2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

කරණම්කාරයෙකුගේ අලුත්ම ජවනිකාව...

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 534

පසුගිය දවස්වල සිද්ධ වෙච්ච දේශපාලන කරණම්වලදී නැගෙනහිර පළාතෙන් දියවන්නා කවුන්සිලේට පත්වෙලා ඉන්න එක්තරා පුංචි පක්ෂයක අලුත් මන්තිරි කෙනෙක් තමන්ගෙ පක්ෂයෙ ලොක්කන්ට හොරෙන් එක්තරා උප ඇමැතිකමක දිවුරුම් දුන්නා...

අපට ආරංචි විදියට උන්නැහේට ලැබුණේ සෞඛ්‍යය පිළිබඳ උප මට්ටමේ පට්ටම... ඉතින් උන්නැහේ රහසෙන් දුන් දිවුරැම ගැන පැය කිහිපයක් තුළ එයාගෙ පක්ෂයෙ නායකය දැනගත්තා. එයා මේක දැනගත්ත බව ආරංචි වුණ අලුත් උප ඇමැති තැනගෙ මයිල් ඉස්මයිල් වෙලා ගියා කියලා කියනවා....

ප්‍රශ්නයක් එන බව දැනගන්න උප ඇමැති තැන වහාම කළේ අතුරුදන් වෙලා සැඟවී සිටීමයි.පක්ෂ මාරැ කළාය කියන මේ තැනැත්තා සොයමින් එයාගෙ පක්ෂ නායකය දන්න කියන හැමතැනම පීරා බැලුවත් උප ඇමැති තැන නම් සොයාගන්න බැරිවුණා...ඊළඟට කර කියා ගන්න දෙයක් නැතුව උන්නැහේ පොහොට්ටුවෙ න්‍යායාචාර්ය මුණගැහුණලු. ඊට පස්සෙ මේ පක්ෂ නායකයා ඉල්ලා සිටියෙ තමන්ගෙ පක්ෂයම පොදු තීන්දුවක් ගන්නව. එතකන් මේ උප ඇමැති දිවුරුම රහසක් විදියට තියාගන්න කියලයි....

රහස් රකින්න දන්න පොහොට්ටුවේ න්‍යායාචාර්ය තැන රටේ ලොකු මහත්තයටත් දන්වල මේ රහස ආරක්ෂා කළා. ඊට පස්සෙ හැංගිලා හිටපු උප ඇමැති එළියට ආව. නමුත් එයා ආපසු ආණ්ඩුවට ගියේ නැහැ. උප ඇමැතිකමෙන් අස්වුණෙත් නැහැ.... පක්ෂ නායකය එයාගෙ සහචරයො දාල මෙයාට දැලක් එලලලු. මේ හුටපටේ අලුත්ම ජවනිකාව ලබන සතිය දිහාට බලාගන්න පුළුවන් කියලා ආරංචියක් යනවා....