2017 ජුලි 15 වන සෙනසුරාදා

තරුණකම රැකදෙන මෝරතෙල්

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3721

ස්වභාවික මෝරතෙල් ඔබේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔබේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව නම් ඔබට කොහෙත්ම අමතක කළ නොහැකියි. අපි මුහුණ දෙන රෝග තත්ත්වයන් රැසකට මෝරතෙල් ගුණය ලැබෙන හැටි ගැන අද අපි ටිකක් කතා කරමු.

අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි.

අද වෙනකොට ලංකාවේ බොහොමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධාන රෝග තත්ත්වයක් තමයි මේ අසාත්මිකතා සහ ශ්වසන රෝග. ඔමේගා 3 වගේම විටමින් A.D සහ E යන ගුණයෙන් පිරිපුන් ස්වභාවික මෝරතෙල් කරල් මේ වගේ අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන්වලට එරෙහි බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙනවා. ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, විටමින් A,D සහ E සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබාදෙනවා. ඒ නිසාම දැනට සිදුකර ඇති විවිධ පරීක්ෂණවලින් ස්වභාවික මෝර තෙල් කරල් නියමිත මාත්‍රාවෙන් ලබාදීමෙන් අසාත්මිකතා වැනි තත්ත්වයන් අවම මට්ටමකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බව අනාවරණය වේ.

අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි

ස්වභාවික මෝරතෙල් කරල් සෞඛ්‍ය සම්පන්න සන්ධි සඳහා උපකාරී වන අතර ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි. අස්ථිවල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්ත්වයන් සමඟද හොඳින් සටන් කරනවා.

ඔබේ තරුණ පෙනුම රැකදෙයි

මෑතකදී සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වෙලා තියෙන කරුණුවලට අනුව මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔබ වියපත් වීමේ ක්‍රියාවලියෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව අපේ DNA වල අඩංගු ටැලෙමොරේස් අණු, කල්යාමේදී අවම වීමේ තත්ත්වයෙන් මෝරතෙල් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඔබේ වයස්ගතවීමට බලපාන ටැලොමෙරේස් අංශු හීන වීමේ වේගය අවම කරන එක. ඒ නිසා වයසට යනකොට ලෙඩරෝග රුසකට උත්තර හොයන්න මෝරතෙල් සමර්ථයි.

I Web MD

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00