2019 ජුනි 22 වන සෙනසුරාදා

කකුලේ වේදනාව නසන ව්‍යායාම

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 623

ටිකක් වැඩි දුර ඇවිද්දම, වෙනදට වඩා මහන්සි වෙන්න වුණාම දණහිසේ, යටි පතුලේ, උකුලේ වේදනාවන් ඇති වෙන අවස්ථා එමටයි. ඒ වේදනාවන් සමනය කර ගැනීම වෙනුවෙන් ගොඩක් දෙනා කරන්නේ නිදාගන්න එකයි. ඒත් ඒ වේදනාවන් ඉක්මනින්ම සමනය කර ගන්න පුංචි ව්‍යායාම කීපයක් කරන්නත් පුළුවන්.

විලුඹ එසවීම

යමක් අල්ලාගෙන සිටගන්න. එක පාදයක් පසුපසට ඔසවන්න. අනිත් පාදයේ විලුඹ සෙමින් ඔසවා ඇඟිලි තුඩුවලින් සිට ගන්න. එක පාදයකට 10 - 15 බැගින් පාද දෙකටම මෙම ව්‍යායාමය සිදු කරන්න.

ඇඟිලි තුඩුවලින් ඇවිදීම

මිනිත්තු 5 - 15ත් අතර කාලයක් ඇඟිලි තුඩුවලින් එහා මෙහා ඇවිදින්න. දෙපයේ වේදනාවන් දුරු වීමට එය සුදුසුම ව්‍යායාමයක්.

වළලුකර කරකැවීම

පුටුවක වාදී වී පාදය ඉදිරියට දිගු වන සේ ඔසවන්න. ඉන්පසුව ඉතා සෙමින් වළලුකර රවුමට කරකවන්න. එක පාදයකට 10 බැගින් කරන්න.

පටියක් ආධාරයෙන් ව්‍යායාම කිරීම

ඇදෙන පටියක් සවිමත් තැනක ගැට ගසන්න. ඉන්පසුව බිම දිගා වී රූපයේ දැක්වෙන පරිදි සිදු කරන්න. මෙය එක පාදයකට 10 බැගින් දෙපයටම සිදු කරන්න.

ඇඟිලි භාවිතා කර ක්‍රීඩා කිරීම

බිමට තුවායක් වැනි රෙද්දක් දමා, පාදයේ ඇඟිලිවලින් එය ඇදගෙන යන්න. බිමට කුඩා ගල් කැට කීපයක් දමා පා ඇඟිලිවලින් ඒවා රැගෙන බාස්කට් එකකට දමන්න.

ටෙනිස් බෝලයක් ආධාරයෙන් ව්‍යායාම කිරීම

පුටුවක වාඩි වී, ටෙනිස් බෝලයක් බිම තබන්න. ඉන් පසුව යටි පතුලේ සිට ඇඟිලි දක්වා එය එහා මෙහා කරන්න. එය දෙපයට හොඳ සම්බාහනයක් වනු ඇත.

- සුගත්