2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

කැම්පේන් පටන් අරන්

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 468

මැති සබේ විසිරෙව්වා කියලා දැනගත්ත ගමන් හැමෝම එක හුස්මට ඡන්ද වැඩවලට මහන්සි වෙන්න ගත්‍තලු. සමහර අය අහස උසට කටවුට් පවා ගහන්න ගත්‍තලු. කණුවක් කණුවක් ගානේ ඒ අයගේ බැනර් එල්ලෙන්නත් ගත්තලු. හැබැයි මේ ඔක්කොම මැති සබේ ඉන්න අය නෙමෙයිලු. මේ අය ගමේ සභාවේ ඉන්න සභාපතිවරැ මන්තිරිවරුලු.

දවසක් පොහොට්ටුවේ ලොකු තැනක් තමන්ගේ වාහනයෙන් යන අතර තුර මේ බැනර්, කටවුට් ඔක්කොම දැක්කලු. ඊට පස්සේ එයා පුදුම වුණාලු. එයාවත් නොදැන මේ අය මැතිබයට යන්න තීරණය කරලා තියෙන්නේ කොහොමද කියලා. සමහර අය ඇහැට දැකලත් නෑලු. පුදුමේ කියන්නේ ඒ දැන්වීම්වල ලොකු තැනගෙ පොටෝ කෑල්ලකුත් නොවැරදීම තියෙනවලු. නම් තෝරන එයාවත් නොදැන මෙහෙම බැනර් ගහන එක ගැන එයාටම තනියෙන් හිනාලු. ඒකනම් කමක් නෑ කියමුකෝ. සමහර නම් ජාතික ලැයිස්තුවටත් ඇවිත්ලු.