2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

නිවිති කෝප්පයකින් පෝෂණය තොගයක්!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1012

විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම්, සින්ක්, ඔමේගා3 සහ තඹ ආදි පෝෂක ගණනාවක්, හා ප්‍රතිඔක්සිකාරක ගුණ, වැල් නිවිතිවල අඩංගුයි. සමාන ගුණැති කොළ හා රතු ප්‍රභේද දෙකක් වන අතර වඩා ප්‍රචලිත කොළ වර්ගයයි.

තැම්බූ නිවිති කෝප්පයකින්, දිනකට සිරුරට අවශ්‍ය වන යකඩ වලින් 37%ක් ලැබෙනවා. ඉන් ලේ වඩමින් රක්ත හීනතාව දුරු කරනවා. අස්ථි පද්ධතිය ශක්තිමත් කරන K විටමින් විශාල වශයෙන් එහි අඩංගුයි. එසේම A විටමින් මැග්නීසියම් හා ෆෝලේට් බහුලව ඇති අතර ඒවායින් අධි රුධිර පීඩනය හෘදයාබාධ, ආඝාත රෝගවලට වැට බැඳෙනවා.

නිවිති ප්‍රති ප්‍රදාහක පෝෂක ගුණයෙන්ද යුතුයි. ඇදුම ඔස්ටියෝ ආතරයිටීස් රූමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන් නිසා හටගන්නා රෝග ගණනාවකින් ආරක්ෂාවීමට බීටා කැරොටින් හා විටමින් C දායකත්වය සපයනවා. මිග්රේන් තත්ත්වයට නිවිති තුළ ඇති මැග්නීසියම් හා රිබොෆ්ලේවින් සහන සලසනවා. කෙඳි මළබද්ධය දුරලනවා. අධික ස්ථූලතාව දුරුකිරීමටද නිවිති සමත්. ස්වීඩනයේ ලූන්ඩ් සරසවිය තරබාරු කතුන් 38 දෙනකු යොදා කළ පර්යේෂණයකදී පෙනීගියේ කෑමට ඇතිවන දැඩි ආශාව 95% කින් අඩුකිරීමට නිවිති සමත් බවයි. ඒ මගින් සිරුරු බර 43% කින් අඩුකර ගත හැකිවුණා.

මීයන් යොදා කළ තවත් පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ වයස්ගත වීමත් සමග මොළයේ ඇතිවන දුර්වලතා අවම කිරීමට නිවිති සමත් බවයි. ආඝාතය වැළඳුණු රෝගියකු නිවිති ආහාරයට ගතහොත් රෝගයෙන් තවදුරටත් වන හානි වළකා ගැන්මට හැකිවෙනවා.

ඇසේ සුද හා වෙනත් අක්ෂි රෝග වළකාලීමට නිවිතිවල ඇති සංඝටක උපකාරී වෙනවා. එමගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා මැඬලීමද සිදුවනවා. 1980 දී වැඩිපුර නිවිති ආහාරයට ගත් කාන්තාවන් පිරිසකගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩුවූ බවද සොයා ගැනුණා. නිවිතිවල පිළිකා නාශක සංයෝග 13 කට වැඩි බවත් සොයාගෙන තියෙනවා.

සත්ත්ව විෂනාශක ගුණයෙන් ද යුතු නිවිති පොළොං විෂට ඖෂධයක් ලෙසත් යොදා ගැනෙන බව සඳහන්. මොළයේ සෛල වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාවක් නිවිති සතු බව පර්ෙය්ෂණ මට්ටමින් සනාථ වී තිබෙනවා. චිකාගෝ විශ්ව විද්‍යාලය මගින් 1000ක පිරිසක් යොදාගෙන කෙරුණු සොයා බැලීමකදී හෙළිවූයේ නිවිති හා එවැනි තද කොළ පැහැති ශාක නිතිපතා ආහාරයට ගත් පිරිස, එසේ නොගත් පිරිසට වඩා මොළයෙන් වසර 11 කින් තරුණ වූ බවක් පෙන්නුම් කළ බවයි. එමගින් මතක ශක්තියත් වර්ධනය වුණා.

නිවිති ශුක්‍ර වර්ධනයටද දායක වනවා. ගැබිණි හා කිරිදෙන මවුවරුන්ටත් ඉතා හිතකරයි. ගැබිණි මවුන්ට දරු උපත පහසු කරලීම සඳහා නිවිති කොළ තැම්බූ කසාය ලබාදෙනවා. කුඩා දරුවන්ටත් ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනුමට නිවිති උපකාරී වනවා. එහි ඇති විටමින් B විශේෂයන් මගින් සමේ රෝග දුරැකර uv කිරණින් සම ආරක්ෂාකර කාන්තිමත් කරනවා. තරුණ පෙනුම රැක දෙනවා. එසේම හිසකේ වර්ධනය කරමින් රූපලාවණ්‍ය කාරකයක කාර්යභාරයත් ඉටුකර දෙනවා.
► සුගත්