2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

සුව දිවියකට දෙවියන්ගේ තෑග්ග

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 615

පලතුරු අතර සෞඛ්‍යමත් පලතුරක් ලෙස දෙළුම් හැඳින්විය හැකියි. එය ජිවිතය රැක දෙන්න දෙවියන් දුන් තෑග්ගක් හැටියටයි ඇතැම්හු හඳුන්වන්නේ. දෙළුම්වල ශරීරයට හිතකර සංයෝග රැසක් අන්තර්ගතයි. එය ආහාරයට ගැනීමෙන් බොහොමයක් රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

දෙළුම් ග්‍රෑම් 100ක ගුණ

♦ ප්‍රෝටීන් ග්‍රෑම් 1.6

♦ ජලය ග්‍රෑම් 78

♦ ශක්තිය කි.කැලරි 65

♦ මේදය ග්‍රෑම් 0.1

♦ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 14.5

♦ කැල්සියම් මිලිග්‍රෑම් 10

‍♦ පොස්පරස් මිලිග්‍රෑම් 70

♦ යකඩ මිලිග්‍රෑම් 0.3

♦ තයමින් මිලිග්‍රෑම් 60

♦ රයිබොෆ්ලෙවින් මයිකේ‍රා ග්‍රෑම් 100

♦ විටමින් සී මිලිග්‍රෑම් 16

දෙළුම් යුෂය විටමින් හා ඛනිජවලින් ‍පොහොසත් අතර ඖෂධීය ගුණයෙන්ද අනුනයි. පැසුණු දෙළුම් ගෙඩියේ මාංසලමය බිජ එලෙසම ආහාරයට ගත හැකි අතර නැතහොත් මාංසලය මිරිකා රසවත් පලතුරු බිමක් ලෙසද සාදාගත හැකිය.

දෙළුම්වල ඖෂධීය ගුණ ගතහොත් දෙළුම් ගසේ සෑම කොටසකම පාහේ ඖෂධ ගුණ අන්තර්ගතයි.

දෙළුම්වල ඇති බැක්ටිරියා නාශක ගුණ නිසා ඇස් රෝග සඳහා දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ඇස් සේදීම, තැවීම සිදු කරනු ලබයි. දෙළුම් යුෂ ආහාර අජීර්ණය සඳහා ගුණදායකයි. දෙළුම් යුෂයේ ඇති විශ්මිත ගුණය නම් ශරීරගත වූ මොහොතේ සිට අනෙක් කිසිම ජීවී සෛලයකට හානි නොකර වෛරස් මර්දනය කිරීමේ හැකියාවක් පැවතීමයි. මේ නිසාම ආයුර්වේද වෛද්‍යකර්මයේදී බොහෝ ප්‍රතිකාර සඳහා දෙළුම් ශාකයේ විවිධ කොටස් ප්‍රයෝජනයට ගැනේ. එමෙන්ම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී වැදගත් ඖෂධයක් ලෙස දෙළුම් පිළිගැනේ.

එමෙන්ම දෙළුම් ආහාරයට එක්කර ගැනීමෙන් බොහෝ ලෙඩරෝගවලින් ආරක්ෂා වීමටද හැකිය. අධික රුධිර පීඩනය සඳහාත් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව පාලනය, හෘදයේ රෝග ඇති කරන නරක එල්ඩීඑල් කොලෙස්ටරෝල් අඩු කිරීමද මෙමගින් සිදු කරනවා. දෙළුම් ආහාරයට ගැනීමෙන් මතකය වර්ධනය වන අතර සිරුර වෙහෙසවා කටයුතු කිරීමේ හැකියාවද ඉහළ මට්ටමක තබනවා.

The nutrition