2020 මැයි 09 වන සෙනසුරාදා

කොරෝනා ගෙදර ගේන්නෙ නැතුව වැඩටත් යමු!

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

අපි මේ ගෙවන්නේ ගෝලීය වසංගත සමයක උච්චතම අවස්ථාවයි. අපේ රටද මේ උවදුරට ගොදුරු වී ඇති බැවින් එම තත්ත්වය පාලනය කිරීමට විවිධ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ඉතා දැඩි ලෙස අනුගමනය කරනු ලැබේ. විවිධ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ නියුතුව සිටින කාර්ය මණ්ඩලය රෝග බෝවීමේ අවදානම පසෙක තබා තම කාර්යභාර්යය වෙනදාටත් වඩා කාර්යක්ෂමව කරගෙන යාම රටක් වශයෙන් අභිමානයෙන් අගය කළ යුතුව ඇත. ඒ අතර නැවත සේවා කටයුතු ඇරැඹීමට විවිධ ආයතන සුදානම්ව සිටිති. සේවා සඳහා පිට යන උදවිය එසේ ගොස් නැවත තම වාසස්ථානයට පැමිණෙද්දී කොරෝනා වෛරසය ගෙදර ‍ගෙන ඒවිදැයි සැකයක් දැන් මතුව තිබේ. මේ නිසා කොරෝනා ගෙදර ගේන්නෙ නැතුව වැඩටත් යන හැටි ගැන සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නැවත මතක් කිරීමකි මේ.  මෙන්න කොරෝනා ගෙදර ගේන්නෙ නැතුව වැඩටත් යන විදිහ!

ගමනට අඳින ඇදුම් පැළදුම්

1. මෙම කාලය තුළ මුදු (මංගල මුදුව ඇතුළුව), කරාබු, මාල, වළලු, අත් ඔරලෝසු, බඳපටි ආදී පැළදුම් කිසිවක් නොපැළදිය යුතුය. එයට හේතුව ලෝහ මතුපිට මෙම වෛරසය දිගු කලක් සජීවීව පැවතීමයි.

2. අනිවාර්යෙන්ම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුය. එක් මුඛ ආවරණයක් පැය 4 ට වැඩි කාලයක් භාවිතා නොකළ යුතු අතර නිසි පියවර අනුගමනය කර එය පැළදීම කළ යුතුය. එනම්,

2.1. මුඛ ආවරණය පැළදීමට ප්‍රථම අත් සබන් හෝ සේදුම් දියර යොදා හොඳින් සෝදා පිරිසිදු කළ යුතුය.

2.2. මුඛ ආවරණය භාවිතා නොකළ හොඳ තත්ත්වයේ පවතින බවට සහතික කරගත යුතුය.

2.3. එක්වරක් පමණක් භාවිතා කරන මුඛ ආවරණයක් නම් එහි මෘදු යකඩ පතුර සහිත කොටස ඉහළට සිටින පරිදි හා ළා පැහැති වර්ණයෙන් යුත් පැත්ත ඇතුළට සිටින පරිදි සකසා ගෙන ප්‍රථමයෙන් ඉහළ පටිය ගැට ගැසීම හා ඉන්පසු පහළ පටිය ගැට ගැසීම කළ යුතුය. (සංයුක්ත ඇදෙන සුළු පටිය සහිත මුඛ ආවරණ කන්පෙති වටා රඳවා ගැනීම කරනු ලැබේ.)

2.4. නාසය මතුපිටට වන්නට පිහිටා ඇති මෘදු ලෝහ පතුර හොඳින් නාසයට හිරවන ලෙස නාසයේ හැඩයට සකසා ගන්නා අතර නිකට වැසෙන පරිදි යට කොටස සකසා ගත යුතුය.

3. මුඛ ආවරණය කිසිම හේතුවක් නිසා අතින් ඇල්ලීම නොකළ යුතුය.

4. මුඛ ආවරණය ඉවත් කිරීමේ දී පහත පියවර අනුගමනය කළ යුතුය.

4.1. මුඛ ආවරණයේ පහළ පටිය ප්‍රථමයෙන් ගැටය ඉවත් කළ යුතුය. (සංයුක්ත ඇදෙන සුළු පටිය සහිත මුඛ ආවරණ අත් දෙකේ ඇඟිලි යොදා ගෙන එකවර කන්පෙතිවලින් ඉවත් කළ යුතුය.)

