2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ලේ ලෙඩ කරන අමු.තු ලෙඩ

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 10:20 147

ලෙඩ හැදෙන්නේ සිරැරේ අවයව පද්ධතිවලට පමණද? ඒ සියලු පද්ධති නිරෝගීව තබා ගන්නට වැදගත්ම සාධකය ලෙස දක්වන්නට පුළුවන් ලේ, හෙවත් රැධිරයත් ලෙඩ වන බව ඔබ දන්නවාද? ලේ ලෙඩ වුණොත් හැදෙන්න පුළුවන් ලෙඩ ගැනයි අපි දේශය පාඨක ඔබට අද මේ කියන්න යන්නේ.

ලේ, හෙවත් රැධිරය තමා අපේ ශරීරයේ හැම අවයවයකටම අවශ්‍ය පෝෂණය, ජලය, ඔක්සිජන් සපයන්නේ. ඒ වගේම සිරැරට ඇතුළු වෙන විෂබීජවලින් සිරැර ආරක්ෂා කරන්නේ. විස පෙරා දමන්නේ. සිරැරේ අවයව පිරිසුදුව නිරෝගීව තබා ගන්නේ. මේ කියන කරැණු කාරණා කෙරෙන්නේ ලේවල ඇති ප්‍රධාන කොටස් හතරක් මගිනුයි. මේ කොටස් හතර විවිධ හේතු නිසා ඒවායේ ස්වභාවික තත්ත්වයෙන් වෙනසකට ලක්වුණොත් නැත්නම් ලෙඩ වුණොත් ඒ නිසා හැදෙන ලෙඩත් බොහෝමයි.

මුලින්ම බලමු රුධිරය සැදී ඇති ප්‍රධාන කොටස් 4 මොනවාද කියලා.
එක, තමා රතු රැධිරාණු. දෙක, තමා සුදු රැධිරාණු. තුන, තමා රැධිර පට්ටිකා. හතර, තමා රැධිරයේ ඇති දියර කොටස ඒ කියන්නේ ප්ලාස්මාව. මේ කියන මූලික සංඝටක වලින් මුලින්ම රතු රැධිරාණුවලට හැදෙන ලෙඩ රෝග ගැන අපි අද කතා කරමු. ඒ අතරින් ප්‍රධාන රෝගය ලේ හිඟකම නැතිනම් ඇනීමියාව.

ලේ හිඟකම හෙවත් ඇනීමියාව
ලේ හිඟකම ලෙස සාමාන්‍ය වචනයෙන් හැඳින්වෙන රෝගයට හේතුව රතුරැධිරාණු හිඟකමයි. මේ රෝගයේ රෝග ලක්ෂණ මතු වෙන්නේ රතු රැධිරාණු හොඳටම අඩු වූ විටයි. සුදුමැලි හම, ඇස් යට, නියපොතු සුදු පැහැවීම. මහන්සි ගතිය, වෙහෙස ගතිය ඒ රෝග ලක්ෂණයි. රතු රැධිරාණු හිඟවීම සිදුවන ආකාරය හේතුවෙන් මේ රෝගයෙත්, විවිධ ආකාර පවතියි.

යකඩ අඩුවීම නිසා ඇතිවන ලේ හිඟය
රතු රැධිරාණු සෑදීමට යකඩ හෙවත් අයන් අවශ්‍යමයි. මාසික ඔසප් චක්‍රය හේතුවෙන් ඇතිවන බලපෑම නිසා කාන්තාවන් අතර බහුලව මෙය දැකිය හැකියි. සිරැරේ පිළිකා හෝ අභ්‍යන්තර තුවාල නිසාද මෙය හටගන්නට හැකියි. යකඩ පෙති සිරප් ලබාදීම හෝ පෝෂණ උපදෙස් පිළිපැදීම මගින් මෙයින් සුවය ලැබේ. කලාතුරකින් පිටතින් රැධිරය දෙන්න සිදුවෙයි.

