2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

දුක කියන්නෙ කාටද?

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 834

ආණ්ඩුවෙ ඉන්න එක්තරා පක්ෂ නායකයෙක් තැන් තැන්වල හිටපු ලොකු තැනගෙ ගුණ ගායනා කරන්න පටන් අරන් කියල ආරංචියි... විල්-පත්තුවක් ගැන කියනකොට ටක්ගාලා නම මතක්වෙන මුන්නැහේට විරැද්ධව තියෙන බලවේග ගැන කොච්චර ඉහළට කරුණු කීවත් ඒව අහන්න කෙනෙක් නැතිලු...

පසුගිය දවස්වල ප්‍රසිද්ධ වුණු නාමල් කුමාර උන්නැහේගෙ හඬපටියෙත් තමන් ගැන යම් යම් තොරතුරු තිබිලය කියල උන්නැහේට දැනගන්න ලැබිලා. පවතින තත්ත්වය යටතෙ තමන්ට දේශපාලන අනතුරක් ඇතැයි සැකකරන මෙතුමා අපිට දැන් අපේ දුක කියන්න කෙනෙක් නැහැ කියල ළතවෙවී ඉන්නවලු...

මේ කතාව දැනගත්ත හිටපු ලොකු තැනගෙ ගෝලබාලයො දැන් ඈත ඉඳන් බිලීකොක්ක ලෑස්ති කරන්නෙ වෙලාව ආවම මාළුව බාගන්න පුළුවන්ද කියල බලන්නලු... දැන් මේ දෙගොල්ලො අතරෙ බොහොම සීග්ගරේට ටෙලිෆෝන් කතාබහ සිද්ධවෙන බවත් ආරංචියි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00