4.2. ඉන්පසු උඩ පටියේ ගැටය ඉවත් කර ශරීරයේ ස්පර්ෂ නොවන පරිදි ගලවා ඉවත් කළ යුතුය.

4.3. නැවත භාවිතා නොකරන මුඛආවරණ අනිවාර්යෙන්ම පියන වැසිය හැකි කසළ බඳුනකට දමා වැසීම කළ යුතුය.

4.4. නැවත භාවිතා කළ හැකි මුඛ ආවරණ ඒ සඳහා වෙන්වූ පොලිතීන් අසුරණයකට බහා සීල් කළ යුතුය. (පසුව නිසි ක්‍රමවේදයකට අනුව විෂබීජ නාශක යොදා පිරිසිදු කර දැඩි අව්වේ වියළා ගැනීම කළ යුතුය.)

4.5. අත් සබන් හෝ සේදුම් දියර යොදා නිසිපරිදි සෝදා පිරිසිදු කළ යුතුය.

පෞද්ගලික සනීපාරක්ෂාව

5. ඔබ අනවශ්‍ය කිසිම පෘෂ්ඨයක් ස්පර්ෂ නොකළ යුතුය.

6. යම් පෘෂ්ඨයක් ස්පර්ෂ කිරීමට සිදු වූයේ නම් අත් සබන් හෝ සේදුම් දියර යොදා හොඳින් සෝදා පිරිසිදු කළ යුතුය.

7. අත් සෑම විනාඩි 10 ට වරක් පිරිසිදු කළ යුතුය.

8. කෙළ, සෙම්, සොටු තැන තැන බැහැර කිරීම නොකළ යුතුය.

9. අපිරිසිදු දෑතින් කිසිවිටකත් නාසය, මුඛය හා ඇස් ඇල්ලීම නොකළ යුතුය.

10. නාසය, මුඛය හා ඇස් ඇල්ලීම කළ සෑම අවස්ථාවකම නිසි ක්‍රමවේදයට අනුව අත් සේදීම සිදු කළ යුතුය.

යාන වාහන භාවිතය

11. තම පෞද්ගලික වාහනයක් පවතී නම් එය භාවිතා කිරීම ඉතාමත් යෝග්‍ය වේ. 12. එය නිරන්තරයෙන් විෂබීජ නාශනය කිරීම සිදු කළ යුතුය. බාහිර කිසිවෙක් එයට ඇතුළු වීම වළැක්විය යුතුය. 13. ‌කාර්යාල හා පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්නේ නම් විෂබීජහරණය කර ඇති බවට තහවුරු කරගත යුතුය. 14. නිසි දුර පවත්වා ගැනීම හා සියළු දෙනාම මුඛ ආවරණ පැළඳ සිටීම අත්‍යාවශ්‍ය වේ. 15. වායු සමනය කර නොතිබීම වැදගත් බව සලකන්න. 16. වාහනයට ඇතුළු වීමට පෙර හා වාහනයෙන් බැසීමෙන් පසු අනිවාර්යෙන්ම විෂබීජනාෂක යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය. 17. විෂබීජනාෂක දියර නිරන්තරයෙන් තමා සන්තකයේ තබා ගැනීම ඉතාම වැදගත් වේ.

නිවසට රැගෙන එන දෑ

18. බාහිරට ගොස් නිවසට පැමිණීමේදී රුගෙන එන බඩු බාහිරාදිය එකවර නිවස තුළට ගෙන ඒම නොකළ යුතුය. ඒවා නිවැසියන්ට විෂබීජහරණය නොකර ස්පර්ෂ කිරීමට අවස්ථාව නොදිය යුතුය. 19. නිවසට ඇතුළුවීමට ප්‍රථම පාවහන් ගලවා ආරක්ෂිත ස්ථානයක තැබීමට වගබලා ගත යුතුය. ඒවා සෝදා පිරිසිදු කළ හැකිනම් එසේ කළ යුතුය. නැතිනම් 70% වැඩි ඇල්කොහොල් මිශ්‍රණයකින් සෝදා පිරිසිදු කළ යුතුය. 20. නිවසෙන් බාහිරව ස්නානය කර පිරිසිදු වීමට ස්ථානයක් සකසා ගැනීම කළ හැකි නම් වඩා උචිත වනු ඇත. 21. තමා ඇඳ සිටි වස්ත්‍ර ඉවත්කර සේදුම් යන්ත්‍රයට හෝ බහාලුම්වලට තමන් විසින්ම දමා වැසීම කළ යුතුය. 22. ඉන්පසු සබන් යොදා හෝ ආරක්ෂිත දියර මගින් ස්නානය කර පිරිසිදු විය යුතුය. 23. නිවසට ඇතුළුවීමට ප්‍රථම මඳ උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් දමා හෝ ඖෂධීය දියරයක් මගින් මුඛය තුළ හා උගුර පිරිසිදු කිරීම කළ යුතුය. දිනකට දෙතුන් වරක් මෙය සිදුකිරීම යෝග්‍ය වේ. 24. බැහැර යාමට ප්‍රථම හා බැහැර ගොස් පැමිණි පසු පිරිසිදු පොල් තෙල්, තල තෙල් හෝ නිර්දේශිත ඖෂධීය තෙල් වර්ගයකින් බිංදු දෙකක් බැගින් නාස් පුඬු දෙකට වෙන වෙනම ඉරීම හෝ ආලේප කිරීම යෝග්‍ය බව වෛද්‍ය මතය වේ.

