2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පට්ටම නැතුව දුකෙන් ඉන්නවලු

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 531

අලි පාටියෙ තරුණ මන්තිරි උන්නැහේ කෙනෙකුට තවමත් තමන් බලාපොරොත්තු වෙන ආසනේ සංවිධායකකම දීලා නැතිලු... ඒ නිසා උන්නැහේ මේ දවස්වල ඉන්නෙ ඉහළ තැන් එක්ක පරලවෙලා කියලා ආරංචියි.

බස්නාහිර පළාතෙන් පත්වුණ මුන්නැහේ පිය උරුමෙන් දියවන්නා කවුන්සිලේට පත්වුණ කෙනෙක්... එයාගෙ පියා සෑහෙන කලක් නියෝජනේ කරපු ප්‍රසිද්ධ ඇළකට සම්බන්ධ ඡන්ද කොට්ඨාසෙ සංවිධායක පට්ටම ලබාගන්න මෙයා කොපමණ ට්‍රයි කළත් ලොකු තැන්වලින් ලොකු ප්‍රතිචාරයක් නැහැ කියලයි උන්නැහේ කියන්නෙ....

ඒ ජරමර අස්සෙ උන්නැහේගෙ ප්‍රතිපාදනවලින් හදාපු පාරක් පළාතෙ වෙනත් සංවිධායකයෙක් ලොකු උත්සවයක් තියල බලෙන් විවෘත කළාලු....

ඒකටත් මේ තරුණ මන්තිරි තැනට මල පැනලා.... ඒ ගැන ඉහළට පැමිණිල්ලකුත් කළා. ඒත් ඉහළින් ඒ පැමිණිල්ල සත පහකට ගණන් ගත්තෙත් නැහැ කියලා උන්නැහේ දුක්වෙනවා.

උන්නැහේ මේ හුටපට නිසා කොච්චර කලකිරිලද කියනවා නම් තමන් ඉගෙන ගත්ත වෙදකම කරගෙන හිටිය නම් මීට වඩා හොඳයි කියලත් තැන් තැන්වල කියනවලු....