2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

වයසත් එක්ක වද දෙන ගුද පිළිකාව..!

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 829

ලැජ්ජාව නිසා බොහෝ දෙනා කතා කරන්නට අකමැති රෝගයකි මේ. බොරු ලැජ්ජාව නිසාම කලින් හඳුනාගැනීමට ඇති අවස්ථාව වැළකී දැඩි අපහසුතාවන්ට ලක්ව මාරාන්තික බවට පත්වීමයි. මේ රෝගය ගුද පිළිකාවයි.

අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන ගුද මාර්ගය ආහාරවල අපතේ යන ඉතිරි වන කොටස් මළපහ ලෙස ශරීරයෙන් ඉවත් කර දැමීම සිදු කරනවා. බඩවැල් අවසානයේ හමුවන ගුදය අඟලකින් හෝ අඟල් එකහමාරක දිගකින් යුක්ත වන අතර මේ කියන ගුදය තුළ ඇතිවන පිළිකාමය තත්ත්වය ගුද පිළිකාව ලෙස හඳුන්වනවා. ගුදයේ අභ්‍යන්තර බිත්ති මත පිහිටන “mucosa” යන නමින් හඳුන්වන සෛලවලයි මෙම පිළිකා තත්ත්වය ප්‍රථමයෙන් ඇතිවන්නේ.

ගුද පිළිකාවේ වර්ධනයක් පසුගිය කාලය තුළ වර්ධනය වී ඇති අතර වයස අවුරුදු 60 පමණ වනවිට ගුද පිළිකා අවදානමක් ඇතිවන බව නවතම අධ්‍යයන විසින් සොයාගෙන තිබෙනවා.

ගුද පිළිකාවේ පූර්ව රෝග ලක්‍ෂණ පිළිබඳ දැනුම්වත් වන්න.

1. ගුදය කැසීම
ගුදයේ මුඛය අවට විශේෂිත හේතුවකින් තොරව දිනපතා කසන සුළු ස්වභාවයක් ඇතිවනවා නම් මෙය ගුද පිළිකාව ඇතිකරන සෛල විකෘතිතාවයන් නිසා ඇතිවන පූර්ව රෝග ලක්‍ෂණයක් වන්නට ඉඩ ඇත.

2. ගුදයෙන් රුධිරය වහනය වීම
ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළපහවල රුධිරය තැවරී පිටවීම මගින් සොයාගන්නට පුළුවන්. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළබද්ධයේ සිට උදර ආසාදන යන බොහෝ රෝග ගණනක් නිසා සිදු වුවත් මෙය කිසිවිටකත් නොසලකා හැරිය නොයුතු කරුණකි. මෙම රෝග ලක්‍ෂණය මගිනුත් ගුද පිළිකාවේ අවදානම කියාපාන නිසා ඔබත් මෙය අත්විඳිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

3. ගුද මාර්ගය ඉදිමීම
ගුද මාර්ගයේ ඇතිවන ඉදිමීමද ගුද පිළිකාවේ මූලික රෝග ලක්‍ෂණයකි. ඉදිමීම පිළිබඳ වෛද්‍ය පරීක්‍ෂණයක් මගින් පරීක්‍ෂා කරගත යුතු වනවා. මෙම තත්ත්වය වේදනාකාරී බවක් ගෙන නොදුන්නත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි සුදුසු වන්නේ.

4. අසාමාන්‍ය තරලයන්
සෞඛ්‍ය සම්පන්න අයකුගේ ගුදයෙන් කිසියම් හෝ තරලයක් ශ්‍රාවය වීම ඉතා විරල වූ දෙයකි. ගුද මාර්ගයෙන් නිකුත් වන විවිධ තරලයන් මගිනුත් ගුද පිළිකාවේ ලක්‍ෂණ පෙන්නුම් කරන නිසා මේ පිළිබඳවත් නිසි අවධානයක් යොමු කළ යුතු වනවා.

5. අක්‍රමවත්ව මළපහ පිටවීම
වැසිකිළි භාවිත කළ පසුත් ඔබේ උදරයේ මළපහ තවමත් තිබෙන බවක් ඔබට දැනෙන අතර මළපහ කිරීමේදී පිටවන මළපහවල හැඩය පටු ස්වභාවයක් ගන්නවා නම් එයත් ගුද පිළිකාවේ රෝග ලක්ෂණයක් වනවා. මෙම තත්ත්වය ඇතිවන්නේ ගුද මාර්ගය තුළ ඇතිවන වායු ගෙඩි මගින් මළපහ සඳහා පිටවීමට ඇති ඉඩ ප්‍රමාණය ඇහිරීම නිසයි.

මෙම රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම්ලත් වෛද්‍යවරයකු ලවා වහා පරීක්ෂාවට ලක් කර ප්‍රතිකාර ලැබීම වැදගත්. බාහිර පරීක්ෂාව මෙන්ම ස්කෑන් පරීක්ෂණ සහ ජෛව පටක පරීක්ෂා මගින් මේ රෝගය නිශ්චිත ලෙසම හඳුනාගත හැකිය.

- Web Md

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48