2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ටිකට් එක ඇදෙන හැඩ!

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 543

රටේ ඉන්න ලොකු තැන විවේචනය කරන ඇමැති සයිස් පොරකට ළඟදීම ටිකට් එක ඇදෙන්නලු යන්නේ. එයාට රතු ලයිට් එක පත්තුවෙලා තියෙද්දිත් එයා කියන දේ අහන්නේ නැතුව තවත් තව තවත් මහතැනගේ ගුණදොස් කියන්න ගිහින් මහතැනගේ රතු කට්ට පැනලලු තියෙන්නේ. මේකට වටේ ඉන්න උපදේශක මහත්තුරු ටිකත් හොඳට ප්‍රශ්නේ වවන්න පොහොර එහෙම දාලලු.

මේ උපදේශක මහත්වරු ලොකු තැනට කියලලු සර්ට බැණ බැණ ඔය හාදයට සර් එක්ක වාඩිවෙන්න දෙන්න එපා* කියලා. වහාම මණ්ඩලෙන් අයින් කරන්න කියලා. ඉතින් ලොකු තැන දැන් හිතනවලු මොකද කරන්නේ කියලා. හැබැයි ලොකු තැන තීරණයක් අරගන්නලු යන්නේ මෙයා ගැන. ආරංචි හැටියට මෙයාගේ කැබිනට් පට්ටම් විතරක් නෙමෙයි තරැ පටිත් ගැලවෙන්න යන්නේ කියලයි ආරංචිය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00