2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

එතුමා දුක කිව්වලු

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 838

ආණ්ඩුවෙ ඇමැති නෝනා කෙනෙක්ගෙ පවුලේ මංගල උත්සවයක් පසුගියදා කොළඹ තරැහෝටලේක තිබුණා... ඇමැති නෝන අලි පාටියෙ වුණත් පාටි දෙක තුනකම උදවියට මංගල උත්සවේට ආරාධනා කළා...

රටේ ලොකු මහත්තයා අලි පාටියෙ ලොකු මහත්තය වගේම හිටපු ලොකු තැනත් ප්‍රධාන ආරාධිතයෝ අතරේ හිටපු බව පෙනුණා.

මුලින්ම උත්සව සභාවට ආවෙ රටේ ලොකු මහත්තයා... උන්නැහේ එනකොට අනෙක් ප්‍රධාන ආරාධිතගෙ කවුරුවත් නැතිනිසා ඒ වෙලාවෙ උත්සවේට ඇවිත් හිටපු ආණ්ඩුවෙ එක්තරා ජ්‍යෙෂ්ඨතම වියපත් ඇමැති සයිස් මහත්තයෙක් ලොකු මහත්තය ළඟින් ඇවිත් වාඩිවෙනවා පෙනුණා...

ඒ මේසේ තව ප්‍රභූන් දෙතුන් දෙනෙකුත් හිටියා... ඒ අස්සෙ මෙතන අමුතු වැඩක් සිද්ධ වුණා කියලයි ආරංචි...

රටේ ලොකු මහත්තය ළඟින් වාඩිවෙච්ච අලි පාටියෙ ජ්‍යෙෂ්ඨය ලොකු කතාවක් පටන් ගත්ත බව අහල පහළ උන්න අයටත් ඇහුණ.

කතාවට නිමිත්ත වුණේ ආණ්ඩුවෙ බලවත්ම තනතුරක් දරන උන්නැහේ කෙනෙක්ලු... උන්නැහේගෙ වැඩකටයුතු ගැන අදහස් දක්වපු මේ ජ්‍යෙෂ්ඨය එයාට හතර අතේ නෙලුව කියලයි ආරංචි... බොහොම සැර භාෂාවෙන් කළ මේ විවේචනේදි එයාට අගමුල මතක නැහැ කියල කියමින් ජ්‍යෙෂ්ඨ ඇමැති තැන ආඩ පාලි කියන්නත් ගත්තලු.

මේ කතාබහ බරසාරෙට යද්දි හිටපු ලොකු තැන සභාශාලාවට ආවා... ඒ එක්කම තමන් මෙතෙක් කර කර හිටපු සැරකතාව නවත්තපු ඇමැති තැන පට්ගාල එතැනින් මාරුවෙලා ගියා...