2019 මැයි 11 වන සෙනසුරාදා

සයනයේ සහනය අවුල්ද?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 653

ලිංගික ජීවිතය පිළිබඳව අප කවුරුත් සැලකිලිමත් විය යුතුය. සෑමදෙනාටම පාහේ පරිපූර්ණ ලිංගික ජිවිතයක් තිබිය යුතුය. එහි පරිපූර්ණ බව කියන්නේ ඔබේ සෞඛ්‍ය  සම්පන්න බවයි. යහපත් ලිංගික ජීවිතයක් ගත කරන්නට නම් මනා ලිංගික ආශාවක් පැවතිය යුතුය. නමුත්  සමහර දේ වලට එම ආශාවන් තුරන් කිරීමට හැකියාවක් ඇත. එවැනි හේතු බොහෝමයකි. එවන් විටෙක සයනයේ සබඳතා අවුල් වී යයි. පවුල් අවුල් හටගනියි. ඉන් ප්‍රධාන එකක් වන්නේ අඩු ටෙස්ටස්ටෝරෝන් මට්ටමයි. එය ප්‍රධාන පිරිමි ලිංගික හොර්මනය වන නිසා එය අඩුවීම මේ සඳහා බලපාන මූලික හේතුවක් වේ.

මීට අමතරව ලිංගික ආශාව තුරන් කරන තවත් කරැණු ඇත. ඒවා මගින් සහකරුවන් අතර ඇති සබඳතාව අඩු වේ. මේ එලෙස  ලිංගික ආශාවන් තුරන් කරන හේතු කිහිපයකි.

ආතතිය:
අපගේ මනෝභාව වෙනස් කිරීමට ආතතියට හැක. ආතතියට පත් වූ විටත් මිනිසුන්ට බොහෝ දේ කළ හැකි වුවද ලිංගික ක්‍රියා ඉන් එකක් නොවේ. විශේෂයෙන්ම කාන්තාවන්ට මෙය බලපායි. රුකියා ස්ථානයේ, නිවසේ, විවාහයේ යන ස්ථානවලදී අපට ආතතියට මුහුණ දීමට සිදුවේ. නමුත් එය දරාගැනීමට හැකිවීම අපට බොහෝ සේ උපකාරී වේ.

වැඩිපුර ආහාර අනුභවය:
ඕනෑම ආහාරයකින් වැඩි ප්‍රමාණයක් ගැනීම නිසා බර වැඩිවීම මත බොහෝවිට පිරිමි පාර්ශවයට ලිංගික ආශාව නැති වේ. එසේම එය වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් කරයි. හෝර්මෝන හා ප්‍රතිජීවක එක් කළ ආහාර වන රතු මස් හා මේද සහිත ආහාරවලට ලිංගික ආශාව තුරන් කළ හැක. එසේම පිරිමි හෝර්මෝන අසමබර කරයි. දුර්වල ආහාර වේලක්ද ඔබේ ලිංගික ආශාව අඩුකරයි. සමබර ආහාර වේලක් හොඳ ලිංගික ක්‍රියාකාරිත්වයක් ඇති කරයි.

මධ්‍යසාර:
මත් ද්‍රව්‍ය භාවිතයෙන් ලිංගික ආශාවට සිදුවන විශාල වෙනසක් නැත. නමුත් වැඩිපුර භාවිතය ඔබට නිද්‍රා ගතිය ඇතිකරයි. මත් ද්‍රව්‍ය සුරතාන්තයට බාධා පමුණු වන අතර එය පානය ඔබේ සහකරුවාව ඔබෙන් ඈත් කරයි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිද්‍රාගතිය, මහන්සිය ඇති වී ලිංගික ආශාව නැති කරයි.

නින්ද:
අඩු නින්ද බලපාන්නේ අපගේ ස්වරූපයට, සෞඛ්‍යයට, ආතතිය දරා ගැනීමේ හැකියාවට පමණක් නොව එය ලිංගික ආශාව නැති කරන අතර ටෙස්ටස්ටෝරෝන් මට්ටමද අඩු කරයි. නින්ද මූලික ජීව අවශ්‍යතාවකි. එයට අපගේ ජිවිතයේ සෑම පැතිකඩකටම බලපෑමක් කළ හැක. හොඳ නින්දක් ජවය වැඩිකරන අතර ඵලදායිතාව ඇති කරයි. තවද අපගේ ස්වභාවයට හා දිර්ඝායුෂවලට උපකාරී වේ. එම නිසා පැය අටක නින්ද යහපත් ජීවිතයකට පමණක් නොව ලිංගික ආශාව සඳහාද බලපායි.

මානසික අවපීඩනය /Depression:
ලිංගික ආශාව නැතිවීම සම්බන්ධයෙන් පීඩනය විරල හේතුවකි. එසේම එය මඳ නින්ද, අධි රුධිර පීඩනය වැනි තත්ත්වවලටද හේතු වේ.

සහකරු එපාවීම:
ඕනෑම කාන්තාවකට ලිංගිකත්වයේදී මානසික බැඳීම වැදගත් වේ. සහකරුවා සමඟ ගැටලු ලිංගික ආශාව තුරන් කිරීමට හේතු වේ. ඔබේ සහකරුවා සමඟ අඩු සම්බන්ධතාව, විසඳා නොගත් ගැටලු, සන්නිවේදන ගැටලු, චපල බව යනාදිය ලිංගික ආශාව තුරන් කරයි.

ශිෂ්ණය ඍජු වීම ගැන හිතලු/ගැටලු :
ශිෂ්ණය ඍජු වීම ගැන Erectile dysfunction (ED) ගැටලු ඇති පිරිමින් ඒ පිළිබඳව සිතීම නිසා ලිංගික ආශාව නැති වේ. මෙය විසඳිය හැකි ගැටලුවකි. එය තම සබඳතාවයට බල නොපාන අයුරින් සිටීමට යුවලක් දැනුවත් විය යුතුය. සමීප බවද ලිංගිකත්වයට බලපායි. සමීප සබඳතා ලිංගිකත්වයට එහා ගිය දෙයකි. සමීප සබඳතාවයකින් තොරවීම ලිංගික ආශාව තුරන් කරයි. එම නිසා ලිංගික ක්‍රියාවල නොයෙදී පළමුව කථාබහ කර හෝ පණිවිඩ හුවමාරැව මගින් තම ආදරය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්න. එමගින් ලිංගික ආශාව නැවත ඇති වනු ඇත.
- Mens health 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00