2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ඉල්ලීම සැර වැඩිලු

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 487

මේ දවස්වල පක්ෂ මාරු කතා හැමතැනම. දැනට අලි පාටියත් එක්ක සන්ධානගතවෙලා ඉන්න කස්ටියට ලොකු ඉල්ලුමකුත් තියෙනව. ඒ නිසා පුළුවන් වෙලාවෙ මස් රාත්තලම ගන්න හදන උදවිය නම් අඩුවක් නැහැල්ලු.

අලි පාටිය ආණ්ඩුව හදපු කාලෙ එතෙන්ට සැට්වෙලා හිටපු වතුකරේ වගේම කොළඹත් දේශපාලනේ කරන එක්තරා පක්ෂයක නායක සයිස් කෙනකුටත් පසුගියදා අලුත් ආණ්ඩුවට එන්න කියන ආරාධනාව ලැබුණ. ඔන්න ඒ පාර උන්නැහෙත් එක්ක පොහොට්ටු ලොක්ක රහසිගත කතාවකුත් පටන් ගන්න කියමුකො...

පොහොට්ටු රජයට උදව් කරන්න නම් මට මේව මේව.. මේව ඕනය කියල මේ පක්ෂ නායක සයිස් උන්නැහේ ප්‍රකාශ කළා. නොයෙක් වරප්‍රසාද වාසි වගේම ඉහළම පට්ටම් ගණනාවකටත් ඉල්ලීම් ලැබුණා. ඊට පස්සෙ එකඟතාවකට එන්න නම් මේ පක්ෂ නායක සයිස් උන්නැහේට ඕන කරන පට්ටම මොකද්ද කියල ඇහුව.. එතකොට උන්නැහේ කිව්වෙ අපේ පාක්ෂිකයො සතුටු කරන්න නම් මට වෙළෙඳාම බාරදෙන්න කියලයි. වෙළෙදාම නැත්නම් වෙන මොකුත් එපා කියලත් “සත්තමක්” දාලා.

ඊට පස්සෙ පොහොට්ටු ලොක්කො කීවෙ “අනේ ඒක නම් බැහැ. වෙන දෙයක් ගනිමු” කියල.. ඒත් ඒකට පක්ෂ නායක තැන ඔරොප්පුවෙලා යන්න ගියාලු... එහෙම ගියාට දැන් එයාට තනතුරක් නැතුව ඉන්නත් බැරිලු. ඒ නිසා ගෙදරට වෙලා “මනෝ” ගහගෙන රටේ දෙවැනි මහත්තයට ආයෙමත් කොක්ක ගහන විදියක් සොයන බව ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00