2018 ජුනි 09 වන සෙනසුරාදා

වැඩි කලක් ජීවත් වෙන්න: දහ වතාවක් පළතුරු කන්න

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 384

උපන්දා සිට සැම දෙනාගේම උත්සාහය වැඩිම කාලයක් ජීවත් වීමටය. ඒ සඳහා උපකාරී වන යහපත් පුරුද්දක් ගැන දැන් තොරතුරු වාර්තා වී තිබේ. එක දවසකට දහ වතාවක් එළවළු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකි බව මෙම අලුත්ම සොගැනීම පෙන්වා දෙයි. 

එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑ අටක් වළක්වා ගත හැකි බව කියන්නෙ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්වවිද්‍යාලයේ පර්‍ෙය් ෂක පිරිසකි. 

පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැළකීමට හේතුවෙන විශේෂ එළවළු සහ පළතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනාගනු ලැබ ඇත. එළවළු සහ පළතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව එම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගත යුතු එළවළු හෝ පළතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි.

පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළන  එළවළු වර්ග:

කොළ පැහැති එළවළු, කහ පැහැති එළවළු, ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොළ පැහැති පත්‍ර සහිත එළවළු

හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවළු  පළතුරු වර්ග

ඇපල්, පෙයාර්ස්, පැඟිරි සහිත පළතුරැ, සලාද, කොළ පැහැති එළවළු, ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොළ පැහැති පත්‍ර සහිත එළවළු.

- Web  MD