2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා

    සිරැර ලෙඩ කරන නි‍ෙවසේ විෂ වායු

     2016 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා, පෙ.ව. 12:00 38

    ලෝව පුරා සියලුම මනුෂ්‍යයෝ තම වෙහෙසකර දිනයන් අවසන් කර, වාසස්ථාන කරා පැමිණෙන්නේ හොඳින් හුස්මක් කටක් ගෙන සැනසිල්ලේ විවේ ගන්නටය. එහෙත්, නාගරික පරිසරයේ වාතයේ තිබෙන දූෂිත තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් පමණ වැඩි දූෂිත තත්ත්වයක් නිවෙස් තුළ තිබෙන්නට හැකි බව අමරිකානු පාරිසරික ආරක්ෂණ අධිකාරිය (EPA) අවධාරණය කර තිබේ. (ගෘහස්ථ වායූ දූෂණය යන්නට අයෙකු පදිංචි නිවස මෙන්ම ඔහු රුකියාව කරන කාර්යාලය ද ඇතුළත් වේ.) 

     

     

    කෙසේ වෙතත් නාගරික පරිසරයේ වායු දූෂණය පිළිබඳ කතා කරන බොහෝ දෙනෙකු ගෘහස්ථ වායු දූෂණය නමැති නිහඬ මාරයා පිළිබඳ ඒ හැටි සිතා මතා කටයුතු නොකරන බව හෙළි වී තිබේ. ලොව පුරා අලුතින් ගොඩනැගෙන ගොඩනැගිලි වලින් සියයට 30 ක් පමණ දුර්වල ආලෝක වාතාශ‍්‍ර තත්ත්වයන් සහිතව ඉදි කිරීම නිසාවෙන් එම ගොඩනැගිළි තුළ වෙසෙන්නන් සික් බිල්ඩින් සින්ඩ්‍රෝම් (Sick building syndrome) නමැති රෝග තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර තිබේ. 
    ගෘහස්ථ විෂ වායුවල වැඩිම අවදානම ඇත්තේ කාට ද?
    විශේෂයෙන් ළදරැවන් සහ ළමයින්, (මොවුන් වැඩි කාලයක් නිවෙස් තුළ ගත කරන අතර, ඔවුන්ගේ පරිවෘත්තිය ක‍්‍රියාකාරිත්වයන් සහ ස්වසන ක‍්‍රියාකාරිත්වය වැඩිහිටියන්ට සාපේක්ෂව වේගවත් ය. එමෙන්ම ඔවුන්ගේ පෙනහලු සහ ප‍්‍රතිශක්තිකරන පද්ධතිය නොමේරැ තත්ත්වයේ තිබෙන බැවින් අසාත්මිකතාවලට ලෙහෙසියෙන්ම ගොඳුරැ වෙති. අනෙක් අතට ඔවුන් උසින් අඩු බැවින් ටයිල් ක්ලීනර්, ෆ්ලෝ පේන්ට්, වැසිකිළි නාන කාමර සේදුම්කාරක රසායනික ද්‍රව්‍යයවලින් වැඩි හානියක් සිදු වෙයි.) ගර්භනී මවුවරැ, මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයින්. ඇදුම හා ස්වසන රෝග වලින් පෙළෙන්නන් සහ වයෝවෘද්ධ උදවිය ගෘහස්ත වායූ දූෂණයේ අධි අවදානම් පුද්ගලයින් වෙයි. 
     පර්චස් පහ හයකට කොටු වුණු, නිසි ආලෝකය වාතාශ‍්‍රය නොලැබෙන, සොර සතුරන්ට, මදුරැවන්ට බයේ දවස පුරාම දොර ජනෙල් වසා තැබෙන, ටී.වී. එකේ කියන කියන ප‍්‍රමිතියෙන් තොර රෙදි සෝදන කුඩු වර්ග, රෙදි මෘදු කාරක, වැසිකිළි හා ටයිල් සේදුම්කාරක වර්ග, මදුරැනාශක වර්ග, කැරපොතු නාශක වර්ග, හඳුන් කූරැ, එයාර් ප්‍රෙෂ්නර්ස්, විලවුන් හා සුවඳ විලවුන් වර්ග භාවිත කෙරෙන, නගර සභාවෙ කුණු ට‍්‍රැක්ටරය පැමිණෙන තුරැ කසළ බඳුන් නිවෙස් තුළ තබා ගන්නා, පොලිතීන්, ප්ලාස්ටික් නිතර පුලුස්සන, ප‍්‍රමිතියෙන් තොර විෂ තීන්ත වර්ග, වාර්නිස් වර්ග ආලේප කළ, ඇස්බැස්ටස් සෙවිලි කළ ලාංකික කුටුම්බ තුළ නැවුම් පිරිසුඳු වාතය කෙසේ වෙතත් හිසරදය, ඇඳුම, හතිය වැනි රෝග තත්ත්වයන් මෙන්ම, මඳ සරැභාවය, පිළිකා වැනි රෝග තත්ත්වයන් පවා ඇති කළ හැකි විෂ වායු වර්ගවලින් දූෂණය වී තිබෙන්නට පිළිවන් බව කීවොත් ඔබ විශ්වාස කරනවාද?
