2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

මොළයට හානිකරන අපේම පුරුදු !

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 693

මොළය කියන්නේ අපේ ශරීරයේ වැදගත්ම අවයවය. අපේ මුළු මහත් ජීව ක්‍රියාවලියම පවත්වාගන යන්නේ මොළයයි. නමුත් අපේ බොහෝ දෙනෙක් නොදැනුවත්වම මොළයට හානි කර දේවල්වල යෙදෙනවා. අද දේශය පාඨක ඔබට මෙන්න මේ මොළයට හානිකර නමුත් ඔබ නොදනුවත්වම වාගේ දිනය පුරා අනුගමනය කරන වැරදි සහගත දේවල් ගැන අවබෝධයක් ලබාදෙන්නයි මේ හදන්නේ. බලමු මොනවාද මේ හානිකර ක්‍රියා කියලා.

දුම්පානය කිරීම

දිගින් දිගටම දුම්පානය සිදු කිරීම මගින් මොළයට හානි සිදු වෙනවා. මෙය දීර්ඝ කාලීනව තමයි මොළයට බලපාන්න ගන්නේ. මතකය හීන වීම වගේ දේවල්වලට මුලින් මුහුණ පාන්න වෙනවා. පසුව අල්ෂයිමර් වගේ දරුණු තත්ත්වයනුත් ඇතිවෙනවා.

දවසට ප්‍රමාණවත් නින්දක් නොලැබීම

අපි නිදා ගන්න විට අපේ මොළය විවේක ගන්නවා. මොළයේ සෛල අඩුපාඩු හදා ගන්නවා. නමුත් විධිමත් ලෙස නිදා නොගෙන සිටීම මගින් මොළයේ සෛල අපි නොදැනුවත්වම විනාශ වෙනවා.

සිතුවිලි උත්තේජනය අඩු වීම

මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීමට ඇති හොඳම ප්‍රතිකර්මය සිතීමයි. අඩුවෙන් සිතුවිලි උත්තේජනය වීම මගින් මොළයට හානි ගෙන එනවා. ප්‍රහේලිකා විසඳීම දාම් චෙස් වැනි ක්‍රීඩාවල නිරත වීමෙන් මේ තත්ත්වය මග හරවා ගන්න පුළුවන්.

අධිකව සීනි පරිභෝජනය

ඕනෑවට වඩා සීනි පරිභෝජනය මගින් පෝෂණ පදාර්ථ සහ ප්‍රෝටීන උරා ගැනීමට බාධා ඇතිවීම මන්ද පෝෂණ තත්ත්වයන් හටගන්නවා. මෙලෙස මොලය වර්ධනය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මොළය මගින් පාලනය වන ජීව ක්‍රියා අඩාල වෙනවා.

අසනීපව සිටියදීත්  මොළය වෙහෙසීම

අසනීප කාලයන්හිදී මොළය වෙහෙසා වැඩකිරීම මගින් මොළයට හානි සිදු වී මොළයේ සංවේදීතාවය අඩු වී යනවා. අසනීප වීමක් තුළින් ශරීරය අපිට දන්වා සිටින්නේ කයට හා මොළයට විවේකයක් අවශ්‍යයි කියලායි. මේ නිසා  එවන් අවස්ථාවල ඔබ කොතරම් වැඩ රාජකාරි අධික පුදගලයෙක් වුණත් යම් විවේකයක් ලබා ගන්න.

උදෑසන ආහාර වේල නොගැනීම

ඔබ දිනපතා උදෑසන ආහාර වේල ගැනීම අතපසු කරනවානම් එමගින් රුධිරයේ සීනි මට්ටම පහළ බැස මොළයට සැපයිය යුතු පෝෂක ප්‍රමාණවත්ව සැපයීමක් සිදු නොවීම නිසාවෙන් මොළයට හානි සිදු වෙනවා. රාත්‍රී දිගු නින්දකට පසු උදෑසන මොළය හොඳින් ක්‍රියාත්මක වීමට නම් උදය ආහාරයේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ අතවශ්‍යයයි.

පරිසර දූෂණය

අපේ ශරීරයේ වැඩිපුරම ඔක්සිජන් පරිභෝජනය කරන්නේ අපේ මොළයයි. දූෂිත වාතය ආශ්වාස කිරීම මගින් මොළයේ කාර්යක්ෂමතාවය අඩු වී මොළයට හානි සිදු වෙනවා.

අඩුවෙන් කතා කිරීම

අඩුවෙන් කතාබහ කිරීම මගින් මොළය වර්ධනයට බලපෑම් ඇති වන අතර බුද්ධිමය සංවාද සිදු කිරීම මගින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට හැකි වෙනවා. එවිට මොළය මගින් ගොඩක් ඈතට හිතන්න ගන්නවා.

නිදා ගැනීමේදී හිස ආවරණය කරගැනීම

හිස ආවරණය කර නින්දට යාමේදී ඔබේ සිරුරට ආශ්වාස වන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වී කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එම නිසා මොළයට හානි සිදු වෙනවා.

ඕනෑවට වඩා ආහාර අනුභව කිරීම

ඕනෑවට වඩා ආහාර අනුභව කිරීම නිසා රුධිරගත සීනි මේද තෙල් අධික වෙනවා. එයින්  මොළයේ ධමනි ඝන වී අවශ්‍ය රුධිරය නොලැබී අපගේ මානසික ශක්තිය හීන වී යනවා.

WebMD