2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කොලෙස්ටෙරෝල්වලින් පණ බේරාගන්න!

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 765

කොලෙස්ටෙරෝල් යනු වර්තමානයේ තරුණ මහලු භේදයකින් තොරව ඉතා සීග්‍රයෙන් වැඩි වන්නා වූ බෝ නොවන රෝගයකි. විශේෂයෙන් අවිධිමත් ආහාර රටාවන් නිසා ඇතිවන මෙම රෝගී තත්ත්වය අඩු කොලෙස්ටෙරෝල් මට්ටම හා අධි කොලෙස්ටෙරෝල් මට්ටම ලෙස කොටස් දෙකකි. අපගේ ශරීරයේ පවතින කොලෙස්ටෙරෝල් මට්ටම අනුව හිතකර හා අහිතකර ප්‍රතිඵල ලැබේ.

කොලෙස්ටෙරෝල් පිත්ත අම්ලය සෛල පටලවල පැවැත්මට අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ස්ටීරොයිඩ් සහ විටමින් ඩී සංශ්ලේෂණයේ දී මූලික සාධකය ද එයයි. මේ හේතුවෙන් ඒවායේ අඩු වැඩි වීම් නිසා අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවිය හැකිය. පිළිකා වැනි දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වන අය මන්දපෝෂණයෙන් ද පෙළෙන නිසා LDL (අයහපත්) කොලෙස්ටෙරෝල් මට්ටම අඩු වීමට ඉඩ තිබේ. වසංගත රෝග පිළිබඳව අධ්‍යයනය කරන විට පෙනී ගොස් ඇත්තේ ස්වභාවයෙන් ම අඩු කොලෙස්ටෙරෝල් මට්ටමක් ඇති අය වැඩි කලක් ජීවත්වන බවයි. ප්‍රෝටීන් සම්බන්ධ ඇතැම් ආබාධවලදී සමස්ත කොලෙස්ටෙරෝල් මට්ටම 80 දක්වාත් LDL කොලෙස්ටෙරෝල් මට්ටම 30 දක්වාත් අඩු වී පවතී. මෙම තත්ත්වය දීර්ඝායුෂ වැඩීමට හේතුකාරක වන බව පෙනී ගොස් තිබේ.

ක්ෂීරපායි ගණයට අයත් අශ්වයන් වැනි ඇතැම් සතුන් හැරුණු විට පූර්ණ කොලෙස්ටෙරෝල් මට්ටම 160 වැඩියෙන් ද LDL මට්ටම 80 වැඩියෙන් ද ඇත්තේ මිනිසාට පමණි. ඇමෙරිකානු ප්‍රමිතියට අනුව LDL මට්ටම 50-70 නම් එය ඉතාමත් අඩු මට්ටමකි. එහෙත් අපගේ ජානමය යෝග්‍යතා අනුව සකස්වුණු ආහාර මෙන්ම හැසිරීම් රටාව අනුව ද මෙය සාමාන්‍ය මට්ටම සේ සැලකිය හැකිය. ප්‍රදාහය සහ රුධිර හා වසා වාහිනී පටල විෂමතා ද හෘදයාබාධවල හේතුකාරක වන මුත් LDL කොලෙස්ටෙරෝල් මට්ටම 80 ට අඩු වූ විට ඒවා මඟහැරී යන බව පරීක්ෂණවල දී හෙළි වී ඇත. ස්ටැටින් ප්‍රතිකාරයෙන්ද එවැනි රෝග සුවපත් කරන බව ද පෙනී ගොස් තිබේ. මෙය කවර ක්‍රියාවලියක් නිසා සිදුවන්නේ දැයි පැහැදිලි නැතිමුත් නූතන ශිෂ්ට සමාජයේ දක්නට ලැබෙන විවිධාකාර වූ නිදන්ගත, එමෙන්ම පරිහානියට ලක් කරන රෝගවල පොදු හේතුව LDL (අයහපත්) කොලෙස්ටෙරෝල් මට්ටම වැඩිවීම බව ඇතැම් අයගේ මතයයි. දැන් සාමාන්‍ය මට්ටම ලෙස පිළිගැනෙන 50-70 ප්‍රමාණයට LDL මට්ටම අඩු කළහොත් හෘදයාබාධ පමණක් නොව විශේෂයෙන් ම වයස්ගත වූවන් වැඩියෙන් ගොදුරැවන රෝගාබාධ බොහොමයක් වැලකී යනු ඇත. එය දීර්ඝායුෂ භූක්ති විඳීමට ද හේතු වන්නේය. 

