2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

සුවෙන් ඉන්න නිවැරදිව අත් හෝදන්න!

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 845

අපි නිතරම සිටින්නේ විෂබීජ ගොහොරැවකයි. මේ නිසා නිතර ලෙඩ රෝග වැළඳීමේ අවදානම ඉහළයි. විෂබීජ සහ ඒවායින් ඇතිවන බෝවෙන රෝගයන්ගෙන් වැළැකීම සඳහා එක් සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් බෙහෙවින්ම ඉවහල්වේ. ඒ අපේ අත් පිරිසුදුව තබා ගැනීමයි. දන්නවා කියා හිතුවාට බොහෝදෙනා නිවැරැදිව නොදන්නා නැතිනම් අමතක කර ඇති මේ කාරණය ගැන නැවත මතක් කිරීමකුයි මේ.

විශේෂයෙන් පහත සඳහන් අවස්ථාවන්ට පෙර සහ පසු ඔබගේ අත් පිරිසිදු කිරීම වැදගත් වේ. ආහාර ගැනීම, ආහාර සැකසීම, වැසිකිළි භාවිතය, දරුවන්ගේ නැපි මාරු කිරීම හෝ දරුවා අත පත ගෑමේදී, රෝගියෙකුට සත්කාර කිරීම තුවාලයකට ප්‍රතිකාර කිරීම හෝ අත අපිරිසිදු වූ ඕනෑම අවස්ථාවක, කඳවුරුවල සේවය කිරීමේදී, මුහුණු ආවරණ ඉවත් කිරීමේදී හෝ එම ආරක්ෂිත උපකරණ ගලවා ඉවත් කිරීමේදී.

ඊට අමතරව පහත සදහන් ක්‍රියාවන් කිරීමෙන් පසුව ඔබගේ අත් පිරිසිදු කරගන්න:
කිවිසුම් යෑමේදී, කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට එක් වරකට ටිෂූ එකක් භාවිතා කිරීමද සුදුසුය. තවත් පුද්ගලයෙකු අත් ස්පර්ශ කිරීමෙන් පසු හෝ සතෙකු ස්පර්ශ කිරීමෙන් හෝ සතුන් සුරතල් කිරීමෙන් පසු, කුණු කසළ අත ගෑමෙන් පසු, අපිරිසිදු භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් පසු.
අත් හොඳින් සේදීම කරන ආකාරය:
අත් සේදීම කළ යුත්තේ දෑත හොඳින් පිරිසිදු වන අයුරිනි. සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම කරන ආකාරය පියවර වශයෙන් පහත පරිදි වේ.

• මුලින්ම අත් වතුරෙන් තෙමාගන්න • සබන් හෝ අත් සෝදන දියරය අතෙහි ගල්වන්න • තත්පර 20ක් හොඳින් අත් අතුල්ලන්න • ඉන්පසු තත්ත්පර 10ක් අත වතුරෙන් සෝදන්න • පිරිසිදු වියලි තුවායකින් වියලි කරන්න හෝ ටිෂූ එකකින් පිසදාගන්න (රූප සටහන බලන්න.)

► පුෂ්පා රම්‍යානි සොයිසා 
පුහුණු කිරීමේ හෙද නිලධාරිනී 
කොළඹ ජාතික රෝහල

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00