2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මාරාන්තික ලෙඩ ගොඩකට අත්දුටු ජපන් ජල ප්‍රතිකාරය

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 998

ජපන් ජාතිකයන් සතු විශේෂ ලක්ෂණයක් තමයි ඉතා නීරෝගී ලෙස දිගු කලක් ජීවත් වීමේ හැකියාව. ජපනුන් සතු මේ අරුම පුදුම හැකියාවන් ගැන බටහිර විද්‍යාඥයන් හොයලා බලද්දී තමයි ඔවුන් සතු පාරම්පරික ගති පැවතුම ඒකට මොන තරම් දායක වෙනවද කියලා ඔවුන්ට දැනගන්නට ලැබිලා තියෙන්නේ. මේ අතරින් ඔවුන් නිතරම ජලය පානය කිරීම ගැනත් වැඩි අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම කොයි ජපන් මනුස්සයත් පොඩි කාලේ ඉඳන් උදේ නැගිටපු ගමන් කරන්නේ පිස්සුවෙන් වගේ වතුර බොන එක බව ඔවුන් නිරීක්ෂණය කර තිබුණා. 

ඒත් ඇත්තටම බලපුවාම ඒක පිස්සුවක් නෙවෙයි. මේ ලිපිය දිගටම කියවලා බැලුවොත් ඔයාලට තේරුම්ගන්න පුළුවන් වෙයි අපි හැමදාම තිබහට බොන වතුර ටික නිවැරදි ක්‍රමයට බිලා අපේ සිරැරට මොන තරම් ප්‍රයෝජනයක් ලබාගන්නට පුළුවන් වෙනවද කියන එක. 

ජපානයේ වෛද්‍යවරුන් ඇතුළු ජපන් වෙදැදුරු සංගමය කියන්නේ ජල ප්‍රතිකාරය නිවැරදිව කිරීම මගින් පහසුවෙන් සුව කළ නොහැකි මාරාන්තික බවට පත්වන රෝගාබාධ රැසක් සුවකර ගැනීම වගේම තවත් විවිධ ශරීර සුවතා ගැටලුවලටත් හොඳ විසඳුමක් ලබාගත හැකි බවට ඔවුන්ගේ ජන සමාජය තුළ ඕනෑ තරම් සාක්ෂි දකින්නට ලැබෙන බවයි. 

ඔවුන් තමන්ගේ සෞඛ්‍ය විද්‍යා ජර්නල් වල ජල ප්‍රතිකාරය මගින් සුව කළ හැකි රෝග කියලා දක්වලා තියෙන ලෙඩ ලැයිස්තුව දැක්කම ඇත්තටම හිතෙන්නේ මෙතන නැති ලෙඩක් නැහැ නේද කියලයි. හිසරදය, සිරුරේ තැන තැන ඇදුම් කෑම්, හදවත් ආශ්‍රිත ගැටලු, ආතරයිටිස්, මීමැස්මොරය, ස්ථූල භාවය, බ්‍රොන්කයිටීස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයිටිස්, වකුගඩු හා මුත්‍රා ගැටලු, වමනය, ගැස්ට්‍රයිටිස්, බඩඑලිය යාම, අර්ශස්, දියවැඩියාව, මළ බද්ධය, පෙනීමේ ගැටලු, ගර්භාශ ගැටලු, පිළිකා, ඔසප් සංකූලතා, ඇස් කන් නාසා හා උගුර ආශ්‍රිත ගැටලු යනාදිය මෙහි දක්වලා තියෙනවා. ඉතින් ඇත්තටම තවත් රෝග තියෙනවද කියලා හිතෙන එකත් සාධාරණයි. මේ සියල්ලෙන්ම මිදීමට වගේම නිරෝගීව විසීමටත් උදව් වෙන ජල ප්‍රතිකාරය නිවැරදිව කරන්නේ මෙහෙමයි. 

01. උදෙන්ම වතුර වීදුරු හතරක් පානය කිරීම. වීදුරු හතරක් කිව්වට බය වෙන්න එපා. ජපන් මිනිසුන් මේ සඳහා භාවිතා කරන කෝප්ප මිලි ලීටර් 160ක් විතරයි. ඉතින් මේ කෝප්පයෙන් හතරක් ඒ කියන්නේ මිලි ලීටර් 640ක් බොන්නයි තියෙන්නේ. මේ ප්‍රමාණය උදෑසන අවදි වූ සැණින් ඉක්මනට පානය කිරීම අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක (මි.ලී. 750 අරක්කු බෝතලයක් වගේ) කඳ කොටසට අල්ලන ජල පරිමාවට ආසන්න ලෙස සමානයි. (කඳ කොටස කියන්නේ සිලින්ඩරාකාර කොටසට. ඊට ඉහළින් තමයි බෝතලයේ බෙල්ලක් වගේ සිහින් වෙන කොටස තියෙන්නේ)

02. ඊළඟට සාමාන්‍ය විදිහට දත් මැදලා සෝදා ගෙන දවසේ කටයුතු කර ගන්න. මුලින්ම වතුර බීලා විනාඩි 45න් යන තුරැ කිසිවක් කන්නට හෝ බොන්නට එපා. 

