2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

දේශපාලනේට එන රූප සුන්දරී

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 1556

දේශපාලනේට බර රූප සුන්දරියක් ඉන්නවා... එයා දේශපාලනේට බරය කියලා කියනවනේ හොඳ බරසාර දේශපාලුතුමෙක් ළඟින්ම ආස්සරේ කරන නිසාය කියලයි තතුදත් අය කියන්නෙ...

දකුණෙන් කොළඹ ඇවිත් පසුගියදා ලෝක රූප සුන්දරී තරගයකිනුත් කප්එක අරන් රටට නම්බුවක් ගෙනත් දුන්න මේ රෑප සුන්දරියට දේශපාලන උණුසුම - රස්නෙ දැනිලා තියෙනවා...

ඊළඟට එයාට අලුත් අදහසකුත් පහළ වෙලා ඒ කොළඹට කිට්ටු දිස්තිරික්කෙකින් ඡන්දෙ ඉල්ලන්නලු. මෙයා තෝරගෙන තියෙනවනෙ. “පබා” පත්වුණ දිස්තිරික්කෙ කියලයි ආරංචි... මෙයා රූප සුන්දරියක් නිසා ජනතා ආකර්ෂණය ඉහළම මට්ටමින් ලැබෙන හින්දා එයා පොහොට්ටුවෙන් කවුන්සිලේට එන්නැයි සූදානම...

ඒත් ඉතින් මෙයාට මෙච්චර දුරක් එන්න මගපෙන්වපු නිර්මල හදවතක් තියෙන දේසපාලුතුමානම් ඒකට ඒ හැටි මනාපයක් නැතිලු...

එයා කියන්නෙ නොදන්න වෙදකමට වඩා දන්න වෙදකම කරන් ඉන්න එක හොඳයි කියලලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00