2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ඉතුරු වුණේ සෙල්ෆිය විතරලු

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 630

රටේ ලොකු තැනගේ ආරාධනාවෙන් අලි පාටියේ ලොකු ලොක්කො කස්ටිය මහ ලේකම් කන්තෝරුවේ රැස්වීමකට ආවා.. අලි පාටිය එක්ක සන්ධානගත වෙලා ඉන්න පොඩි පක්ෂවල නායකයොත් ඇවිල්ලා හිටියා. රැස්වීම පටන්ගන්න කලින් සභා ශාලාවේ මේ උදවිය රැස් වෙලා අල්ලාප සල්ලාපයේදී ඉන්න කොට විල්පත්තුව පැත්තෙන් කවුන්සිලේට ආපු එක්තරා සුළු ජාතික පක්ෂයක් නියෝජනය කරන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් අපූරු කතාවක් කිව්වලු.

අදත් වෙනදා වගේම තමයි. මේ කතාවලින් මොකුත්ම වැඩක් වෙන්නෙ නැහැ.. මේක නිකම් කතා සාප්පුවක් විතරයි.... ඒ හින්දා අපි ප්‍රයෝජනවත් වැඩක් කරමු කියපු උන්නැහේ එතන හිටපු සෙසු පක්ෂ නායකයන් තමන් හිටපු තැනට කැඳෙව්වා. ඒ පාර මොකද්ද මේ අරැම පුදුම වැඩේ කියලා බලන්න අලි පාටියේ කිරිඇල්ල උන්නැහේලයි අනෙක් පක්ෂයේ ලොක්කොයි විල්පත්තු ලොක්කා ළඟට ආවා. ඊට පස්සෙ හරි....... දැන් කට්ටියම පේළියට ඉන්න.... පොඩ්ඩක් හිනාවෙන්න..... ස්මයිල්..... කියලා කියපු උන්නැහේ එකපාරටම සෙල්ෆි පින්තූර ගහන්න පටන්ගත්තා. ඒ පින්තූරෙට මුහුණ දුන්න පක්ෂ නායකයෝ ආ මේකද ඔයා කියපු වැඩේ කියලා එතනින් ඉවත්ව යද්දි විල්පත්තු ලොක්කා හිටපු ඇමැති මෙහෙම කිව්වලු. 

දැන් බලන්න අපි දවස් කීයක් මෙතන රුස්වීම්වලට ආවද? ඒවයින් මුකුත් වැඩක් වුණාද? නැහැනේ... අදත් වෙන්නේ ඒ ටිකම තමයි. ඒ හින්දා වැඩක් හැටියට සෙල්ෆියක්වත් ගහන්න මම කල්පනා කළා.... කියලා හිනාවෙවී කිව්වා.. ඊළඟට උන්නැහේ මෙහෙමත් කිව්වා. &අද සාකච්ඡාව නිසා අපට ඉතුරැ වෙන්නේ මේ සෙල්ෆිය විතරයි. වෙන වැඩක් වෙන්නෙ නැහැ. ඒක නිසා කියන දෙයක් අහන් ඉඳලා දෙන දෙයක් කාලා බොන දෙයක් බීලා යමු..* උන්නැහේ දිගටම කිව්වා.... 

අන්තිමට සාකච්ඡාව තිබ්බ කතා සාප්පුව ඉවර වුණා. කස්ටිය සුපුරැදු ලෙස විසිර ගියා. විල්පත්තු ලොක්කා කිව්ව විදිහට ඉතුරැ වුණේ සෙල්ෆිය විතරයි. දැන් ඒක සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය පින්තූරයක්.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00