2019 මැයි 18 වන සෙනසුරාදා

ලෙඩ නැති කරන ආහාර පුරුදු

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 635

සිරුරක හැඩය වගේම නිරෝගීතාවය ආරක්ෂා කර ගැනීමට නම් අනවශ්‍ය මහත දෙහෙත අඩුකර ගත යුතුයි. මේ වෙනුවෙන් බලපාන හේතූන් කිහිපයක්ම තිබෙනවා. ඒ සඳහා මූලිකවම වැදගත් වන්නේ ආහාරයි. නමුත් ඔබ ආහාර ගැනීමේදී ප්‍රමාණය ගැන විතරක් සලකා බැහැ. එහිදී සැලකිය යුතු අනෙකුත් වැදගත් කරැණු ගැනයි මේ.

ආහාර ලබාගන්නා වේලාව
අද බොහෝ දෙනාගේ ආහාර ගන්නා කාලවේලාව වෙනස්ව තිබෙනවා. අනේ අපිට කන්න බොන්නවත් වෙලාවක් නැහැ කියන මේ අය උදේ ආහාරය ගන්නේ ‍පෙරවරු එකොළහට පමණ. එයින් පසුව දිවා ආහාරය තවත් පස්සට ඇදෙනවා. මේ තත්ත්වය නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵලය ගැන මඳකටවත් ඔබ තක්සේරු නොකළා විය හැකියි. සාමාන්‍යයෙන් උදේ 7ට පමණ ආහාර ගැනීම සුදුසුයි. උදේට රජෙක් වගෙ ආහාර ගැනීමට උපදෙස් දෙන්නෙත් ඒ නිසයි. දරුවන්ට වුණත් උදේ ආහාරය වැදගත් වෙන්නේ අධ්‍යාපනයට අවශ්‍ය උනන්දුව, ධාරණය වෙනුවෙන් උදේ ආහාරය ඉතා වැදගත් නිසයි. රාත්‍රී ආහාරය දහනය වීමක් සිදු නොවෙන නිසා රාත්‍රී ආහාරය බොහොම සැහැල්ලු විය යුතුයි.

ආහාරවල විවිධත්වය
ඔබේ ආහාරවේල ඒකාකාර රටාවකින් යුක්තව විවිධත්ව‍කයෙන් සකසාගන්න. එහි කාබොහයිඩ්‍රේට මෙන්ම මේදය, ප්‍රෝටීන්, යකඩ සහ වෙනත් ඛණිජ ලවණ අන්තර්ගත වන සේ පිළියෙළ කරගන්න. බොහෝදෙනා පිළියෙල කිරීමේ පහසුව නිසා අර්තාපල් වැනි අලවර්ග වෙනුවෙන් විශේෂත්වය ලබාදෙනවා. මැල්ලුම් කපන්න ඇති අපහසුව යැයි කියමින් ආහාර වේලට මැල්ලුමක් එක් කර ගැනීම බොහෝ විට අතපසු කරනවා. එහෙත් මැල්ලුමකින් ලැබෙන පෝෂණ ගුණය මෙතැකැයි කියා නිම කළ නොහැකි අතර ඉතා සුළු වියදමකින් විශාල ලෙසින් පෝෂණය ලබා ගැනීමට පලාවර්ග උපයෝගී වනු ඇත. එහෙත් ඔබ අර්තාපල් වෙනුවෙන් නිතරම යොමු වෙනවිට ඔබේ සිරුර අනවශ්‍ය ලෙසින් පිෂ්ඨ ආහාරයට ගැනීමේ ආදීනව නිසාම තරබාරුවට පත්වීම වළක්වා ගත නොහැක.

තන්තු ආහාර
ඔබේ ආහාර වේලට තන්තු අන්තර්ගතවීම ඉතා වැදගත්වේ. තන්තු මගින් බඩවැල්වල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. මේ නිසා කොහිල, බෝංචි, කෙහෙල්මුව, කෙසෙල්බඩ, කුරක්කන් වැනි තන්තු බහුල ආහාර එක්කර ගැනීමට උනන්දුවන්න. කොහිල පිළියෙල කිරීමේදී එහි ඇති නූල් ඉවත් කරන්න එපා. මෙම නූල් වැනි තන්තු බඩවැල් ක්‍රියාකාරීත්වයට හේතු වෙනවා. දියවෙන සුළු තන්තු ලෙස සැලකෙන මෙම ආහාර ගැනත් අවධානය දක්වන්න. පියලි ඇට වර්ග - බෝංචි, මෑ, පළතුරු, පලා.

අතුරුපසට පළතුරු
ප්‍රධාන ආහාරයෙන් පසු පළතුරක් ආහාරයට ගැනීම නිසා ඉතා හොඳින් ආහාර අවශෝෂණය වෙනවා පමණක් නොව ජීර්ණය පහසුකරයි. මලබද්ධයට විසඳුමකි. කෙසෙල්ගෙඩි, පැපොල් වැනි පළතුරු මල බුරුල් කරන ගුණයෙන් යුක්තය.

කිරි
කිරි භාවිතා කරනවිට මේද රහිත කිරි වුවත් ඔබ කහට තේ සමඟ මිශ්‍ර කරන්න. සතියකට දෙවරක් හෝ තුන්වරක් පමණ අතරවාරයකදී යෝගට් හෝ මුදවාපු කිරි වරදක් නැත. පොල් කිරිවල මේද බහුලව ඇත. එහෙත් පොල් සම්බෝල, මැල්ලුම වෙනුවෙන් පොල් යොදාගන්නා විට මේදය එතරම් අඩංගු වන්නේ නැත. ඊට හේතුව තෙල් රැඳී තිබෙන්නේ තද තන්තු රාමුවක බැවින්ය. එබැවින් පොල්තෙල් අනවශ්‍ය ලෙසින් යොගෙන ආහාර පිසිනවාට වඩා මැල්ලුමක් පිළියෙල කර ගැනීම එතරම් අගුණ නොවන්නේය.

මාළු ආහාරයට ගැනීමේදී
මාළු හදවත් රෝගීන්ට පවා ගුණදායක වේ. ඔමේගා 3 අඩංගු මත්ස්‍යයන් ගැඹුරු මුහුදේ වෙසෙති. මෙම සංයෝගය හදවත වෙනුවෙන් ගුණදායක වේ. ඊට අමතරව සාලයා, හුරුල්ලා වැනි මත්ස්‍යයන් අනුභවය සුදුසුය.

- Web MD