    ෆෝමැල්ඩිහයිඩ්
    ෆෝමැල්ඩිහයිඩ් වනාහි බොහොමයක් ගෘහස්ථ පාරිභෝගික භාණ්ඩවලින් වහනය වන  අසාත්මිකතා හා පිළිකාවලට හේතු වන විෂ වායුවකි. බොහොමයක් තීන්තවල ෆෝමැල්ඩිහයිඩ්, ඇසිටැල්ඩිහයිඩ් වැනි හානිකර වාශ්පශීලි කාබනික සංයෝග (VOCs) අඩංගු වෙයි. අලුතින් තීන්ත ගෑ බිත්ති මතින් හමන ලක්ෂණික සුවඳට හේතු වන්නේ මෙම වාෂ්පශීලි සංයෝග වන අතර, සාමාන්‍යයෙන් තීන්ත ගෑමෙන් පසු මාසයක් පමණ ගත වන තුරැ මේවා ඉවත් නොවන බව සොයාගෙන තිබේ. මෙයට අමතරව ගම් වර්ග, වාර්නිස් වර්ග, විෂ බීජනාශක දියර වර්ග, ගෘහස්ථ කෘමි නාශක වර්ග, මදුරැ කොයිල්, සේදුම්කාරක දියර සහ කුඩු වර්ග, අලුත් රෙදි, කාපට් හා ජනෙල් තිර, මදුරැ කොයිල් හා සිගරුට් දුම, ෂැම්පෝ, නිය ආලේපන, බොඩි ලෝෂන් වැනි විලවුන් නිෂ්පාදන, පදම් කළ හා කෘත‍්‍රිම ලී වලින් තැනූ ගෘහ භාණ්ඩවලින් ෆෝමැල්ඩිහයිඩ් වහනය විය හැකිය.
    බී.ටී.ඊ.එක්ස්. (BTEX) 
    පර් යේෂණ පත‍්‍රිකාවක දැක්වෙන තොරතුරැවලට අනුව සුලභ හෝර්මෝන ස්‍රාවය අවුලට පත් කරන (Endocrine disruptors) ගෘහස්ථ වායූ දූෂක රසායනික ද්‍රව්‍යයන් 4ක් වන බෙන්සීන්, ටොලුවීන්, එතිල් බෙන්සීන්, සයිලීන් (Benzene, toluene, ethylbenzene, and xylene (BTEX) සම්බන්ධයෙන් අ‍ෙමරිකානු පාරිසරික ආරක්ෂණ අධිකාරිය විසින් කලින් නිර්දේශ කර තිබූ අවම හානිකර මාත‍්‍රාවට වඩා අඩු මාත‍්‍රාවකින් වුවද මිනිසාට හානිකර තත්ත්වයන් ඇති කරන බව තිබේ. 
    එනැමල් තීන්ත, විවිධ ද්‍රාවකයන්, වාර්නිස් සහ පොලිස් වර්ග, ගම් වර්ග, රෙදි සෝදන කුඩු, ගෘහස්ථ ටයිල් ක්ලීනර්ස්, වැසිකිළි පවිත‍්‍රකාරක, ඩයි වර්ග, පළි‍ෙබා්ධනාශක වැනි පුළුල් පරාසයක විහිදෙන පාරිභෝගික භාණ්ඩ රාශියක මෙම රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගත වන අතර, එතිල් බෙන්සීන් වනාහි සෙල්ලන් බඩු, සහ ක‍්‍රීඩා භාණ්ඩ වැනි ළමයින් පරිභෝජනය කරන නිෂ්පාදනවල අන්තර්ගත වන ප‍්‍රමුඛතම රසායනික ද්‍රව්‍යයක් ද වෙයි. මෙම රසායනික ද්‍රව්‍යයන්වලට දීර්ඝ කාලයක් තිස්සේ යමෙකු නිරාවරණය වීමෙන් මඳසරැභාවය, කළල වර්ධනය හීන වීම, ස්නායු ආබාධ, හෘදයාබාධ, ඇඳුම, හතිය වැනි ස්වශන රෝග, නින්ඳ නොයාම, ඇතැම් පිළිකා වර්ග සහ හොර්මෝන අසාමාන්‍යතා රෝග වලට ගොඳුරැ වීමට පිළිවන් බව පර් ෙය්ෂකයින් අවධාරණය කර ඇත. 
    මදුරැ කොයිල් සහ හඳුන්කූරැ දුම.
