2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

අලුත් තීන්දුවක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 432

පසුගිය කාලෙ හැමෝම කතාවෙච්ච කැබිනට් වෙනස දිගින් දිගටම කල් දාන්න කියන ඉල්ලීම රටේ ලෙකු මහත්තයට අලි පාටියෙ පැත්තෙන් ඉදිරිපත් වෙලාලු. ඒත් මේ ගැන සිරිලංකා පක්ෂයෙ අය ඉන්නෙ හිත හොඳකින් නෙවෙයි කියලයි ආරංචි...

සමහර ඇමැති කස්ටිය කරන කියන වැඩ නිසා මුළු ආණ්ඩුවම අමාරුවෙ වැටෙන්න පුළුවන් කියන මේ කස්ටිය ඉක්මනින්ම ඇමැති වෙනස ඕනෑයැයි ලොකු මහත්තයට බලපෑම් කරනවලු. ඒත් මේ වැඩේ කරන්න අලි පාටියෙන් අනුමැතිය ඕනෑ... එතනින් අනුමැතිය පමාවීම ගැන හිත නොහොඳ කරගෙන ඉන්න සිරිලංකා ඇමැතිලා පසුගියදාක වෙනම හම්බුවෙලා තීන්දුවක් ගත්තලු...

මේ තීන්දුව අනුව කියන දේ අහන්නෙ නැතුව දිගින් දිගටම ආණ්ඩුව අප්‍රසාදයට පත්කරනවය කියන ඇමැති සයිස් දෙන්නකුගෙ කටයුතු ගැන ප්‍රසිද්ධියෙ විවේචනේ කරන්න එකඟතාවක් ඇතිවෙලා... ඊට කලින් තවත් එක වතාවක් ඔය සංශෝධනේ කරන්න කියන ඉල්ලීම තදින් ඉදිරිපත් කරන්නත් තීන්දුවක් අරන්...

ඊටපස්සෙත් වැඩේ නොකෙරුණොත් අනුන්ගෙ පරිප්පු අපට කන්න බැහැ කියන සිරිලංකා ඇමැතිලා ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් ජරමර කරන ඇමැති සඟයො දෙන්නෙක් ගැන නම් ගම් එක්ක රටට කියන්නලු යන්නෙ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00