2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ඩි-වෝස් මෑන්ගෙ නමස්කාරේ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 645

රාජපක්ෂ ආණ්ඩුව තියන කාලෙ ආණ්ඩුව ඇතුළෙ හොඳ හොඳ සෙල්ලම් පෙන්නපු කෙළිකාරයෙක් හිටියා. ආණ්ඩු වෙනසින් පස්සෙ උන්නැහේ වාෂ්පවෙලා ගියා. පක්ෂ මාරු කළ, හිටපු ලොකු තැනලට එරෙහිව ගතු කිව්ව බවටත් දොස් කිව්ව බවටත් එයාලට තොරතුරු ලැබිල තිබුණා.

කොහොමින් කොහොම හරි මහින්දලගෙන් ඩි-වෝස් වෙලා රජයේ රැකවරණ යටතෙ හිටපු උන්නැහේට ඊයෙ පෙරේදා ආයෙමත් හිටපු ලොකු තැන මතක් වෙලා. හැබැයි ඒ මතක්වීම සිද්ධවෙලා තියෙන්නෙ උන්නැහේ ආයෙමත් රටේ දෙවැනි බලවත් පුටුවට පත්වුණාට පස්සෙයි.

ඉතින් මේ ඩි-වෝස් වෙලා හිටපු ගෝලය දවසක් උදේ හොරගල් අහුල අහුලා විජේරාමෙ හිටපු ලොකු තැනගෙ නිලමැඳුරට ගෑටුවා... ආරක්ෂක අංස ඒ හැටි මනාප වුණේ නැතත් එයාට මන්දිරේ දොරකඩ ළඟට යන්න ඉඩ ලැබුණ කියමුකො...

ඊට පස්සේ කාමරේ තිබුණ සාකච්ඡාවක් ඉවර කරලා හිටපු ලොකුතැන එළියට ආවා... දොර ළඟ හිටගෙන හිටපු ඩි-වෝස් වෙලා හිටපු හාදය එකපාරටම හතර ගාතෙ දාලා වැඳවැටුණ. හ්ම් කියලා ඒ දෙස බලාපු හිටුප ලොකු තැන මුකුත්ම නොකියා ඉක්මන් ගමනින් ගිහින් නිල රථයට නැංගා....

ගුරු-ගෝල සම්බන්ධකම අලුත්වැඩියා කරගන්න ආපු ඩිවෝස් මෑන් වටපිට බල බලා හෙමින්ම මාරැවුණේ ලැබුණු පිළිගැනීම හොඳ මදි නිසයි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00