2020 ජනවාරි 25 වන සෙනසුරාදා

කොම්පියුටරේ දාන ලෙඩ ගොඩක්!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 393

අද එදිනෙදා ජීවිතයේ දී බොහොමයක් දෙනාට නැතිවම බැරි උපකරණයකි පරිගණකය. නමුත් ඔබ දන්නවාද? බෙල්ලේ වේදනාව, කොඳුඇට පෙළේ සහ කොන්දේ කැක්කුම්, බෙල්ල සමඟ අත්වල ඇතිවන වේදනාව, අත දිගේ විදුලියක් වගේ වේදනාව දුවනවා දැනීම, ඇඟිලි හිරිවැටීම වැනි රෝග රැසක් සමාජයේ බහුලව වාර්තා වීමට පරිගණකය හේතු වී තිබෙන බව.

මේ රෝග බොහෝමයක් සඳහා හේතු වී ඇත්තේ පරිගණක භාවිතයේ දී අපි නිසි ශාරීරික ඉරියව් නොපැවැත්වීමයි.

නිවැරදි ආකාරයට පරිගණක මේසය මත පරිගණකය ස්ථානගත කර නොගැනීම, සුදුසු ඉරියව්වෙන් වාඩිනොවීම, ගෙල නවා, කොන්ද නවා වැඩි පීඩනයක් බෙල්ල කොන්ද කොඳුඇට පෙළ වෙත වැටෙන ආකාරයට සිටීම මෙන්ම, පරිගණක යතුරු පුවරුව, මවුසය භාවිතයේ දී නිවැරුදි ආකාරයට අත තබා නොගැනීම නිසා බොහෝ වේදනා කැක්කුම්, දීර්ඝකාලීන ස්නායු ආබාධ ඇතිවිය හැකියි. පරිගණකය ඉදිරියේ ගෙල නවාගෙන සිටීමෙන් සිදුවන්නේ ස්නායුක තෙරපීමක් ඇතිවීමයි. මේ තෙරපීම හේතුවෙන් අත හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවිය හැකියි.

එසේත් නැතිනම් අත දිගේ දිවයන මාංශපේශිවල දරුණු වේදනාවක් ලෙස මෙය ප්‍රතිඵල විය හැකියි. පේශි සිහින් වීම, උරහිසේ පේශි දියවීම වැනි දරුණු රෝග තත්ත්ව මේ නිසා පසුකාලීනව ඇතිවිය හැකියි.

පරිගණකයේ වැඩ කළ යුත්තේ හිස නවාගෙන නොවේ, හිස ඍජුව තබාගෙනයි. අපේ ඇස් මට්ටමට කී බෝඩ් එක තබාගත යුතුයි. (රූපසටහන් බලන්න.) එවිට අමතර බරක් වෙහෙසක් යොදා හිස නවන්නට සිදුවන්නේ නැත. නිවැරැදි ඍජු ඉරියව් භාවිතය මගින් පමණක් ඉහත කී රෝගාබාධ රැසක්ම වළක්වා ගන්නට හැකියි. කොන්ද උකුල් ඇටය ආසන්නයෙන් මෙන්ම, දණහිස සහ වළලුකර ආශ්‍රිත සන්ධි සැමවිටම අංශක 90ට තබාගත යුතුයි.

පරිගණක නිසා බහුලව හානියට පත්වන්නේ ඇස් දෙකයි. එකදිගට පරිගණක දෙස බලා සිටීම නිසා ඇස් වියළීමත් ඇසේ පේශි තදවීමත්, අධික ආලෝකය හේතුවෙන් ඇතිවන පීඩාවත් නිසා ඇසට වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙයි. මේ නිසා ඇස් වියළීම, ඇස් දැවිල්ල, හිසේ වේදනාව බහුලව වාර්තා වන අතර පෙනීම දුර්වල වීමට ද එය හේතුවකි. මේ නිසා එකදිගටම පරිගණකය දෙස බලා නොසිට තමන්ගේ ඇස වරින් වර ඈත බිත්තියක් දෙස හැරවීම බඳු වෙනස් ඉලක්කයකට යොමු කළ යුතුයි. ඇසට හිතකර විටමින් A හා D ඇතුළත් මෝරතෙල් පෙති භාවිතය මගින් ඇසේ සෞඛ්‍ය රැකගැනීමට හැකි වෙයි.

-Web MD

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00