2019 මැයි 04 වන සෙනසුරාදා

මළබද්ධය නසන විටමින්!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 627

සැහැල්ලුවෙන් පහසුවෙන් මළපහ කිරීමට අපහසු වීම සහ දිනකට එක්වරක්වත් මළපහ පිටකිරීමට නොහැකි වන ඉතා අපහසුකාරි තත්වය මළබද්ධයයි. මෙය දැන් සුලබ සෞඛ්‍යය ගැටලුවකි. මෙම සෞඛ්‍යය ගැටලුවට හේතුවෙන් දිගුකලක් පීඩාවට පත්වන අයෙක් වුවත්  විටමින් බහුල ආහාර පරිභෝජනය කිරීම මගින් ඔවුන්ට එයින් ඉක්මන්  සුවයක් ලබන්නට හැකිය. මලබද්ධය සුවකිරීම සඳහා ප්‍රශස්ත විටමින් වර්ග පහක් ඇති අතර පහත ඇත්තේ ඒ ගැන ඒවා අඩංගු ආහාරයන්ය.

විටමින් C

විටමින් C ස්වභාවික විරේචනයක් ලෙස මලබද්ධය සඳහා අතිශය වාසිදායක වෙනවා. විටමින් C මගින් අප ගනු ලබන ආහාර කොටස් ආහාර ජීර්ණ මාර්ගය තුළ සැහැල්ලුවෙන් ගමන් කරවීම සිදුකරන අතර දිනකට අවශ්‍ය වන විටමින් C ප්‍රමාණයට අධික මාත්‍රාවක් ලබාගත් පසුව එම අතිරික්ත විටමින් C ප්‍රමාණය බඩවැල් මගින් අවශෝෂණය නොකරන නිසා එය වෙනම තරලයක් ලෙස සැකසී ආහාර කොටස් සැහැල්ලුවෙන් ගමන් කර වීම සිදුකර මලබද්ධයට සහනයක් සපයනවා. විටමින් C බහුල ආහාර ලෙස දොඩම් නාරං වැනි පැඟිරි කුලයේ පළතුරු, පේර, මිදි සහ බෙල් පෙපර් වැනි ආහාර වර්ග පරිභෝජනය කරන්නට පුළුවන්. කෙසේ වෙතත් දිනකට විටමින් C අතිවිශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම මගින් අතීසාරය සහ වකුගඩු තුළ ගල් හටගැනීමේ අවදානමක් තිබෙනවා. දින ආරම්භයේදී ඔබ ලබාගන්නා ආහාර සමග විටමින් C 4000mg පමණ ලබාගෙන සෑම පැය හතරකට වරක් 1000 mg කින් ලබාගන්නා විටමින් C ප්‍රමාණය වැඩි කරන්න.

විටමින් B5

පැන්තෝනික් අම්ලය යන නමින්ද හඳුන්වන විටමින් B5 අනෙකුත් පෝෂක සමග ලබාගැනීම මගින් බඩවැල් බිත්තිවල ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම නිසා මලබද්ධයට සුවය සලසා ගන්නට පුළුවන්.

අන්තර්ජන්‍ය රසායනික සංයෝගයක් වන “acetylcholine” විටමින් B5 මගින් උත්පාදනය කිරීම මගින් මහා බඩවැල තුළ අන්තර්ගත ස්නායු රිද්මයානුකූල චලනයක් සිදුකර බඩවැල් තුළින් ආහාර කැබලි මෘදුව ගමන් කරවීම සිදුකරනු ලබනවා. විටමින් B5 අඩංගු වන ආහාර කිහිපයක් ලෙස හතු, ධාන්‍ය, සත්ව අක්මාව, සූරියකාන්ත මල් ඇට, චීස් සහ මත්ස්‍යයන් වැනි ආහාර හඳුන්වා දෙන්නට පුළුවන්.

විටමින් B9

විටමින් B9 නොහොත් ෆෝලික් අම්ලය බහුල විටමිනයක් ලෙස ක්‍රියාකිරීමත් එහි තන්තුමය ස්වභාවය වැඩිවශයෙන් අන්තර්ගතවීමත් නිසා මලපහ පිටවීම ක්‍රමවත් කිරීමත් අප ලබාගන්නා ආහාරවල අඩංගු වන පෝෂණ කොටස් අවශෝෂණය කර ගැනීම වේගවත් කිරීමත් සිදුකරනු ලබනවා. මීට අමතරව මහා බඩවැල ඉදිමීමේ රෝගය, වකුගඩු ආබාධ සහ අක්මාවේ ආබාධ සඳහාත් විටමින් B9 අහාරයට ගැනීම සුවදායක වනවා. විටමින් B9 අඩංගු ආහාර කිහිපයක් ලෙස බත්, පාන්, පෙයාර්ස්, කැරට්, දොඩම්, බ්‍රොකෝලි වැනි ආහාර හඳුන්වා දෙන්නට පුළුවන්.

විටමින් B12

මලබද්ධය සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශිත්‍ර වෙනත් රෝගී තත්ත්වයන් සඳහා ලබාගත යුතු තවත් එක් විටමින් වර්ගයක් ලෙස විටමින් B12 හඳුන්වන්නට පුළුවන්. විටමින් B12 ඌනතාවය ඇති වූ විට ශරීරයේ රතු රුධිර සෛල නිපදවීම අඩුවීම නිසා රක්තහීනතාවය පවා ඇතිවනවා. රතු රුධිර සෛල නොමැතිව රුධිරය මලානික වූ පසුව පාචනය, කාංසාව, උදරාබාධ සහ මලබද්ධය වැනි රෝග උත්සන්න වීම ආරම්භ වනවා. බිත්තර, කිරි සහ කිරි ආහාර, ඇපල්, හන තෙල් වැනි අහාර විටමින්  B12 අඩංගු ආහාර ලෙස හඳුවන්නට පුළුවන්.

විටමින් B1

විටමින් B1 නැත්නම් තයමින් “Thiamine” මගින් “Hydrochloric” අම්ලය නිෂ්පාදනය කිරීම නිසා නිසි ලෙස ක්‍රියාකාරී ආහාර ජීර්ණ මාර්ගයකට වගකියනු ලබනවා. මලබද්ධය ඇතුළු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත බොහෝ ගැටලුවලට විටමින් B1 ඌනතාවය බලපාන අතර මේ නිසා ආහාර අරුචිය, ශරීරයේ බර අඩුවීම, ඔක්කාරය වැනි රෝග ලක්‍ෂණ ඇතිවන්නට පුළුවන්. අප්රිකොට්, සොයා බෝංචි, අබ, ධාන්‍ය, තිරිඟු පිටි, Pistachios ඇට වැනි ආහාර විටමින් B1 වලින් පොහොසත් ආහාර ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්...

- Web MD