 නිදන්ගත ලේ හිඟය
නිදන්ගත වකුගඩු රෝගය බඳු අනෙකුත් නිදන්ගත රෝගී තත්ත්ව නිසා ඇතිවන ලේ හිඟය මෙයට බලපායි. බොහෝවිට අදාළ රෝගවලට ප්‍රතිකාර ගත්විට මෙයද සුවවෙයි. නැතිනම් රතු රැධිරාණු නිපදවීම උත්තේජනය කරන හෝර්මෝන එන්නත් කිරීම හෝ අවශ්‍යවිට රැධිරය පිටතින් ලබාදීම සිදුවෙයි.

 විටමින් B12 හිඟය
විටමින් B12 හිඟය නිසා ඇතිවන තත්ත්වයකි මේ. ආහාර මගින් විටමින් B12 නිසිලෙස උරා නොගැනීම නිසා එය සිදුවෙයි. ආමාශයේ ඇතුළත පටල දුර්වලවීම නිසා මෙය සිදුවිය හැකිය. සමහරවිට ස්නායුගත රෝගාබාධයන්ද මෙයට හේතුවිය හැකිය.

Aplastic ලේ හිඟය
මේ තත්ත්වය ඇතිවන්නේ ඇටමිදුළු මගින් අවශ්‍ය තරම් රතු රැධිරාණු නිපදවන්නේ නැතිවිටය. මේ සඳහා බොහෝ හේතු බලපෑ හැකිය. හෙපටයිටිස් සහ HIV වැනි තත්ත්ව. සමහර ඖෂධවල බලපෑම පිළිකා සඳහා කෙරෙන රසායනික ප්‍රතිකාර, ගර්භණීභාවය, මේ සඳහා ඖෂධ ලබාදීම, රැධිරය ලබාදීම සිට ඇටමිදුළු බද්ධය දක්වා ප්‍රතිකාර ලබාදීමට සිදුවෙයි.

අධි ප්‍රතිශක්තිජනක ලේ හිඟය
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙය ඇතිවෙයි. මෙහිදී සිරැරේ නිපදවෙන රතු රැධිරාණු සිරැරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියම ගිල දැමීම සිදුවෙයි. මේ නිසා ඇතිවන ලේ හිඟයට ප්‍රතිකාර ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමනය කරන ඖෂධ ලබාදෙයි.

තැලිසීමියා ලේ හිඟය
මෙය ජානමය හේතුමත ඇතිවන ලේ හිඟයයි. මෙය බොහෝවිට ජීවත්වන පරිසර කලාපය අනුව එන ජානමය රෝගයකි. සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය නොවේ. සමහර අයට ලේ ලබාදීමට සිදුවෙයි.

දෑකැති සෛල ලේ හිඟය
සමහර රටවලට අදාළ ජානමය රෝගයකි. රතුරැධිරාණු ඝන වී තදවී දෑකැති හැඩැති ස්වභාවයක් ගනියි. මේ මගින් රැධිර ධාරාව අවහිර කරයි. තදබල කැක්කුම් මෙන්ම අවයවවලට හානිද සිදුවිය හැකියි.

අධි සෛලීය ලේ හිඟය
මෙය හඳුනා නොගත් හේතුවක් නිසා ඇතිවන තත්ත්වයකි. අධික ලෙස රතු රැධිරාණු නිපදවෙන අතර මෙයින් බොහෝවිට හානි සිදු නොවුනත් හදිසියේ රැධිරය කැටි ඇතිවිය හැකියි.

මැලේරියා ලේ හිඟය
මැලේරියා පරපෝෂිතයා හේතුවෙන් රතුරැධිරාණු පුපුරා විනාශ වී යාම මෙහිදී සිදුවෙයි.
මේ රතු රැධිරාණුවලට බලපාන ප්‍රධාන ලෙඩ රෝගයි. සුදු රැධිරාණු ලෙඩ කරන රෝග ගැන ඊළඟට කතා කරමු.
 

♦ සුගත්

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00