2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

රෑට මොකක්ද වෙන්නෙ?

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 436
රෑ කාලයේ ඇති වැදගත්ම රාජකාරිය නින්දයි. රෑ නින්ද සහ එහි ඇති වැදගත්කම මේ කාලයේ ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් වෙලයි තිඛෙන්නේ. ඒ, අඩුවෙන් නිදාගන්න එක අද අපේ සමාජයේ පැතිර යන බෝවන ලෙඩක් තරමටම ලොකු ගැටලුවක් වෙමින් තිඛෙන නිසයි.
 
අපි ඇතිවෙන්න නිදාගත්තහම අපිට පුළුවන් නැවත ජවයක් ලබාගෙන ඵලදායි හොඳ සෞඛ්‍ය සම්පන්න විදිහට අවදි වෙන්න. සිරුරේ අඩු තැන් පුරවා ගන්නත් නින්ද උදව්වෙනවා. ඒ කියන්නෙ මොළය ඇතුළු අවයව වර්ධනය සිදුවෙනවා. එක් එක් වයස් සීමාවන් සඳහා නිදාගත යුතු කාලසීමාවන් පහත ආකාරයට හඳුන්වා දෙන්න පුළුවන්. ඔයාලත් මොන වයස සීමාවේද ඉන්නේ කියලා බලන්න. ඉන්පසු නියමිත කාලය නිදාගන්න යොදවන්න. 
 
වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් පැය 7-8 අතර
 
වයස අවුරුදු 26-64 අතර වැඩිහිටියන්    පැය 7-9 අතර‍
 
වයස අවුරුදු 18-25 අතර තරැණ පුද්ගලයන්  පැය 7-9 අතර
 
වයස අවුරුදු 14-17 අතර නව යොවුන් වියේ අය  පැය 8-10 අතර
 
වයස අවුරුදු 6-13 අතර පාසල් දරුවන්    පැය 9-11 අතර
 
වයස අවුරුදු 3-5 අතර පෙර පාසල් දරුවන්      පැය 10-13 අතර
 
වයස අවුරුදු 1-2 අතර සිඟිත්තන්                පැය 11-14 අතර
 
වයස මාස 3 ට අඩු අළුත උපන් දරුවන්          පැය 14-17 අතර
 
වයස මාස 4-11 අතර අතදරුවන්            පැය 12-15 අතර
 
අපේ මොළය සැදී ඇත්තේ සුදු සහ අළු පැහැ ප්‍රදේශ 2කින්. අඩුවෙන් නිදාගත්තහම අපේ මොළයේ තිබෙන සුදු පදාර්ථ වෙනස් වීමකට පත්වෙලා අපේ ජානවලට බලපෑමක් ඇති වෙනවා. වාසනාවකට වගේ අපේ ශරීරයට හැකියාව තිබෙනවා අපි හොඳට නිදාගත් විට තනියම අලුත්වැඩියා වෙන්න. සමහර විට අඩුවෙන් නිදාගත් විට ඇතිවෙන රෝග ටික කලක් ගිය විට තමයි මතුවෙන්නේ.
 
අඩුවෙන් නිදාගත් විට අපේ ශරීරයට මොකද වෙන්නේ? අපිට ප්‍රමාණවත් ආකාරයට නින්ද නොලැබුණු විට අපේ මොලයට විතරක් නෙමෙයි හානි වෙන්නේ. ඒක විවිධ විදිහට බලපාන්න පුළුවන්.
 
අසනීප වැඩිවෙනවා
 
ප්‍රතිශක්තීකරණ පද්ධතියත් අඩුවෙන් නිදා ගැනීමත් අතර ඍජු සම්බන්ධතාවයක් තියනවා. අඩුවෙන් නිදාගැනීම මඟින් රෝග ඇතිවීමේ අවදානමක් තිඛෙනවා.
 
සිතීමේ ගැටලු ඇතිවෙනවා
 
අපිට ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට අපේ තීරණ ගැනීමේ හැකියාව අඩුවෙනවා. ගැටලුවක් විසදා ගැනීමේ හැකියාව අඩුවී යම් ‍දෙයකට ප්‍රතිචාර දැක්වීමට කාලය වැය වෙනවා.
 
බර වැඩි වෙනවා
 
අඩුවෙන් නිදාගැනීම සහ බර වැඩිවීම අතර තියන සම්බන්ධය ඉතා ප්‍රසිද්ධයි. රෑට පැය පහකට වඩා අඩුවෙන් නිදා ගන්න පුද්ගලයකු මහත වැඩි වී තරබාරැ වීමේ අවදානමක් තියනවා.
 
ඉක්මනට වයසට යනවා
 
වැඩිහිටි වියේදී අඩුවෙන් නිදා ගැනීමෙන් සම රැලි වැටී සම මත පැල්ලම් හටගෙන වයස වැඩියෙන් පෙනීමට පටන් ගන්නවා.
 
අපේ හදවත හානි කරගන්නවා
 
අඩුවෙන් නිදාගැනීමෙන් අපේ හදවතට හානි සිදු වෙනවා. එමඟින් හෘද රෝග ඇතිවීමේ අවධානමක් තියනවා.
 
පිළිකා සැදීමේ විශාල අවදානමක්
 
පිළිකා රෝගින් පැය හතක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිදා ගැනීමෙන් මරණ අනුපාතය අඩු වෙලා තියනවා.
 
අපේ ලිංගික ආශාව අඩුවෙනවා
 
අපි පැය පහකට වඩා අඩුවෙන් නිදා ගැනීමෙන් අපේ ලිංගික හෝමෝන මට්ටම 15%කින් පහළ බහිනවා. ඒ වගේම ලිංගිකව එක්වීමට ඇති ආසාව ද අඩුවී යනවා.
 
ඉක්මනටම අමතක වෙනවා
 
අපි නිදාගන්නා විට අපේ සිතේ තිබෙන දේවල් නැවත නැවත සිහිපත් වෙනවා. අපි අඩුවෙන් නිදා ගන්නා විට එම තත්ත්වයට බාධා ඇති වී දේවල් ඉක්මනින්ම අමතක වී යනවා.
 
නින්ද කියන්නේ කෙටි විවේකයක් විතරක් නෙමෙයි නිසිපරිදි නිදා ගැනීම අපේ සෞඛ්‍යයට ඉතාමත් විශාල ලෙස වාසි අත් කරගන්න පුළුවන්. ඔබට නිරෝගී සහ දිගු දිවියක් ගත කිරීමට ප්‍රමාණවත් පරිදි නිදා ගන්න.
 
- සුගත් 
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00