2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

පොල් වතුරේ විස්මිත ගුණ!

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 4461

අද බොහෝ දෙනා පොල් ගෙඩියක් බිඳීමෙන් පසු එහි ඇති වතුර ඉවත දමනවා. නමුත් එහි තිබෙන ගුණ ගැන දන්නවා නම් කිසි දිනෙක පොල් වතුර විසි කරන්නේ නැහැ. අපේ රටේ එහෙම වුණාට පිට රටවල උදවිය පොල් වතුර ටින් කරලා බෝතල් කරලා ගෙන්නාගෙන බොනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර, සිරැරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇත්තක්. විටමින් බී, සී, ඊ, යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන වැනි පෝෂක හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි, දිව්‍යමය ඖෂධීය පානයක්.

එය ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වනු ලබනවා. පොල් වතුරවල පොටෑසියම් බහුලයි. කෙසෙල්වලට වඩා ප්‍රබල බවත්, දොඩම් වීදුරුවකටත්, එළකිරි වීදුරුවකටත්, වඩා ගුණයක් පොල්වතුර කෝප්පයක ඇති බවත් සඳහන්. දෙවැනි ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධීය දියරය සේලයින් ලෙස යොදා ගැන්මෙන් 50000 ක් පමණ පිරිසක් සුවපත් කරගත් බවට වාර්තා වෙනවා. විවිධ රටවල සිදුකළ පර්යේෂණ මගින් එළිදරව් කරගත් පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණගැනයි මේ.

පොල්වතුරවලින් මුහුණ සේදීමෙන් පිළිස්සුම් සුව වනවා. සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මැකී යනවා. වියළි බව දුරු වී සමේ වියපත් වීම පමාවී, තෙත් බව හා කාන්තිමත් බව ඇතිවෙනවා. තරුණ පෙනුම දිගු කාලයක් රැඳෙනවා.

පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් දිලීර නාශක ගුණ ඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩිෂනරයක් සේ ක්‍රියාත්මක වනවා. ඉන් හිසෙහි දිලීර උකුණු බිබිලි තුවාල සුව වී කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් වැවෙනවා. හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හර්දයාබාධ, හා අධි රුධිර පීඩනය පාලනය කර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටුකරනවා.

රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පාලනය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරනවා. අධි රුධිර පීඩන රෝගීන් යොදා ගෙන කෙරුණු එක් අධ්‍යයනයකදී, හෙළිවුණේ පොල්වතුර පානයෙන් රෝගීන්ගේ අධි රුධිර පීඩන මට්ටම 71෴කින් අඩු වූ බවයි.

පිලිපීන චයිනීස් රෝහලේ මුත්‍රවාහිනි පද්ධති අංශ බලධාරියෙක් තම රෝගීන් ඇසුරින් සිදුකළ පොල් වතුරවල අගය වටහා දෙන පර්යේෂණයක් ගැන ප්‍රකාශයක් කළා. ඔහු කියාසිටියේ මුත්‍රා ගල් නිසා ශල්‍යකර්ම අවශ්‍යව සිටි රෝගීන් සතියකට දින කීපයක් පොල්වතුර පානය කිරීම නිසා මුත්‍රා ගල් කැඩී යාම්, කුඩා වීම් සිදුවී එය ශල්‍යකර්මයකින් තොරව බෙහෙත් දීමෙන් පමණක් සුව කළ හැකිවූ බවයි. ඒ අනුව පොල්වතුරෙන් මුත්‍රා වකුගඩු ආබාධ මෙන්ම දියවැඩියාව පාලනය කිරීමත් සිදුවනවා.

එහි ඇති කුස පිරෙන ගතියෙන් අධි ආහාර පරිභෝජනයේ අවශ්‍යතාව නැති වී තරබාරුව දුරු කෙරෙන අතර, මත්පැන් විෂවීම් අධිමාත්‍ර බෙහෙත් විෂවීම්වලින් ඇතිවන අපහසුතා ද දුරු වී යනවා.

1999 අමෙරිකාවේ යේල් සරසවියේ කෙරුණු තවත් පර්යේෂණයකදී පොල්වතුර පානයෙන් සීනි කෑමේ කෑදර කම ද පාලනය වන බව සොයා ගැනුණා.

මෙහි අඩංගු මොනොලෝරින්වල ව්‍යාධිජනක බැක්ටීරියා වෛරස්, හර්පිස්, HINI දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරසය, විනාශ කිරීමේ ශක්තිය පවතිනවා. පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමඟ, මද සරුභාවය දුරුකර ලිංගික සක්‍රීයත්වය ඇති කිරීමට එයට හැකියි. ඇසට හිතකර පොල්වතුර ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වැනි රෝග ඈත් කරමින් ඇස්පෙනීම ද වර්ධනය කරනවා. මස්පිඩු ශක්තිමත් කර කෙණ්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකනවා.

ගැබිණි මව්වරුනට සහන සලසන අතර ඔවුන්ට ඇති වන වමනය වැනි අපහසුතා දුරු කිරීමට මෙන්ම දරුවාත් මවත් සෞඛ්‍ය සම්පන්න කිරීමට ද සමත්. පැපොල, සරම්ප, පලු දැමීම්, උෂ්ණ බිබිලිවල පොල්වතුර ගෑමෙන් සහන ඇති වෙනවා. වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට වන හානිය වළකන්නත් මෙම ඖෂධීය පානයට හැකියි. මළබද්ධය දුරු කිරීමට පළතුරුවලටත් එහා ගිය සේවයක් එය ඉටු කරනවා. මානසික පීඩනය, විෂාදය, ගැස්ට්‍රයිටිස්, පිළිකා උදරාබාධ, පණු රෝග වැනි විවිධ රෝග මැඬලන්නට ද පොල්වතුරවලට හැකියි. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.

ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුරවල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථිවල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි. එපමණක්ද? සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් සමත් බව සොයාගෙන තියෙනවා.

- Neutrition

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00