2019 මාර්තු 30 වන සෙනසුරාදා

උගුර වණකරන සෙම් ගෙඩි !

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 5872

අපගේ සිරුර තුළට ඇතුළු වන විෂබීජ සමග සටන් වැද ඒවා විනාශ කිරීමේ මහඟු කාර්යයට උර දෙන්නේ වසා ගැටිතිය. සාමාන්‍යයෙන් අප සිරුරේ වසා ග්‍රන්ථි දෙසීයත් දෙසිය පනහත් අතර ප්‍රමාණයක් පිහිටා ඇති බව කියයි. මේ වසා ග්‍රන්ථිවලින් අප උගුරේ පිහිටා ඇති වසා ග්‍රන්ථි යුගල සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ සෙම්ගෙඩි ලෙසටයි. අපගේ උගුරේ පිහිටි වසා ග්‍රන්ථි මුඛය හරහා ඇතුළුවන විෂබීජ විනාශ කරයි.

කෙසේ වුවද වෛරස, බැක්ටීරියා, දිලීර මගින් මේවා ආසාදනයට ලක් වූ පසු කෙළ ගිලීමටවත් නොහැකි වන පරිද්දෙන් වේදනාකාරී වේ. ඒවා ඉදිමෙන අතර රත් පැහැයෙන් යුක්තය. මේ තත්ත්වය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම්ගෙඩි ඉදිමීම ලෙස හඳුන්වමු.

අඩු වැඩි වශයෙන් විවිධ සංකුලතා ඇති කළ හැකි මෙම සෙම්ගෙඩි තත්ත්වය නිසා සාමාන්‍යයෙන්, ගිලීමේ අපහසුතාවය, ඇඟපත වේදනාව, උණ, බෙල්ලෙහි කුද්දටි ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතා, කටහඬ වෙනස්වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. නමුත් සෙම්ගෙඩි ආසාධනයට හේතුව වන වෛරසය, බැක්ටීරියාව, දිලිරයට අනුව තත්ත්වය උග්‍ර විය හැකිය. එවිට, රූමැටික් උණ, වකුගඩු ප්‍රදාහය වැනි බරපතල තත්ත්වයන් වුවද ඇති විය හැකිය. මෙවැනි තත්ත්වයන්හිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර නිසැකවම අත්‍යවශ්‍ය බව සලකන්න.

වෛද්‍ය උපදෙස් වෙත යොමුවිය යුතු සෙම්ගෙඩි ආශ්‍රිත වෙනත් රෝග තත්ත්ව:

උගුරේ වේදනාව, සෙම් ගෙඩි අවට ප්‍රදේශයේ ඇති සැරව ගෙඩි තත්ත්වයන්, කතා කිරීම, මුඛය විවෘත කිරීම, ගිලීමට අපහසු වීම, අධික උණ, සෙම් ගෙඩි තුළ ඇතිවන ගල්, තෙල් ගෙඩි වැනි තත්ත්වයන්, සෙම් ගෙඩි ආශ්‍රිතව කහපැහැ දුගඳකින් යුතු වී හාල් ඇටයේ හැඩැති කැබලි ඇතිවීම.

ශල්‍යකර්ම මගින් සෙමගෙඩි ඉවත් කිරීමට සිදුවන අවස්ථා:

නිතර නිතර සෙම් ගෙඩි ආසාදන ඇති වනවිට, රාත්‍රී නින්දේදී ගෙරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා ඇති විට, එක් සෙම්ගෙඩියක් පමණක් ආසාධනයට ලක්වීම, වැඩි වාර ගණනක් සෙම් ගෙඩි ආශ්‍රිත සැරව ගෙඩි ඇති වීම. මෙවැනි තත්ත්වයන් ඔබට හෝ ඔබේ දරුවාට ඇත්නම් ඒ සඳහා සුදුසුම වෛද්‍යවරයා වෙත යොමුවිය යුතුය.

- WebMD