2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කායික මානසික විඩාව දුරලමුII

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 315

විඩාව අඩුකිරීමේ ව්‍යායාම
පළමු අදියර
ශරීරය ලිහිල් කිරීම

පහත සඳහන් අවයව තද කිරීම සිදුකොට පසුව එම කොටස් අප්‍රාණික වන තරමටම ලිහිලනය කරන්න.

01. අදාළ අවයවය මුලින් තද කරන්න. ආයාසයෙන් තොරව තද කරන විට හෙමින් 5 දක්වා ගණන් කරන්න.

02. ලිහිලනයේදී 10 දක්වා ගණන් කරන්න. මේ අවස්ථාවේ හුස්ම ගැනීම ගැඹුරු ලෙස හා හෙමින් සිදුකරන්න.

03. ඔබට ශරීර අවයව ලිහිල් නොවන බව විශ්වාසයක් ඇත්නම් නැවත තදකොට ලිහිල් කරන්න.

පාදය, වළලුකර, කොන්ද, කළව හා තට්ටම්

තුනටිය, බඩ, පපුව ප්‍රදේශය

උරහිස්, ඇඟිලි හා උරහිස් අතර ඇති සන්ධියට ඉහළින් හා පහළින්

බෙල්ල, කලාපට (හිස) නළල, කට

බඩ, ශරීරය වෙන් වෙන්ව ලිහිලනය කළ හැකිනම් එකවර ලිහිලනය කරන්න. පාදයෙන් පටන් අරගෙන අවසන් විය යුත්තේ මුඛයෙන්ය.

ලිහිලනය නිවැරදිව සිදුනොවේ නම් නැවත තදකර ශරීරයටම මුදාහරින්න.

දෙවන අදියර
ඔබේ ශරීරය ලිහිල් වූ පසු සාමකාමී තැනක සිටම දකින්න. මෙලෙස සම්පූර්ණ සාමකාමී තැනක ලිහිලනය කිරීමට විනාඩි 5 සිට 15 අතර කාලයක් ගත කරන්න.

උණුස්ම් හිරුඑළිය ලැබෙන මුහුදු වෙරළක් ගැන හිතන්න.

එය දැකීම, ආග්‍රාණය කිරීම අත්විඳින්න.

මෙසේ දිනකට 3 වරක් එම ස්ථානයට යන්න පුහුණු වන්න.

මෙය සාමකාමී ස්ථානයක සම්පූර්ණයෙන් ලිහිලනයක් ඇතිවන තුරු දිගටම පවත්වාගෙන යන්න.

මෙම ව්‍යායාමය අතරතුර ඔබ නින්දට යන බව දක්නට ලැබේ.

ලිහිලන අභ්‍යාස

පහත සඳහන් ව්‍යායාම දිනපතා නැත්නම් පොදු රැස්වීමක් කිරීමට පෙර සූදානමක් වශයෙන් හෝ විඩාවක් හා අතතියක් දැනෙන විට එය අවම කර ගැනීමට මෙය කළ හැකිය.

කාංසාව හා විඩාව අඩුකිරීමට ගැඹුරු හුස්ම ගැනීම උපකාරී වේ. මන්ද, එහිදී කනස්සලු ගතිය හෝ කංසා තත්ත්වය මඟහරවා අවධානය වෙනත් අංශයකට යොමුවීමක් මෙහිදී සිදුවේ. හුස්ම ගැනීම තුළින් අපගේ ශරීරය හා සිත තුළ නිස්කලංක ගතියක් ඇති කරයි. එසේම ව්‍යායාමවලින් එදිනෙදා කනස්සලු සිතුවිලි පහකර හැරීමට උදව් වේ. ලිහිලනයට සුදුසු යැයි හැඟෙන තැනක් මෙම ව්‍යායාම සඳහා තෝරාගත යුතුය.

ගැඹුරු හුස්ම
01. පහසු වාඩිවිය හැකි ඉරියව්වක් තෝරාගන්න., 02. ඔබගේ ඇස් වසා හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. මෙහිදී වෙනත් අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වළකින්න., 03. හුස්ම ගන්නවා පිට කරනවා යන්න සිතන්න. එම හුස්මත් සමඟ ඔබේ ශරීරය ලිහිල් කරන්න., 04. ගැඹුරු හුස්ම ගැනීමේදී ගැඹුරින් ඉහළට හුස්මගෙන හැකි තරම් කාලයක් රඳවාගෙන ඉන්න., 05. එසේම හුස්ම පිටකරන විටද හැකි තරම් හෙමින් මුදාහරින්න., 06. වාතය ශරීරයට ඒම පිටවීම නැවත නැවත හිතන්න., 07. මම දැන් නිදහසේ හුස්ම ගන්නවා. මම නිදහසේ හිතනවා. දැන් මම ලිහිල් වෙලා. මම දැන් රිද්මයානුකූලව හුස්ම ගන්නවා., 08. ඔබට මෘදු බවක් ලබාදෙන වචන හුස්ම ගන්න විට හා පිටකරන විට භාවිත කිරීම දිගටම කරගෙන යන්න., 09. ඔබගේ හුස්ම ගැනීම කෙරෙහි තව මිනිත්තු ගණනාවක් අවධානය යොමු කරන්න. එය දිගින් දිගට ගැඹුරට ගන්න., 10. ඔබ දැන් සූදානම් නම්, එනම් ලිහිල් වී ඇති බව සිතේනම් හිටගන්න. පසුව පේශි ඇදීමකට ලක්කර හිනාවෙන්න. එසේම දවස පටන් ගන්න.

