2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

මොබයිල් කතා බැහැ

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 515

විපක්ෂයේ ඉන්න එක්තරා පක්ෂයක මන්ත්‍රීල කස්ටියක් මේ දවස්වල තමන්ගෙ මොබයිල් ෆෝන්වලින් කතා කරන්නෙ නැතිලු.... ඒකට හේතුව මොබයිල් එකෙන් කරන කතා පැයක් දෙකක් තුළ එක්තරා ප්‍රබලම තානාපති කාර්යාල දෙකකට වාර්තාවීම කියලයි ආරංචි.

මේ තානාපති අංශ එකී මන්ත්‍රීන්ගෙ ටෙලිෆෝන් කතා දැනගන්න විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බව මන්තිරි ගොල්ලන්ට දැනගන්න ලැබිල.... ඒ නිසා තමන්ගෙ සැබෑ මොබයිල් ෆෝන් එකෙන් ඇත්ත කතා නොකර බොරැම කතා කරන්න එයාල තීන්දුවක් අරන්ලු.

තමන්ට කාට හරි වැදගත් යමක් දුරකතනයෙන් දන්වන්න ඕන නම් එම දේශපාලනඥයන්ගෙ මිතුරන්ගේ දුරකතනයකින් ඒ කටයුත්ත කරනවලු. නැත්නම් ඔවුන්ගේ සමීප ඥාතියෙක් අදාළ පණිවුඩ අවශ්‍ය තැන්වලට ගිහිල්ලා පෞද්ගලිකවම දැනුම් දෙනවලු.
මේ නිසා එයාලගෙ ටෙලිෆෝන් කතා ගැන උනන්දු වුණ තානාපති අංසවල කස්ටියට හිතාගන්න බැරි වැඩ සිද්ධ වෙමින් පවතින බවත් ආරංචියි. මේ කාරණය හේතුවෙන් උතුරු සන්ධානෙ ඇතුළෙ දැනටමත් ලොකු ප්‍රශ්නයක් පටන් අරන් කියල තතු දත් අය කියනවා. මේ වැඩේට විරුද්ධව උතුරු සන්ධානෙ සේනාධිපතියෙක් ප්‍රබල සටනක් දෙන බවත් කියනවා.