2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ලාංඡනේ

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 448

අලි පාටියෙ ජ්‍යෙෂ්ඨයො කස්ටියක් අරලිය මැඳුරෙ තරමක් සීරියස් කතාවකට සැට්වෙලා හිටියා...

මේ කතාවෙ මාතෘකාව වුණේ ඉදිරි ඡන්දය ඉලක්ක කරගෙන ලොකු සන්ධානයක් නිර්මාණය කිරීම....

මේක හදන විදිහ ගැන නොයෙක් නොයක් යෝජනා එතන සාකච්ඡා කෙරෙද්දි අලි පාටියෙ පසුපෙළ උනන්දුවො ටිකකුත් මේ කතාවට එකතු වුණා... ඊළඟට පක්ෂ සන්ධානෙට නමක් යෝජනා කළා. එකතු කරගන්න පක්ෂ ගැන කතා කළා. මෙච්චර කාලෙකට මෙරට සන්ධානෙකට එකතු නොවුණ තරම් පක්ෂ හා සංවිධාන මේකට එන්න සූදානම් බවත් නිවේදනය කළා...

ඊට පස්සෙ කස්ටිය කතා කළේ මේ නව සන්ධානෙට යොදන ලාංඡනය ගැනයි. ඒක කාටත් පිළිගන්න පුළුවන් ජනතාවටත් පහසුවෙන් දිරවන එකක් විය යුතුයැයි ජ්‍යෙෂ්ඨයො ගණනාවක්ම කිව්වා....

මේ වෙලාවෙ එතන හිටපු තරුණ මන්තිරිතුමෙක් මට මතක් වුණා නියමම ලාංඡනයක්  ගැන... කියල සද්ද බද්ද කරනකොට හැමෝම ඇහුව ඒ මොකද්ද කියල. ඒ පාර මිනිහ කියපි අපි අපේ ලාංඡනය හැටියට ආප්පයක් දාමු කියලා...

මෙච්චර සීරියස් කතාවක් යද්දි ඒකට නොගැලපෙන යෝජනා ගෙන ඒම ගැන එතන හිටපු ජ්‍යෙෂ්ඨයන්ට හොඳටම කේන්ති ගියා... කේන්ති පිට ආප්ප කතාව කියපු තරුණ මන්තිරි තැනට අමතක නොවන පාඩමක් කියල දුන්න බව තතු දත් අය කියනවා....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00