2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ඒවා මට එපා

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 748

වතුකරේට රජුන් තනන පරපුරේ කෙනෙකුට අලුත් ආණ්ඩුවෙ පට්ටමක් ලැබුණ.... උන්නැහේට ලැබුණෙ කලින් ආණ්ඩුවෙ වතුකර ලොක්කෙක් දරාපු පට්ටමක් වීම විශේෂ කාරණයක්...

එයාගෙ ඇමැතිකම මෙයාට ලැබුණට ඒ දෙන්නා දේශපාලන හේතුමත ලොකු තරහකින්ලු ඉන්නෙ. වතුකරේ බලය පෙන්නන්නයි මේ ගැටුම තියෙන්නෙ. වතුකරේ දිග - බර හොඳට දන්න හිටපු ඇමැතිගෙ පට්ටම අලුත් ආණ්ඩුව යටතෙ ලැබුණෙ අරුම පුදුම වැඩකරන මෑන් කෙනෙකුට.

ඔන්න සුබ නැකතින් උන්නැහේ තමන්ගෙ ඇමැති කන්තෝරුවෙ වැඩ භාරගන්න ආව. ඇවිල්ලා ඉස්සරවෙලාම කැඳෙව්වෙ එයාගෙ ලේකම් තැන.

ලේකම් තැන ගෙන්නල අලුත් ඇමැති දුන්නෙත් අරැම පුදුම උපදෙසක්... එයා ලේකම්ට කිව්වෙ මෙහෙමයි.

ලේකම් මහත්තයා මෙතන හිටපු ඇමැති පාවිච්චි කළ දේවල් මට හරි පිළිකුල්... මිනිහ වැඩකළ මේසෙ... වැඩිවෙලා හිටපු පුටුව... පාවිච්චි කළ ටෙලිෆෝන් එක අතින්වත් අල්ලන්න මම කැමැති නැහැ. ඒ හින්ද වහාම මේව මාරු කරල අලුත් බඩු ඒවට ගන්න... එච්චර විතරක් නොවේ ඔය මනුස්සය පාවිච්චි කළ කාර් එකත් මට එපා...

ආදී වශයෙන් අලුත් ඇමැති කියනකොට ලේකම් තැන කිව්වා සර් කාර් එක අලුත්. හුඟක් වටින එකක්* කියලා... ඒත් අලුත් ඇමැතිට ඒක අරහංලු.

එයා ගිය වාහනේ යනවද අයිෂෙ මම. මට ගන්නව අලුත් එකක්... ඇමැති තැන කිව්ව. ලේකම්තුමා නිහඬ වුණා. දැන් ඉතින් ඇමැතිතැනට අලුත් බඩු සොයනවලු.