නිසි ක්‍රමවේදයට අනුව අත් සේදීම

25. අත් සේදීමේ පියවර;

25.1. අත් දෙකම හොඳින් තෙත් කර ගන්න. (මෙයට ස්වයංක්‍රීය හෝ පයින් පාගන කරාමයක් සහිත ජල සැපයුමක් ඉතාමත් උචිත වන අතර එසේ නොවන්නේ නම් කරාමය සබන් යොදා සේදීම ප්‍රථමයෙන්ම සිදුකළ යුතුය.

25.2. දියර සබන්/සබන් ස්වල්පයක් ගන්න.

25.3. අත් දෙකේම ඇතුල් පැත්තේ හොඳින් අතුල්ලන්න.

25.4. ඇඟිලි අතර හොඳින් අතුල්ලන්න.

25.5. දෑත් පිටුපස හොඳින් අතුල්ලන්න.

25.6. මහපට ඇඟිල්ලේ ඇතුල් ප්‍රදේශය හොඳින් අතුල්ලන්න.

25.7. ඇඟිළි පිටුපස හොඳින් අතුල්ලන්න.

25.8. ඇඟිළි තුඩු හා නියපොතු හොඳින් අතුල්ලන්න.

25.9. අත් දෙකේම මැණික් කටුව ප්‍රදේශය හොඳින් අතුල්ලන්න.

25.10. අත් දෙකම හොඳින් සෝදන්න.

25.11. අත් දෙකම හොඳින් වියළා ගන්න.

නිවසේ දෑ පරිහරණය

26. පොදුවේ භාවිතා කරන නාන කාමර තම පරිහරණයෙන් පසුව නිසි පරිදි සෝදා පිරිසිදු කිරීම කළ යුතුය.

27. ජල කරාම, දොර අගුල් ස්පර්ෂයෙන් පසුව සබන් යොදා හෝ 70% වැඩි ඇල්කොහොල් මිශ්‍රණයකින් සෝදා පිරිසිදු කළ යුතුය.

28. පිරිසිදු කහ හා දෙහි යුෂ මිශ්‍ර දියර ඉස නිවස පිරිසිදු කළ යුතුය.

29. දිනකට දෙවරක් නිවස තුළ හා නිවස අවට විෂබීජ නාශක ධූමයක් මගින් ධූමකරණය කළ යුතුය. (මෙයට කොහොඹ කොළ, යකිනාරං කොළ, දෙහි කොළ, දිවුල් කොළ, කුරැඳු කොළ, හල්දුම්මල, අඟිල්, ගුගුල්, වඳකහ වැනි විෂබීජනාශක ගුණ සහිත ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් වියළා කුඩුකර රක්තතප්ත වන තුරු / දුම් නොනගින තෙක් පුළුස්සාගත් පොල්කටු අඟුරට කුඩු ස්වල්පයක් දමා නිවස තුළ හා අවට දවසට දෙවරක් හොඳින් දුම් අල්ලන්න.)

30. නිවසේ පොදුවේ භාවිතා කරණ විදුලි ස්විච්, යන්ත්‍ර, උපකරණ ස්පර්ෂ කිරීම අවම කළ යුතු අතර ඒවා ස්පර්ෂ කිරීමට පෙර සෑම අවස්ථාවකම නිසි ක්‍රමවේදයට අනුව අත් සේදීම සිදු කළ යුතුය.

31. තමන්ට වෙන්වූ කාමරයක් පවතී නම් එය ඉතාමත් යෝග්‍ය වනු ඇත.

32. පොදුවේ සයන භාවිතා කිරීම නොකළ යුතුය.