03. කුස පිරෙන්න හොඳ උදෑසන ආහාර වේලක් ලබාගන්න. ඉන්පසු තේ හෝ වෙනත් පානයක් ලබාගන්න. මේ සඳහා පිරිසිදු වතුරම වීදුරු දෙකක් බිව්වත් හොඳයි. (මි.ලී. 300-350)

04. දැන් තවත් පැය දෙකක් ගත වනතුරු වෙනත් කිසිවක් කෑමට, බීමට ගන්න එපා. මේ පියවර ඉතාම වැදගත්. උදෑසන ආහාරය සම්පූර්ණයෙන් ගෙන යම් බීමක් පානය කිරීමෙන් පසුව පැය දෙකක් යන තුරැ වෙනත් කිසිවක් කුසට වැටෙන්නට බැහැ.

05. එතැන් පටන් සාමාන්‍ය ක්‍රමයට දවස ගෙවන්න. වෙනත් කිසිදු විශේෂ යමක් කරන්නට අවශ්‍ය නැහැ.

06. මේ ක්‍රියාවලිය හැමදාම සිදුකරන්න. පහතින් දක්වලා තියෙනවා ඔබට ඇති සෞඛ්‍ය ගැටලු අනුව මෙය සිදුකළ යුතු කාල පරාසය. 

අධි රුධිර පීඩනය - දින 30ක් නොකඩවා
ගැස්ට්‍රයිටිස් - දින 10ක්
දියවැඩියාව - දින 30
මළ බද්ධය - දින 10ක් හෝ මඟ හැරෙන තුරු
පිළිකා - නොකඩවා දින 180ක් (මාස 6ක් පුරා)
ක්ෂය රෝගය - දින 90ක්. මෙහිදී උණු වතුර භාවිත කරන්න. 

07. ආතරයිටිස් - පළවෙනි සතියේ නොකඩවා දින තුනක්. ඉන් පසු දවස් 4ක් මෙය සිදු නොකර සිටින්න. ඉන් පසු දෙවන සතියේ සිට දිනපතා සිදුකරන්න.  මේ ජල ප්‍රතිකාරයෙන් ඇතිවිය හැකි කිසිදු අතුරු ආබාධයක් හෝ රෝගයක් නැහැ. ක්ෂය රෝගීන් අනිවාර්යයෙන්ම මෙම ප්‍රතිකාරය සඳහා උණු වතුර භාවිත කරන්නට වග බලා ගැනීම විතරයි ප්‍රවේසම් විය යුතු එකම අවස්ථාව. අනෙක් කිසිම කෙනෙකුට මේකෙන් කිසිදු ගැටලුවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඕනේ නම මුත්‍රා පිට වීම ටිකක් විතර වැඩි වෙයි. කොහොම වුණත් කලින් කිව්වා වගේ මේකෙන් ලැබෙන ප්‍රයෝජන නම් අති විශාලයි. 

මේ රෝග සියල්ල හොඳ කරගන්න අතරම වෙනදාට වඩා ඉතා ප්‍රබෝධයෙන් දවස ගත කරන්නටත්, කඩිසරව, කාර්යක්ෂමව ඕනෑම දෙයක් කරන්නටත්, දින අවසානයේ සුවදායි නින්දක් ලබාගන්නටත් මේ ජල ප්‍රතිකාරය උපකාරි වෙනවා. සාමාන්‍යයෙන් මිනිස් ශරීරයේ සියයට 80ක්ම ජලය නිසා සිරුරට ජලය අත්‍යවශ්‍ය ජීව සාධකයක්. ජලයේ ඇති ජීව ගුණය නිසි පරිදි භාවිත කරමින් ලෙඩ රෝග වළක්වා ගැනීමයි මේ ජපන් ක්‍රමයෙන් සිදුවන්නේ. එමගින් ආහාර රුචිය නිසිපරිදි පවත්වාගෙන කුසගින්න නිසිකලට ඇතිවෙනවා. ඒ වගේම මළ මුත්‍රා පහකිරීම නිසි තත්ත්වයට පත්කරනවා. සිරුරේ සියලුම අවයව පද්ධති ස්භාවික අන්දමට ක්‍රියාත්මක වීමට සලස්වනවා. ඒ කියන්නේ නීරෝගී සිරුරක් ලබාදෙනවා. නීරෝගී සිරුරක් නියන්නේ නීරෝගී මනසක්. ඉතින් මෙට උදේ සිටම ජල ප්‍රතිකාරය අරඹා ප්‍රතිඵල අත්විඳිමු. 

I සුගත්

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00