    තමන් කා අහක දමන හිස් යෝගට් කෝප්පය වත්තට, කාණුවට වීසි කරන බොහෝ දෙනෙක් ඩෙංගු භීතිකාවෙන් ගැළවීමට ඇති හොඳම පිළියම ලෙස මදුරැ කොයිල්, මැට්, එරසෝල්, වැනි මදුරැ විකර්ෂක Repellants සලකති. මේවා කොතෙක් ජනප‍්‍රියද කිවහොත් ලොව පුරා ජනතාව වර්ෂයකදී අ‍ෙමරිකන් ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි මුදලක්, මදුරැ කොයිල් සඳහා පමණක් පුළුස්සා දමති. ශ‍්‍රි ලංකාවේ බස්නාහිර පළාත තුළ පමණක් දිනකට මදුරැ කොයිල් කන්ටේනර් 7ක් පමණ පිළිස්සෙන බව සොයාගෙන තිබෙනවා. ඉදින් අපේ රටේ බොහෝ දෙනෙකුට තම ඒකාකාරී නීරස සහ වෙහෙසකර දින චර්යාව අවසන, මළාක් මෙන් නිදි සුව විඳීම සඳහා පිහිටට සිටින එකම ගැලවුම්කාරයා ඉහ අද්දරින් දල්වා තබාගන්නා  මදුරැ කොයිල් එකය. එකළ මෙරට ආගමික ස්ථානවල සහ නිවෙස්වල දැල්වුණු හඳුන් කූරැ මෙන් නොව මෙකළ භාවිත කෙරෙන හඳුන් කූරැවලින් ඉතාමත් සැර සුඟන්ධයන් වහනය වෙයි. මෙම කෘත්‍රීම සුඟන්ධයන් කොයි තරම් සැරද යන්න ලංකාවේ උදෑසනම බස් රථවල ගමන් කරන උදවිය අත්දැකීමෙන්ම දනිති. ඒ, මෙම සුවඳ ආඝ‍්‍රාහණය කිරීමෙන් හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා, වමණය, ඔක්කාරය වැනි අත්දැකීම්වලට මේ බොහෝ දෙනකු මුහුණ දී ඇති බැවිණි. කෙසේ වෙතත් මදුරැ කොයිල් සහ හඳුන්කූරැ දහනය වීමේ දි සෞඛ්‍යයට අහිතකර විෂ වායූන් රාශියක්ම පරිසරයට මුසු වන බව විද්‍යාඥයින් පෙන්වාදී තිබේ. 
    සිගරට් 100ක විස මදුරැ කොයිල් 1ක
    කාමරයක් තුළ දොර ජනෙල් වසාගෙන මදුරැ කොයිල් එකක් දල්වාගෙන සිටින්නෙකුගේ ශරීරයට දුම්වැටි 100ක් දහනය වීමෙන් පිට කෙරෙන විෂ වායු ප‍්‍රමාණයක් ඇතුළු වන බව, මැලේසියානු ළය රෝග පිළිබඳ                    පර් යේෂණ පදනමේ අධ්‍යක්ෂ &සන්දීප් සැලිටි” මහතා අවධාරණය කර ඇත. කොළඹ සරසවියේ රසායනික විද්‍යා අංශය තුළ කර ඇති         පර් යේෂණයකට අනුව, ලංකාව තුළ භාවිතා කෙරෙන මදුරැ කොයිල්වලින් මිනිස් සිරැරට විස සහිත කාබනිල් සහ බහු කාබනික, බහුචක‍්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබන වර්ග සැළකිය යුතු මට්ටමකින් නිකුත් කෙරෙන බව සොයා ගෙන ඇත.
    ගෘහස්ථ විෂ වායුන්වලින් 
    කෙටි කාලීන ව ඇති වන සංකූලතාවයන් හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් දැවිල්ල, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, හිසරදය, ඇදුම, ස්වසන පද්ධතියේ දැවිල්ල, කැසීම, නාසයේ සහ උගුරේ ඇති වන වේදනාව, වමනය, ඔක්කාරය 
    දිගුකාලීන සෞඛ්‍ය බලපෑම්
    මඳ සරැභාවය, ඇදුම, පෙනීමේ ආබාධ, අක්මාවට හානි සිදු වීම, ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ ඇතැම් පිළිකා වර්ග ඇති වීම.

    ගැමුණු සාලිය පෙරේරා, 
    ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමයේ 
    බදුලු දිස්ත‍්‍රික් මාධ්‍ය ප‍්‍රකාශක.

     2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00