2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

තරුණ ජොකියෙක්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 539

අලි පාටියේ සමහරු මේ දවස්වල මහ ඡන්දයකට ලෑස්ති වෙනවලු. හැමෝම කියන්නේ වැඩේ පුංචි දාසට බාර ගන්න කියලලු. එයත් හරි හරි මම කරන්නම් කිව්වට ශේප් එකේ වැඩේ මග අරිනවලු. ඒ හින්ද හැමෝටම මේ ගැන තියෙන්නේ තරහක්ලු මෙයා එක්ක.

කොහොම වුණත් මේ අතර අලිපාටියෙ හිටිය තවත් කීර්තිමත් නායකයෙක්ගේ තරැණ පුතෙක් මේ වැඩේ අතට ගන්නලු යන්නේ. මෙයාගේ පරම්පරාවම නායක පරම්පරාවක් නිසා අලි පාටියේ පසුපෙළ මන්තිරිවරැ කීපදෙනෙක් මෙයාව ඉස්සරහට ගේන්න පොඩි තල්ලුවක් දානවලු. ඒ මෙයාගේ දැනුවත්කම උඩ කියලයි ආරංචිය. මෙයා හදන්නේ වැඩේ අතට අරගෙන නායක යුගයක් ඇති කරන්නලු. ආරංචි හැටියට පුංචි දාස රටේ නායක කරලා මෙයා ආණ්ඩුවේ නායක වෙන්නලු හීන දකින්නේ. ඒ මෙයාගේ වෙලාව හොඳ නිසාලු. ඒකට වැඩ කරන්න මේ නායකය ළඟදි මාධ්‍ය ඒකකයකුත් පටන් ගත්ත කියල ආරංචියි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00