2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

සතුන් සොයා යන ලෙඩේ

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:00 831

හලෝ, ඔය කතා කරන්නෙ දොස්තර මහත්තයද?
ඔව්, කතා කරනවා.

මම මේ කතා කරන්නෙ .... ඉඳලා. ටෙලිෆෝනයෙන් කතා කරන්නෙ ඇවිත් මුණගැහිලා කතා කරන්න ලජ්ජ නිසා. මම ලොකු ගැටලුවකට මුහුණපාලයි ඉන්නෙ. ඒකට විසඳුමක් දෙන්න පුළුවන්ද?
ඔව්. ඔබේ ගැටලුව කියන්න.

මම දැන් විවාහවෙලා ඉන්නෙ. දරැවො දෙන්නෙක් ඉන්නවා. මම කුඩා කාලෙ ඉඳලම බල්ලන්ට ආසයි. පාසල් යන කාලෙ ඉඳලා අපේ ගෙදර බල්ලන් හිටියා. මම උන් සමඟ විවිධ ලෙස හැසිරැණා. විවාහ වුණාට පස්සෙත් මගේ පුරැද්ද නැතිවී ගියේ නැහැ. දරැවන් දෙන්නම ඉස්කෝලෙ ගියාට පස්සෙ ගෙදර කවුරැවත් නැති වෙලාවට මම ගෙදර හදන බල්ලා සමඟ ඒ විදිහට හැසිරෙනවා. ඊයෙ ඌ මගේ ලිංගික ප්‍රදේශය හපා කෑවා. ලේත් ටිකක් ගියා. මම එතන හොඳට සබන් දාලා සේදුවා. දැන් තුවාලයෙ වේදනාවක් නම් නැහැ. ඒත් දැන් මට ලොකු බයක් තියෙනවා.
ඒ මොකක්ද?

බල්ලගෙන් මට ජලභීතිකාව බෝ වේවිද?
ඇය හොඳටම බියපත් වී ඇති බව පෙනේ. 
බල්ලට ජලභීතිකාවට විදින එන්නත දීලද තියෙන්නෙ?
ඔව්, බෙහෙත් විදලා තියෙන්නෙ.

එහෙනම් බයවෙන්න දෙයක් නැහැ. කොහොම වුණත් දින දහයක් යනතුරු බල්ලා හොඳින් රුකබලා ගන්න. ඒ කාලය ඇතුළත ඌට ජලභීතිකාව හැදුණොත් ඔයාට ඇන්ටි රේබීස් එන්නත ලබාගන්න වේවි මම පිළිතුරු දුන්නෙමි.

විවිධ සතුන් සමඟ ලිංගික ක්‍රියාවලියේ යෙදීම සඳහා දැඩි කැමැත්තක් දැක්වීම සත්ත්ව කාමුකත්වය ලෙස හැඳින්විය හැකිය.

සතුන් සමඟ ලිංගිකව හැසිරීම ඈත අතීතයේ සිටම සිදුවී ඇති බව පෙනේ. ඉන්දියාවේ අවුරැදු දහස් ගණනක් පැරුණි කජිරාහෝ දේවාලයේ ගල් කැටයම් අතර අශ්වයන් සහ හරකුන් සමඟ ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නන් දැකගත හැකිය. 1948 දී කින්සි විසින් කරන ලද සමීක්ෂණයකට අනුව සත්ව ගොවි‍ෙපාළවල සේවය කළ පිරිමින් අතරින් 40-50% අතර සංඛ්‍යාවක් සතුන් සමඟ ලිංගිකව හැසිර ඇති බව පෙනී ගියේය. ඔහුගේ සොයා ගැනීමට අනුව සතුන් සමඟ ලිංගිකව හැසිරුණ බොහෝ පිරිමින් එසේ හැසිරී ඇත්තේ යොවුන් වියේදීය.

නාගරිකකරණයත් සමඟ සතුන් සමඟ ලිංගිකව හැසිරීමේ ප්‍රවණතාව කාන්තාවන් අතර වැඩිවෙමින් පවතින බව පෙනේ.
මා දන්නා එක් ගමක චිකේ අප්පුහාමි නමින් මිනිසකු ජීවත් විය. ඔහුට ඒ නම ලැබුණේ මෙසේය.

ඔහුට ගමේ මිනිසුන් මුලින් කීවේ අප්පුහාමි කියාය. ඔහු සිය හරක් ගාලේ සිටින වැස්සියක සමඟ ලිංගිකව හැසිරෙන්නට යනු දුටු ඒ අසලින් ගමන් කළ රෙදි නැන්දා කෙනෙක්,

චිකේ අප්පුහාමි, මොනවද ඔය කරන්නෙ? යැයි ඇහැව්වලු.

එදා සිට අප්පුහාමිගේ නමට ඉදිරියෙන් චිකේ විශේෂණ පදය එකතු වී ඔහු චිකේ අප්පුහාමි වුණාලු.

ශ්‍රී ලංකාවේ සත්ත්ව කාමුකත්වය යම් ප්‍රමාණයකට හෝ දක්නට ලැබෙන බව දැන් ඔබට පෙනී යනවා ඇත.
සත්ත්ව කාමුකත්වය නිසා ගැහැනුන් ගර්භනී විය හැකිද?

නැහැ.

සත්ත්ව කාමුකත්වය නිසා මිනිසුන්ට රෝග බෝ විය හැකිද?

ඔව්, ජලභීතිකාව...

සත්ත්ව කාමුකත්වයේ තවත් ආකාරයක් හැටියට සතුන් ලිංගිකව හැසිරෙන ආකාරය බලා සතුටු වීම දැක්විය හැකියි. එය හැඳින්වෙන්නේ Faunoi philia ලෙසටයි. සමහර රටවල දැන් මේ තත්ත්වය තහනමට ලක්කර තිබෙනවා. මෙය සත්ත්ව හිංසාවක් හැටියටයි නම්කර ඇත්තේ. මේ තත්ත්වය සමනය සඳහා මානසික උපදේශනය වැදගත් වෙනවා.

♦ උපදෙස්: විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00