2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

කතා බැහැ!

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 579

පසුගිය ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් රටේ ඉහළම දෙපාර්තමේන්තුවක ලොකු පුටුවට පත්වුණ උන්නැහේ කෙනෙක් ඉන්නව.... එයාගෙ දෙපාර්තමේන්තුව කරපු හොඳ වැඩවලට වඩා පහුගිය කාලෙ ප්‍රසිද්ධ වුණේ මේ දෙපාර්තමේන්තු ප්‍රධානියා කරපු විහිළු වැඩ...

ආණ්ඩුවෙ ඉහළ තැන්වල හොඳට නරකට දෙකටම නම කියවුණ මේ නිලධාරියා ගිය ආණ්ඩුව කාලෙ හිටියෙ විෂය භාර ඇමැති තැනගෙ කන්තෝරුවෙමයි. ඇමැතිතුමාගෙ ගම් පළාතෙ රාජකාරියකට එහෙම ගියාම මේ දෙපාර්තමේන්තු ලොක්කට තමන්ගෙ ගෙදර නවාතැන් දෙන්න තරම් ඇමැතිතුමා කාරුණික වුණා.

නමුත් ආණ්ඩුව පෙරළුණා විතරයි... ගිය ආණ්ඩුව තියෙන කාලෙ උන්නැහේට අච්චර සලකපු ඇමැති තැනයි සෙසු මැති ඇමැති කස්ටියයි එකපාරටම අමතක වුණා....

මේ අමතකවීම කොතරම්ද කියනවා නම් දැන් හිටපු ඇමැතිතුමාගෙ දුරකතන ඇමතුමකටවත් උන්නැහේ උත්තර දෙන්නෙ නැතිලු. ඇමැතිතුමා විතරක් නෙවේ මෙයාට ඔය දෙපාර්තමේන්තුවෙ ඉහළම පට්ටම අරන් දෙන්න දත කාපු ගිය ආණ්ඩුවෙ ලොකු ලොක්කො කාටවත් එයා දැන් නෝ කතා මූඩ් එකෙන්ලු ඉන්නෙ...

කොහොම වුණත් රටේ බොහෝම පූජනීය රස්සාවක් කරන උන්නැහේ අලුත් ආණ්ඩුව එක්කත් දැලි පිහියෙන් කිරිපැණි කමින් ඉන්න බවයි ආණ්ඩුව කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00