2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

මල්ලි හරි මල්ලි ඔහොම යං මල්ලී

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 634

දියවන්නා කවුන්සිලේ ලොබියෙදි පසුගියදාක රාජ්‍ය ඇමැති සයිස් මහත්තයකුට හිටපු ඇමැති සයිස් ජ්‍යෙෂ්ඨයෙක් හම්බවුණා කියමුකො...

යහපාලන ආණ්ඩුව පිහිටුවන්න මුලින්ම එළියට බැහැපු හත් අට දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ රාජ්‍ය ඇමැතිතුමත්... උන්නැහේ කොළඹ වුණත් නියෝජනේ කරන්නෙ පුලතිසිපුරේ පැත්තෙ ආසනයක්... ඒ පළාතටම ගැලපෙන රාජ්‍ය ඇමැති පට්ටමක් කළාට... ඒකෙ කරන්න වැඩක් නැත්තේ කැබිනට් ලොක්ක වැඩ ගොඩම අයිති කරගෙන ඉන්න නිසාලු...

මේ ගැන ආණ්ඩුවට පැමිණිලි කළාට වැඩක් නොවුණ තැන මහ කළකිරීමකින් ඉන්න රාජ්‍ය ඇමැති තැන දැන් ඉන්නේ “අලි” පාටියෙ වුණත් හිටියේ අත් පාටියේ. ඉතින් තමන්ගෙ පරපුරේ අය සේනාවකට නායකත්වය දුන්නත් දැන්නම් කරන්න වැඩක් නැහැ කිය කිය කල්බලන මුන්නැහේ තමන් හමුවුණ ශ්‍රී.ල.නි.පේ. ලොකු සභාපතිකමකුත් කරන ජ්‍යෙෂ්ඨයට අපූරු යෝජනාවක් කළා. “අයිය දැන් නම් ඇතිවෙලා තියෙන්නෙ ඉක්මනට මොනවහරි කරන්න එතකොට පුළුවන් අපටත් ඒ ගැන හිතන්න”... රාජ්‍ය ඇමැති තැන කිව්ව... කවදත් මහ හඬින් සිනාසෙන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයට ඒ කතාව ඇහුවම ලොකුම හිනාවක් ගියාලු... ඊට පස්සේ එයා මෙහෙම කිව්වලු

“මල්ලි හරි මල්ලි... ඔහොම යං... මල්ලි ග්‍රහයත් මාරු වුණානේ... නේද?