2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

සුදු රුධිරානු ලෙඩ වුණොත් මොකද වෙන්නේ?

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 06:07 215

අපි ගිය සතියේ කතා කළේ රතු රුධිරාණුවලට හැදෙන ලෙඩ ගැනයි. දන්නවාද? ඔබේ රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන සුදුරුධිරාණුත් ලෙඩ වෙන්නට පුළුවනි. සුදු රුධිරාණු රුධිරයේ දක්නට ලැබෙන්නේ සියයට එකක ප්‍රමාණයක් වන නමුත් ඒවායේ කාර්යභාරයය සුළුපටු එකක් නම් නොවේ. නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගන යන්නට හෙවත් විෂබීජවලින් ඇතිවන රෝගාබාධවලින් ගැලැවෙන්නට උපකාර වන්නේ සුදු රැධිරාණුයි. 

මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය භාර විෂබීජවලට එරෙහි සටන්කරැවා හැටියට සුදු රුධිරාණු හඳුන්වන්නට හැකියි. සුදුරුධිරාණුවලට රෝගාබාධ වැළඳීමෙන් සිදුවන්නේ කෙළින්ම දේහ ප්‍රතිශක්තිය අඩුවීමෙන් විවිධ රෝගාබාධ රැසකට තෝතැන්නක් බවට ශරීරය පත්වීමයි. සුදු රුධිරාණු ලෙඩ වීම නිසා ඇතිවන බොහෝ රෝග තත්ත්ව පිළිකා ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

සුදු රුධිරාණු ප්‍රමාණය
ශරීරයේ සුදු රුධිරාණු ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ HIV/AIDS බඳු රෝගයක් වැළඳී ඇති බවයි. නැතිනම් පිළිකා රෝගයකට ගත් ප්‍රතිකාරවල හේතුවෙන් ඒවා විනාශ වී ඇති බවයි.

සුදු රුධිරාණු වැඩිවීම
සුදු රුධිරාණු වැඩි නම් එයින් හැඳින්වෙන්නේ ශරීරයට කිසියම් රෝගයක් වැළඳී ඇති බවයි. ශරීරගත වූ බැක්ටීරියාවකට හෝ වයිරසයකට විරුද්ධව සටන් අරඹා ඇති බවයි.

වසා ගැටිති පිළිකාව, ලියුකේමියාව, ඇටමිදුළු ආශ්‍රිත පිළිකා යන මේ තත්ත්වයන්ට ගොදුරුවීම නිසා රුධිරගත සුදු රුධිරාණු ඉහළ යා හැකි බවයි වෛද්‍ය මතය. Myeloproliferative disorder ලෙස හැඳින්වෙන තත්ත්වය හේතුවෙන්ද නොමේරෑ රුධිර සෛල (රතු සහ සුදු) වැඩියෙන් හෝ අඩුවෙන් නිපදවිය හැකියි.

ඖෂධ
සමහර ඖෂධ වර්ග හේතුකොට රුධිරගත සුදු රුධිරාණු ප්‍රමාණය අඩු හෝ වැඩි විය හැකියි.
අධික වෙහෙස, දුම්බීම, ගර්භණී බව
අධික වෙහෙස - මෙය ශාරීරික හෝ මානසික විය හැකියි. එමගින්ද සුදු රුධිරාණු ප්‍රමාණය ඉහළ දැමෙයි. ගර්භනී අවස්ථාව, දරු ප්‍රසූතිය, වගේම දුම් බොන්නන් තුළත් අධික ව්‍යායාම මගිනුත් සුදු රුධිරාණු ප්‍රමාණය ඉහළ යාමට හැකියි. සුදු රුධිරාණු ආශ්‍රිතව හටගන්නා බොහෝ රෝග පිළිකාවන් හැටියටයි හඳුන්වන්නේ. එයින් කවුරුත් දන්නා රෝගය ලියුකේමියාවයි. ලිම්පෝමියා ලෙස හැඳින්වෙන තත්ත්වය වසා ගැටිති ආශ්‍රිතව හටගන්නා රෝගයකි. එහිදී සුදු රුධිරාණු අධික ලෙස විශාල වී අසාමාන්‍ය ලෙස පැතිරීම සිදුවෙයි. Multiple Myeloma ලෙස හැඳින්වෙන තත්ත්වයේදී ප්ලාස්මා සෛල ලෙස හැඳින්වෙන සුදු රුධිරාණු බහුල වී ඒවායින් ශරීර අවයවවලට හානිකර ද්‍රව්‍ය නිකුත් කිරීම සිදුවෙයි.

Myelodysplastive Symdrome  නැතිනම් ඇටමිදුළු අඩපණ කරන තත්ත්ව‍ෙය්දී අවශ්‍ය පමණ රුධිර සෛල නිපදවීම සිදු නොවේ. මෙයද පිළිකාමය තත්ත්වයක් හැටියට හඳුනාගන ඇති අතර මහන්සිය, හතිය ආදී සාමාන්‍ය රෝග ලක්ෂණ, පෙන්වන නිසා මුල් අවස්ථාවේදී සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හමුව නිසි රෝග පරීක්ෂණයක් නොකළහොත් හඳුනාගන්නට නොහැකි තත්ත්වයකි.

♦ සුගත්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00