට චලනය ආරම්භ කරන විට ඒ ගතිය නැතිව යනවා ඇති. ඉතින්, එසේ නොවෙනවා කියන්නේ පාර්කින්සන් අවදානම ඇතිවිය හැකි බවයි. ඔබ ඇවිදිනවිට අත්දෙක චලනය නොවී තිබෙන බව පෙනෙනවද? උරහිසේ සහ ඉඟටියේ තද බව හෝ වේදනාවක් දැනෙනවද? මේ කියන්නේ පාර්කින්සන් ගැනයි. සමහරු තමන්ගේ කකුල් පොළවට ඇලවිලා වගේ දැනෙනවා කියලත් කියනවා.

මළ බද්ධය දිගටම

දිගින් දිගටම මළ බද්ධය තත්ත්වය පාර්කින්සන් ගැන අනතුරු ඇඟවීමක් විය හැකියි. සාමාන්‍යයෙන් අවශ්‍ය තරම් ජලය සහ කෙඳිති ද්‍රව්‍ය ආහාරයට එක්කර ගන්නේ නැති වීටත් මළ බද්ධය ඇතිවෙනවා. සමහර ඖෂධ වලිනුත් මේ තත්ත්වය ඇතිවෙනවා. නමුත් ඒවාගේ සාධාරණ හේතුවක් නැතිව එන මළ බද්ධය ගැනයි මේ කියන්නේ.

කටහඬ අවුල්ද?

මම හොඳට කතා කරද්දීත් මේ අයට ඇහෙන්නේ නෑනේ කියලා හිතෙන වෙලාවල් ඇති. ඔබ සාමාන්‍ය විදියට කතාකළත් ඔබේ හඬ සිහින් දුර්වල හඬක් ලෙස පිටවෙනවා නම් එයත් පාර්කින්සන් ගැන සොයාබලන්න දෙන අනතුරු සංඥාවක්. සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන වෛරස ආසාදන නිසාත් හඬ දුර්වල වෙනවා. නමුත් ඒවා තාවකාලිකයි.

වෙස් මුහුණක් ඇන්දා වගේද?

කිසිම ගැටලුවක් තරහක් නැතිවත් බුම්බා ගත් තරහගිය තද ඇදීගිය මුහුණුවරක් නිතරම ඔබෙන් දිස් වෙනවාද? හරියට වෙස්මුහුණක් ඇන්දා වගේ මුහුණේ මාංශ පේශීන් ඉහිල්ව ලිහිල් ගතියකින් තොරව හැමවිටම දක්නට ලැබෙනවාද?
ඒ වගේම ඔබේ ඇස්වල කිසිම ප්‍රාණවත් ගතියක් හැඟීමක් නැති බවක් දිස්වෙනවාද? ඇසිපිය ගහන වේගය අඩුද එහෙනම් පාර්කින්සන් ගැන පරීක්‍ෂාව හොඳයි.

කැරකෙන ගතිය සහ කුදු ගැහීම

හිඳගෙන සිට නැගිටින හැමවිටම කැරකිල්ල වගේ විසිවෙන ගතියක් දැනෙනවාද? එය අඩු රුධිර පීඩනය ගැන අනතුරු හැඟවීමක්. එකවර හිටගන්නා විට ඉඳහිට ඇතිවෙන අසම බර බව සාමාන්‍යයක්. නමුත් දිගටම ගියොත් එය පාර්කින්සන් ගැන අනතුරු ඇඟවීමක්. පුරුදු පරිදි කෙලින් සිටගන්න අසීරුද කුදු ගැහිලා ඉදිරියට වාංගුවෙලා වගේ වෙරක් අරගෙන හිටගන්නවා නම් එය දිගටම තියනවා නම් පාර්කින්සන් ගැන වෛද්‍යවරයා එක්ක කතා කරන ඒක හොඳයි.

- ParkinsondataMed

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00