2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ලිංගික පහස අතහැරීමත් ලෙඩ ගොඩකට හේතුවක්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2485

ලිංගික ආශාව  ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන් කිහිපයක්.

ස්ත්‍රි ප්‍රජනන මාර්ගයේ තරමක තද ගතියක් ඇතිවිය හැකිය

ඔබ කාන්තාවක් නම් ලිංගික පහස නොලබා දිගු කලක් සිටින විට ඔබේ යෝනි මාර්ගයේ මාංශ පේශී තරමක් තද ස්වරූපයක් ගනු ලබනවා. මේ සිද්ධිය සිදුවන්නේ සංසර්ගයේ නොයෙදෙන නිසා යෝනි මාර්ගයේ ඇති මාංශ පේශීහට ලිහිල් වීමේ ක්‍රියාවලිය සිදුවීමට අවස්ථාවක් නොලැබෙන නිසයි. මේ නිසා ඔබට සුළු වේදනාවක්ද ඇති වන්නට පුළුවන්. නමුත් ඔබ නැවතත් ලිංගික පහස ලබන්න සුදානම් වූ විට ඉතා ඉක්මනින් මේ මාංශ පේශී ලිහිල් වන්න පටන්ගන්නවා.

පිරිමි පුද්ගලයින්හට ප්‍රාණවත් නොවීමේ ගැටලු ඇති විය හැකිය

දිනපතා ලිංගික සංසර්ගයේ නොයෙදෙන පිරිමි පුද්ගලයින්හට දිනපතා ලිංගිකව එක්වන පිරිමි පුද්ගලයින්ට වඩා ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. පිරිමි පුද්ගලයෙක් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් ශිෂ්ණයේ මාංශ පේශී ප්‍රාණවත් වී දිගු කලක් ශිෂ්ණය ප්‍රාණවත්ව තබාගන්නට පුළුවන්කම තිබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටේ

ලිංගික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කරන බව විවිධ අධ්‍යයන මගින් තහවුරු කර තිබේ.  ලිංගිකව එක් නොවුනත් ස්වයංවින්දනයේ නිරත වනවා නම්  ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසියාකාරව පවත්වාගෙන නිතර වැළඳෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලින් ලේසියෙන්ම ආරක්‍ෂා විය හැකි බව වාර්තා වී ඇත.

ලිංගික ආශාව අතුරුදන් වෙයි

මෙය විවිධ මතවාදවලට ලක්ව තිබෙන මාතෘකාවක්. ඇතැම් විශේෂඥයන් පවසන්නේ දිනපතා ලිංගිකව එක්වීම මගින් අති මහත් ලිංගික ආශාවක් පවත්වා ගන්නට හැකි වන බවයි. ලිංගිකව එක්නොවී වැඩිකලක් සිටීම මගින් මේ ලිංගික ආශාව තරමක් අඩු වී යන බවටයි විවිධ පුද්ගලයින් කරුණු දක්වන්නේ. නමුත් මෙය එකිනෙකාට වෙන්වුණු පෞද්ගලික කරුණක්.

මානසික ආතතිය ඉහළ යයි 

මානසික ආතතිය දුරුකරගන්නට ඇති හොඳම මගක් තමයි ලිංගික පහස ලැබීම. ඔබත් නිතරම වාගේ ලිංගිකව එක්වනවා නම් මානසික ආතතිය නිසා ඔබට ඇතිවන අධි රැධිර පීඩනය පවා දුරුකරගෙන ආතතියකින් තොරව වඩා සාර්ථකව වැඩ කටයුතු කරගන්නට හැකියාව  ලැබෙයි.

හදවත් රෝග 

ඔබ දිනපතා ව්‍යායාම සිදුකරන පුද්ගලයෙක් වුවත් ලිංගිකව එක්වීම එයටත් වඩා ඔබේ ශරීරය මනාව සෞඛ්‍යය සම්පන්න කරනු ලබනවා. ලිංගික පහස ලැබීමෙදී මුලු සිරුරට ලැබෙන ව්‍යායාමය මෙන්ම එහිදි සිදුවන හෝමොන ක්‍රියාකාරිත්වය ඔබේ හදවත් සෞඛ්‍යයත් වර්ධනය කරන නිසා ඒ ආශ්‍රිතව ඇතිවන රෝගවලිනුත් ලෙහෙසියෙන්ම ගැලවෙන්නට පුළුවන්.