33. නිවස තුළද පුද්ගල දුරස්ථ බව පවත්වා ගත යුතුය.

34. කුඩා දරුවන්, වයෝවෘද්ධ දෙමාපියන්, කාලීන රෝගවලින් පෙළෙන නිවැසියන්, ගර්භණී මව්වරු සමීපයට යාම හෝ ලංකර ගැනීම නොකළ යුතුය.

35. වස්ත්‍ර තමන් විසින්ම සෝදා පිරිසිදු කර තද අව්වේ වියළීම සිදු කළ යුතුය. ඒවා රත්වූ ඉස්ත්‍රික්කයෙන් මැද නැවත භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. ශරීරය ආවරණය වන සරල වස්ත්‍ර ඇඳීම ඉතාමත් සුදුසු වේ.

36. තමන්ටම වෙන්වූ තුවා, ඇඳ ඇතිරිලි, කොට්ටඋර භාවිතයට කටයුතු කළ යුතුය.

37. ආහාර ලබා ගන්නා පිඟන්, කෝප්ප හවුලේ භාවිතා නොකළ යුතු අතර ඒවා පිරිසිදු කිරීමද තමන් විසින්ම සිදු කළ යුතුය.

38. තමන් ගෙන ඉතිරි වූ ආහාර අන් අයට ගැනීමට හෝ ස්පර්ෂ වීමට නොතැබිය යුතුය.

39. පානීය ජලය ලබා ගැනීම සඳහා පොදුවේ වතුර බොතල් හෝ බඳුන් භාවිතා නොකළ යුතුය.

සේවාස්ථානයන්හි දී

40. සේවා ස්ථානයේදී කාර්යමණ්ඩලය හා ගනුදෙනුකරැවන් විසින් සේවා ස්ථානයට ඇතුළු වීමට පෙර දෑත් පිරිසිදු කිරීම අනිවාර්ය කළ යුතුය.

41. මතුපිට පෘෂ්ඨ (උදා: මේස, පුටු, ලිපිගොනු) සහ වස්තූන් නිතිපතා විෂබීජ නාශනය කිරීම කළ යුතුය.

42. දුරකථන, යතුරුපුවරු, ටෙලර් යන්ත්‍ර, ඇඟිළි සළකුණු යන්ත්‍ර, දොර කොකු, නිතිපතා විෂබීජ නාශනය කිරීම කළ යුතුය.

43. දොර ජනෙල් හැකි සෑම අවස්ථාවකම විවෘතව තැබිය යුතුය.

44. ඔබ, රෝගීන් සමඟ ගැටෙන හෝ ඔවුන් ස්පර්ශ කරන උපස්ථායකයින්, හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩලවල රාජකාරි කරන අයෙක් නම් රාජකාරී කාලය අතරතුර බාහිර පරිසරයට නිරාවරණය වීම නොකළ කළ යුතුය.

45. සෑ  නම් තමන්ටම වෙන්වූ කොප්ප භාවිතා කිරීම ඉතා වැදගත් වන අතර ඒවා තමන් විසින්ම පිරිසිදු කිරීම කළ යුතුය.

48. ආහාර පිස ලබාගන්නා ආයතනයන්හි ඒ පිළිබඳ විශේෂ නිර්ණායක ඉදිරිපත් කළ යුතු අතර අමුවෙන් හා නිවුණු පසු ලබා ගන්නා ආහාර භාවිතය අවම කළ යුතුය.

ස්වයං නිරෝධායනය

55. Covid-19 වෛරසය සහිත රෝගීන්ට නිරාවරණය වූවන් අනිවාර්ය දින 21ක නිරෝධායන කාලයකට යටත් විය යුතුය.

56. ප්‍රතිශ්‍යා, උණ (37.3 oC හෝ ඊට වැඩි), කැස්ස හා උගුර කැසීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔබ නිවසෙන් බැහැර නොයා අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම කළ යුතුය. මෙහිදී මෘදු රෝග ලක්ෂණ පිළිබඳවද අවධානය යොමුකළ යුතුය. දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය මැනබැලීම කළ යුතුය.

57. රජය විසින් ලබාදෙන උපදෙස් හා නිර්ණායක පිළිබඳ නිරන්තර අවධානය යොමුකළ යුතු අතර අනිවාර්යෙන් ම ඒවා පිළිපැදීම සිදු කළ යුතුය.
                                                                                     - 
 ආයූ/සෞඛ්‍ය උපදෙස්