Health web-

නරක මේදයෙන් බේරෙන්නේ මෙහෙමයි

නරක කොලෙස්ටරෝල් වැඩිවීමෙන් ඇතිවන ලෙඩ රෝගවලින් බේරෙන්නට නම් එදිනෙදා ආහාර පුරුදු සහ ජීවන පුරුදු වෙනස් කර ගැනීම මගින් පමණක් එය කරන්නට හැකියි. ඒ සඳහා දැනට වෛද්‍ය විද්‍යාත්මකව යහපත් යැයි තහවුරු කර ඇති ආහාර කිහිපයකි මේ.

ඕට්ස්

ඕට්ස් දිනකට එක්වරක් හෝ ආහාරයට එක්කර ගත්විට සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය වගේම නරක (LDL) කොලෙස්ටරෝල් මට්ටමත් සැලකිය යුතු මට්ටමින් අඩු වෙනවා. ඕට්ස් ග්‍රෑම් 60ත් 80ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගත්විට කොලෙස්ටරෝල්වලට එරෙහිව කටයුතු කරන බීටා Glucan නම් රසායනය ග්‍රෑම් 3ක් පමණ ඇඟට එකතුවෙනවා. වේල් තුනටම ඕට්ස් විවිධ ආකාරයට සකසා කෑමට ගැනීම ඉතාමත් වැදගත්.

මුංඇට වැනි ඇට වර්ග

මුංඇට, කව්පි, සෝයා වැනි ඇට වර්ග ග්‍රෑම් 30ක් පමණ එක් ආහාර වේලකට එකතු වෙනවා නම් නරක (LDL) කොලෙස්ටරෝල් සියයට 5.5ක් අඩුවෙනවා වගේම යහපත් කෙලෙස්ටරෝල් ප්‍රමාණය සියයට 3.2ක් ඉහළ යනවා.

කජු මද

කජු මද කියන්නේ කොලෙස්ටරෝල් මර්දනය සඳහාම විශේෂ වූ ආහාරයක් හැටියටයි දැන් හඳුනාගෙන ඇත්තේ. ඔමේගා 3 මේදය යහමින් අඩංගු නිසා දිනකට ග්‍රෑම් 50ක්වත් කජුමද ආහාරයට ගන්නවා නම් නරක කොලෙස්ටරෝල් ඉතා අඩුවන බවයි වෛද්‍ය මතය.

තෙල් සහිත මාලු

සැමන්, ටූනා, සාර්ඩින්, මැකරල්, හුරුල්ලා වැනි මාළු වර්ගවලින් යමක් උදාසන ආහාරයට එක්කර ගැනීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතා යහපත් මට්ටමක පවත්වාගන්න පුළුවනි. සාමාන්‍යයෙන් දිනකට සිරැරට අවශ්‍ය ඔමේගා 3 ප්‍රමාණය මිලිග්‍රෑම් 500ක් හැටියටයි කියන්නේ. ඒ ප්‍රමාණය ලබාදෙන්න පුංචි ග්‍රෑම් 150ක විතර මාළු පෙත්තකට හැකියි. 

මේ හැර දිනකට මිනිත්තු 30ක් හොඳින් ඇඟට දාඩිය දාන ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමයක යෙදීමත්, දුම්පානය අත්හැරීමත්, මත්පැන් සීමා කිරීමත්, එළවළු පළතුරැ වැඩියෙන් ආහාරයට ගැනීමත්, බටර් වෙනුවට ඔලිව් ඔයිල් වැනි හිතරක ශාකමය තෙල් වර්ගයක් භාවිතයත් කලින් සකස් කරන ලද අධික ලුණු, තෙල් සහ පිටි අඩංගු ආහාර අත් හැරීමත් පුරැදු කර ගැනීමෙන් කොලෙස්ටරෝල් වලින් සිදුවන හානිය වළක්වා ගන්න පුළුවනි.