මානසික ලිහිලනයට ව්‍යායාම
1. පහසු ඉඳගැනීමේ ඉරියව්වක් හෝ තරමක් ඇලවී සිටින ඉරියව්වක් තෝරාගන්න.,, 02. ඇස් වසා පින්තූරයක් ගැන සිතන්න. ස්වාභාවික ලිහිල් වන ස්ථානයක් ගැන සිතන්න. මුහුදු වෙරළක්, කඳුකරයක්, කැලෑවක් වශයෙන් සිතන්න., 3. දැන් ඔබ ලිහිලනය ලබාදෙන ස්ථානයේ සිටම මේ ව්‍යායාමයෙන් දවල් හීන දකින එක වැඩි කිරීමක් කෙරේ., 4. ඔබගේ මනස අනෙක් සිතුවිලි සමඟ එහා මෙහා යාමට ඉඩ නොදීම ඉතා වැදගත් වේ. ඔබගේ අවධානය යොමුවිය යුත්තේ ලිහිලනය ලබාදෙන පරිසරයටයි. 5. ඔබගේ සියලු සංවේදන ඔබ සිටින ස්ථානයේ ජීවමාන කරන්න., 6. සමාකාමී ගතිය අත්විඳින්න. දැන් ඔබේ මනසට නිස්කලංක ගතියක් ලැබේ. ඔබට ලැබෙන නිස්කලංකභාවය ලැබීමට දැන් ඉඩ දෙන්න. 7. විනාඩි 10කට පසු ඇස් අරින්න. දැන් ඔබට නැවුම් ගතියක් හා ලිහිල් ගතියක් දැනෙයි. ඒ අනුව ඔබගේ ඉදිරි දිනයේ වැඩ කටයුතු සතුටින් කළ හැකිය.

ක්‍රමානුකූල ලිහිලනය
1. වාඩිවිය හැකි හා ඇලවිය හැකි පහසු ඉරියව්වක් තෝරාගන්න. 2. ඔබගේ ඇඳුම් තද නම් ඒවා බුරුල් කරගන්න. එසේම ඔබේ කකුල් හෝ අත් හරහට නොයන ලෙස කකුල් උඩින් තබාගන්න. 3. දැන් ඔබේ ඇස් වසා ඔබේ ශරීරය ගැන අවධානය යොමු කරන්න. 4. කකුලේ ඇඟිලි හා පාදය තද කිරීමෙන් පසු එය ලිහිලනය වීමට ඉඩ හරින්න. 5. දැන් ඔබේ කකුල් දෙක දණිස් හා කළව ප්‍රදේශය තද කරන්න. මෙහිදී ඔබට පුළුවන් තරම් හැකි කාලයක් පේශි තද කරගෙන ඉන්න. 6. තට්ටම ප්‍රදේශය තදකර තබා පපුව ලිහිල් කරන්න. දිගට ක්‍රමානුකූලව ඉහළට එන්න. 7. දැන් ඔබේ පපුව ප්‍රදේශය තද කරන්න. තද කිරීම රඳවා සිට පපුව මුදාහරින්න. 8. දැන් ඔබේ පපුව ප්‍රදේශය තද කරන්න. තදකිරීම රඳවාගෙන එය විඳින්න. ඉන්පසු එය මුදාහරින්න. පසුව ලිහිල් වන්න. 9. දැන් ඔබේ උඩ බාහුව හා උරහිස් ප්‍රදේශවලට යොමුවී එය තද කරන්න. ලිහිල් වන්න. 10. දැන් ඔබේ ඇඟිලි හා අත් තද කරන්න. අත මිටමොළවා තද කරගෙන ඉන්න. පපුව ලිහිල් කරන්න. 11.. දැන් ඔබේ පසුපස ප්‍රදේශයට පැමිණෙන්න. මුලින්ම කොන්ද උඩ කොටස. 12. උඩ කොටසට කළ දෙයම යට කොඳු ප්‍රදේශයට කරන්න. 13. වෙනස කෙරෙහි අවධානය යොමු කරන්න. ලිහිල් බව තද ගතිය පිළිබඳ වෙනස මෙනෙහි කරන්න. 14. දැන් ඔබේ ගෙල ප්‍රදේශයට යොමුවන්න. එය උරහිස් යොදාගෙන බෙල්ල ප්‍රදේශය තද කරන්න. 15. මුහුණ ප්‍රදේශයට යොමුවන්න. ඔබගේ මුළු මුහුණම තද කරන්න. එම තදකිරීම රඳවා ඉන්න. පසුව ලිහිල් කරන්න. අවසානයේ මුළු ශරීරයම තද කරන්න. පෙර තද කළ හැම කොටසක්ම තද කරන්න. එම තදකිරීම රඳවා ඉන්න. පසුව පිට කරන්න. 16. ඔබගේ හුස්ම ගැනීම කෙරෙහි තව මිනිත්තු ගණනාවක් අවධානය යොමු කරන්න. එය දිගින් දිගට ගැඹුරට ගන්න. 17. ඔබ දැන් සූදානම් නම්, එනම් ලිහිල් වී ඇති බව සිතේනම් හිටගන්න. පසුව පේශි ඇදීමකට පත්කර හිනාවෙන්න. එසේම දවස පටන් ගන්න.