2020 මාර්තු 07 වන සෙනසුරාදා

අමුතු දරුවන් හදන ඩවුන්ස් රෝගය!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 820

ජානමය ගැටලුකාරී තත්ත්වයක් මත ඇති වන මන්ද මානසික තත්ත්වයක් විදිහට ඩවුන්ස් සහ ලක්ෂණය හඳුන්වන්න පුළුවන්. කලලය විකසනය වන අවස්ථාවේදී වර්ණ දේහ වැඩි හෝ අඩු වශයෙන් බෙදීම මෙයට හේතු වෙනවා. ලොව දැනට බහුල මන්ද මානසික තත්ත්වයක් විදිහට මෙය හැඳින්විය හැකියි.

දෙමාපියන්ගේ ශරීර තුළ ජන්මානු නිපදවීමේදී ඇති වන දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයේදී එයට අදාළ වූ විශේෂ ලක්ෂණ හට ගන්නේ 21 වැනි වර්ණ දේහය ‍ආශ්‍රීතවය.
මෙවැනි දරැවන්ගේ මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගන්නා නිසා මොවුන් වයස අවුරුදු පහලොවක් විස්සක් වුවත් ඔවුන්නේ මානසික ක්‍රියාකාරීත්වය වයස අවුරුදු පහක පමණ දරුවකුගේ ආකාරයක් ගන්නවා.

ඩවුන්ස් සහ ලක්ෂණයට පත් වූ දරුවන්ට යමක් ඉගෙනීමේ ඇති නොහැකියාව (learning difficulties) මූලිකව ඇති නමුත් සෞන්දර්ය විෂයයන් කෙරේ දැඩි ඇල්ම මෙන්ම හැකියාවකින් ද (නිරෝගී දරුවකු හා සමානවම නොවේ) යුක්තයි.

ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුව්කු‍ පෙන්නුම් කරන ලක්‍ෂණ

මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගනී.

මුහුණෙන් අසාමාන්‍ය බවක් පෙන්වයි.

පැතලි නාසය.

උඩු අතට ඇලට පිහිටි ඇස්/ කුඩා නැමුණු කන්.
අතේ සුලැඟිල්ල කෙටියි, පළලින් වැඩියි.
පාදයේ පළවෙනි සහ දෙවැනි ඇඟිලි දුරින් පිහිටයි.
අත්ල හරහා තනි රේඛාවක් පමණක් ඇත.
විවර වූ මුව (දිව පිටතට පැමිණ තිබේ).
කෙටි හා පළල් ගෙල.

ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයට පත් වූ දරුවකුට ඇතිවිය හැකි වෙනත් ආබාධ මොනවාද? මානසික ආබාධ තත්ත්වයට අමතරව තවත් කායික රෝග තත්ත්වයන්ද මෙවැනි දරුවන් පෙන්නුම් කරනවා.

හෘදය ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්ව.
ඩිමෙන්ෂියා.
දරැවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාවේ දුර්වලතා.
වියළි සම.
ශ්‍රවණ ආබාධ.
දෘෂ්‍ය ආබාධ.
තෛයිරොයිඩ් ආබාධ.
ආමාශය/ බඩවැල් ආශ්‍රිත ගැටලු.

ඩවුන්ස් සහලක්ෂණය සහිත දරුවෙක් ඉපදීමට අවදානම ඇත්තේ කුමන තත්ත්වවල සිටින මව්වරුන්ටද?

මව අවුරුදු 35ට වඩා වැඩි හෝ 25ට අඩු නම් (ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුවකු බිහිවීමට ඇකි අවදානම 700ට 1යි).

පෙර ගැබිනි අවස්ථාවලදී වර්ණදේහ අසාමාන්‍යතා ඇති දරු උපතක් සිදුකළ මව්වරුන්.

පළමු ත්‍රෛමාසික පරීක්‍ෂණවලින් අසාමාන්‍ය ප්‍රවණතාවය වැඩි දරුවකු පිළිසිඳි බවට හඳුනා ගත් මව්වරු.

නල දරැ තාක්‍ෂණය හෝ දායක ඩිම්බ තුළින් ගැබ් ගත් මව්වරුන්.

ගැබිනි මවකට ලැබෙන්න ඉන්න දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවකු ද යන්න ප්‍රසූතියට පෙර දැනගන්න හැකියාවක් නැද්ද?

මේ සඳහා අද වනවිට NIPT රැධිර පරීක්ෂණය ලංකාවේදීත් සිදු කෙරෙනවා. ඒ හරහා මේ තත්ත්වය හඳුනා ගැනීමට විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම NIPT පරීක්ෂණය තරම් නොවණත් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් යම්තාක් දුරකට මෙවැනි තත්ත්වයන්ට ඇති අවධානම හඳුනා ගත හැකියි.

- WebMD