2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

බැක්ටිරීයා වෛරස් නසන දෙළුම්!

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 751

දෙළුම් ගසේ සෑම කොටසකම පාහේ ඖෂධ ගුණ අන්තර්ගතයි. දෙළුම්වල ඖෂධීය ගුණ ගතහොත් ඉන් ප්‍රධාන වන්නේ බැක්ටිරීයා නාශක ගුණයයි.

ඇස් රෝග සඳහා දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ඇස් සේදීම, තැවීම සිදු කරන්නේ මේ දෙළුම්වල ඇති බැක්ටිරියා නාශක ගුණ නිසාය. දෙළුම් යුෂ ආහාර අජීර්ණය සඳහා ගුණදායකයි. දෙළුම් යුෂයේ ඇති අනෙක් විස්මිත ගුණය නම් ශරීරගත වූ මොහොතේ සිට අනෙක් කිසිම ජීවී සෛලයකට හානි නොකර වෛරස් මර්දනය කිරීමේ හැකියාවක් පැවතීමයි. එමෙන්ම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී ද වැදගත් ඖෂධයක් ලෙස ආයුර්වේදයේදී දෙළුම් පිළිගැනේ.

එමෙන්ම දෙළුම් ආහාරයට එක්කර ගැනීමෙන් තවත් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටද හැකිය. අධික රුධිර පීඩනය සඳහාත් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව පාලනය, හෘදයේ රෝග ඇති කරන නරක එල්.ඩී.එල් කොලෙස්ටරෝල් අඩු කිරීම ද මෙමගින් සිදු කරයි. දෙළුම් ආහාරයට ගැනීමෙන් මතකය වර්ධනය වන අතර සිරුර වෙහෙසවා කටයුතු කිරීමේ හැකියාව ද ඉහළ මට්ටමක තබයි.

පලතුරු අතර සෞඛ්‍යමත් පලතුරක් ලෙස දෙළුම් හැඳින්විය හැකියි. එය අපේ පැරුන්නන් හඳුන්වන්නේ ජිවිතය රැක දෙන්න දෙවියන් දුන් තෑග්ගක් හැටියටයි. දෙළුම්වල ශරීරයට හිතකර සංයෝග රැසක් අන්තර්ගතයි. එය ආහාරයට ගැනීමෙන් බොහොමයක් රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙයි.

දෙළුම් ග්‍රෑම් 100ක ගුණ
♦ ප්‍රෝටීන් ග්‍රෑම් 1.6
♦ ජලය ග්‍රෑම් 78
♦ ශක්තිය කි. කැලරි 65
♦ මේදය ග්‍රෑම් 0.1
♦ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 14.5
♦ කැල්සියම් මිලිග්‍රෑම් 10
‍♦ පොස්පරස් මිලිග්‍රෑම් 70
♦ යකඩ මිලිග්‍රෑම් 0.3
♦ තයමින් මිලිග්‍රෑම් 60
♦ රයිබොෆ්ලෙවින් මයිකේ‍රා ග්‍රෑම් 100
♦ විටමින් සී මිලිග්‍රෑම් 16

දෙළුම් යුෂය විටමින් හා ඛනිජවලින් ‍පොහොසත් අතර ඖෂධීය ගුණයෙන් ද අනූනයි. පැසුණු දෙළුම් ගෙඩියේ මාංසලමය බිජ එලෙසම ආහාරයට ගත හැකි අතර නැතහොත් මාංසලය මිරිකා රසවත් පලතුරැ බීමක් ලෙසද සාදාගත හැකිය.

- The nutrition

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00