2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

කණගාටුව නතර කරන සරල උපක්‍රම!

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 259

කණගාටුව කියන්නේ කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් සිදුකරන සිතුවිල්ලක්. සමහර අය මේ කණගාටුවට පත්වීම ප්‍රායෝගික පුහුණුවකින් නතර කර නොගත හැකි බව තමයි විශ්වාස කරන්නේ.

අද මේ ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ කණගාටුවීම නතර කරගන්නට මොළය පුහුණු කරගන්නා ක්‍රියාකාරී ක්‍රම කිහිපයක් පිළිබදවයි.

මුලින්ම ඔබ කණගාටුවට පත් වෙන කරුණු කොළයක ලියා ගැනීම මගින් ඔබේ මනස කණගාටුවට පත් වීම වළක්වාලීම කළ හැකියි. ඔබත් ඔබේ සිත කණගාටුවට පත්වීම නතර කරගැනීමට උත්සහා කරනවා නම් මේ සරල උපක්‍රමය අතිශය ප්‍රයෝජනවත් වේවි.

ඔබ නින්දට යන අවස්ථාවේදීත් ඔබේ මනස අවදිව සිට යම්කිසි කරුණු පිළිබඳව සිතෙනවා නම් ඒ කරුණු කොළ කැබැල්ලක හෝ ඔබේ ජංගම දුරකථනයේ සටහන් කරගන්න.මෙසේ සිදු කිරීම මඟින් මේ කාරණා පිළිබඳව තවදුරටත් සිතමින් මානසික ශක්තිය වැය කිරීමට අවශ්‍ය වන්නේ නෑ.

උදාහරණයක් විදිහට, ඔබට විශේෂ කරැණක් නිසා මිතුරෙක් මුණගැසීමට ඇතැයි සිතන්න. මේ අවස්ථාව වන විට මිතුරන්ට සංග්‍රහ ආදිය සිදුකරන ආකාරය ගැන ඔබේ සිත වදවෙනවා නම් මිතුරන්ට සංග්‍රහ කරන්නේ කෙසේද කියන එක කොළ කැබැල්ලක සටහන් කරගන්න.

ඔබේ සිතට නිතර කණගාටුවක් ඇතිවෙන මෙවන්දෑ කොළ කැබැල්ලක ලියාගැනීම මගින් ඔබේ මොළයත් මේ ක්‍රියාවට ඉබේම හුරු වේවි. ඉන්පසුව මේ දේවල් පිළිබද නිතරම කණගාටුවට පත්වෙමින් සිටිනවාට වඩා මේ කරුණු විසඳා ගන්නා ආකාරයක් ගැන යම් අදහසක් ඔබේ සිහියට පැමිණේවි.

දිගුකලක් පවතින ගැටළු නිසා දිගුකලක් ඇතිවන කණගාටුව හටගන්නා බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. “Anxiety” සඟරාවේ විද්‍යාඥයන් කණගාටුවට පත්වෙන පුද්ගලයන් කිහිප දෙනෙක් යොදාගෙන ඔවුන් කණගාටුවට පත්වන කරුණ නිසා සිදුවිය හැකි සත්‍ය ප්‍රතිඵල තුනක් කොළයක ලියන්නයැයි පවසා මේ හේතු සදහා ප්‍රායෝගික විසඳුම් විශ්ලේෂණයකර තිබෙනවා.

ඉතින් ඔබේ සිතටත් යම්කිසි කණගාටුදායක සිතුවිල්ලක් පැමිණිලා ඔබේ මනසට අසහනකාරී තත්ත්වයක් ඇති වෙලානම් මේ ගැන කණගාටු වෙමින් ඉන්නේ නැතුව මේ පුංචි උපක්‍රමය භාවිතා කර බලන්න.

කණගාටුවෙන් තොර මනසක් සඳහා භාවනා ක්‍රම

ඔබේ මොළය කණගාටු වීමෙන් වළක්වා ගන්න භාවනා ක්‍රම මගින් පුළුවන්. භාවනා ක්‍රම මගින් කාංසාව සහ කණගාටුව අපේ මනසින් ඉවත්කර ගතහැකි බව “Psychosomatic Medicine” සඟරාවේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඇතැම් පුද්ගලයන් තමන්ට භාවනාවල නිරතවන්නට තරම් කාලයක් නැතැයි කියා පැවසුවත් තප්පර තිහක කාලයක් හෝ ඊට වැඩි කාලයක් දෑස් පියාසිටීමත් භාවනාවක් වනවා. භාවනාවක දී සිදු වන්නේ ඔබට පීඩාවක් ගෙන දෙන සිතුවිලි යටපත් කරලීමට මනස හුරැකර වීමයි.

ඔබ භාවනාවේ නිරතවන අතර වාරේ ඔබට අනවශ්‍ය පීඩාවක් ගෙනදෙන සිතුවිලි කෙරෙහිත් ඔබට වඩාත් වැදගත් වන දෑ ගැනත් සිතන්න. මෙයින් ඔබට වඩාත් වැදගත්වන දෑ පමණක් තෝරාගන්න.

භාවනාව අතරවාරයේදීත් ඔබේ මනසට කණගාටුදායක සිතුවිලි ගලා එන්නට ඉඩ තිබෙනවා. මුල් අවධියේදී මේ දේ සාමාන්‍යයි. භාවනා ක්‍රම පිළිබඳ මනා දැනීමක් ඇති මනස සැහැල්ලු කර ගැනීම පිළිබදව සිටිනා විද්වතුන් පවා උපදෙස් දෙන්නේ භාවනාව අතරවාරයේ සිතට නැගෙන මෙවන් කණගාටුදායක සිතුවිලි මනසට උරාගෙන වළාකුලක් සේ පාකර යැවීමටයි.

ඔබත් ඔබට හැකි පමණින් කාලය වෙන්කර ගෙන සෑම දිනකම විනාඩි කිහිපයක් භාවනාවේ යෙදෙන්න.

කණගාටුවට පත්වීම වළක්වාලීමට ව්‍යායාම සිදුකිරීම.

ඔබව එක්වරම තිගැස්සීමකට පත්වන අවස්ථාවක් ගැන සිතන්න. මේ අවස්ථාවේදී ඇඩ්රිනලින් හෝමෝනය ඔබේ ශරීරය තුළ වැඩිවශයෙන් නිපදවෙනවා.

මේ ආකාරයටම ඔබ කණගාටුවෙන් පසුවන අවස්ථාවලදීත් ශරීරය තුළ ඇඩ්රිනලින් හෝමෝනයෙන් සුළු ප්‍රමාණයක් දිගු වේලාවක් නිපදවී තිබෙනවා.

කණගාටුවෙන් පසුවන අවස්ථාවක එම පුද්ගලයා විසින් ශාරීරික ව්‍යායාම සිදුකළවිට එම කණගාටුදායක සිතුවිලි අවම වන බව “Psychosomatic Medicine” සඟරාව විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනය මගින් සොයාගෙන තිබෙන තවත් කරුණක්.

ඔබ කණගාටුවෙන් පසුවන අවස්ථාවල ඔබේ රුධිර පීඩනයත් ඔබට නොදැනුවත්වම ඉහළ යනවා. නමුත් මෙවන් අවස්ථාවල ව්‍යායාමවල නිරත වීම මගින් ඔබේ අධි රුධිර පීඩනයත් ලෙහෙසියෙන්ම අඩු කරගන්නට පුළුවන්.

ඔබ කණගාටුවට පත්වෙමින් සිටින මොහොතක් ඔබට හඳුනාගත හැකිනම් විනාඩි 5 ක හෝ 10 ක කාලයක්දී ඇවිදීම සිදුකරන්න. ඔබේ පාදවලින් සහ හද ගැස්මෙන් නඟන රටාවත් සමඟ ස්වභාවික පරිසරයෙන් නඟන නාද ගැන අවධානය යොමු කරන්න.

- Psychosomatic Medicine

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07